Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    හඳුන්නෙත්ති සහ චතුරංග අබේසිංහ ඉලක්ක කරගනිමින් හුවමාරු වූ ව්‍යාජ පුවත් පෙළක්!

    2023-04-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා අලල ජාතික ජන බලවේගයේ, ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් අළළා පළ කරන ලද අසත්‍ය සහ නොමග යන සුළු සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Face

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    කාලීන මාතෘකා අලල ජාතික ජන බලවේගයේ, ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් අළළා පළ කරන ලද අසත්‍ය සහ නොමග යන සුළු සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    1. “IMF ණය ගැනීම නිසා විදෙස් ගත ලාංකිකයන් ඉන්නෙ දෙගිඩියාවෙන්. ඔවුන් හම්බකරලා එවන මුදලට අඩු වටිනාකමක් ලැබෙන නිසා. ඉදිරියට ඔවුන් මුදල් ලංකාවට එවන එකක් නැහැ.”  යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ප්‍රකාශ කළ බවට දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන සඳහා දක්වා තිබූ බොහෝ දෙනෙක් උපහාසාත්මකව අදහස් දක්වා තිබු අතර දැක්වූ ඇතැම් ප්‍රතිචාර වලින් පෙනී ගියේ මෙය සත්‍යයක් බවටත් ඇතැමුන් උපකල්පනය කර ඇති බවයි. 

    අප මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ප්‍රථමයෙන් ම හඳුන්නෙත්ති මහතා විසින් මෙවන් ප්‍රකාශයක් කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න පරීක්ෂා කළ බැලුවා. නමුත් අපට එවැනි ප්‍රකාශයක් සුනිල් මහතා විසින් කළ බවට දැක ගන්නට නොලැබුණි.

    මේ හේතුවෙන් ඔහු මෑතකාලීන ව ඔහු සහභාගී වූ ජාතික රූපවාහිනි නාලිකා වැඩසටහන් ඔස්සේ ද, IMF සම්බන්ධයෙන් ඔහු අදහස් දැක්වූ අවස්ථාවක් වෙත ද, අපගේ අවධානය යොමු වූ අතර නමුත් ඉහත සදහන් ආකාරයේ ප්‍රකාශයක් ඔහු කළ බවට දැක ගන්නට නොලැබුණි. එම වැඩසටහනේ IMF සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශය මෙතනින්.

    කෙසේ වෙතත් අප මේ පිළිබඳව සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් ද විමසීමක් කළ අතර ඒ මහතා තහවුරු කළේ, තමන් ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් නොකළ බවයි.

    1. ජාතික ජන බලවේගයේ චතුරංග අබේසිංහ විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙසට “පවතින ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ජාතික ජනබලවේගය විසින් අද මුල් පියවරක් තැබුවා. එන ජනතා විමුක්ති පෙරමු‍ණේ මන්ත්‍රීවරුන් 50කට වැඩි පිරිසක් මෙතෙක් ලබා ගන්නා ලද මන්ත්‍රී විශ්‍රාම වැටුප් 2023 අප්‍රේල් මස සිට නැවත භාණ්ඩාගාරයට හරහා යැවීමට අප ප්‍රතිපත්තිමය තීරණයකට එළඹුණා” යනුවෙන් සටහනක් ද, සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link Facebook 

    චතුරංග අබේසිංහ මහතා විසින් ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් කළා ද, යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පත් හා මෑතකදී ඔහු විසින් සහභාගී වූ දේශපාලන වේදිකාවේ ප්‍රකාශයක් සිදු කළා ද, යන්න පිළිබඳව අප පරීක්ෂා කළත්, අපට ඔහු විසින් සඳහන් කළ බවට කියන එම ප්‍රකාශය දැක ගන්නට නොලැබුණි.

    නමුත් ඉහත ඡායාරූප සටහනේ ආකෘතියට 2022 මැයි 16 වන දා චතුරංග අබේසිංහ මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළ වී තිබුණා. එම සම්පූර්ණ සටහන මෙතනින්.

    Facebook | Archived Link

    කෙසේ වෙතත් අප ඉහත සමාජ මාධ්‍ය සටහන පිළිබඳ චතුරංග අබේසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, තමන් එවන් ප්‍රකාශයක් සිදු නොකළ බව ත්, අසත්‍ය සටහනක් නිර්මාණය කර ඇති බවත්ය.

    අප මේ පිළිබඳ වැඩිදුර සිදු කළ විමර්ශනයේදී ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතා පවසා සිටියේ ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී වැටුප සහ විශ්‍රාම වැටුප පක්ෂ අරමුදලට පැමිණෙන බව ත්, ජාතික ජන බලවේගයේ විශ්‍රාම ගිය මන්ත්‍රීලා මෙතෙක් නොමැති බවත් ය.

    Also Read: ජාතික ජනබලවේගය සහ එහි නායකත්වය අළලා පළ වූ නොමග යන සුළු සටහන්!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-04-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.