Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check: විමල් වීරවංශගේ ඇමතිවරයාගේ බිරිඳ බ්ලූ මවුන්ටන් අධිපති සමඟ පැනගිය බවට පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

    2021-02-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වත්මන් රජයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය දින කිහිපයේ දී දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි වශයෙන් කතාබහට ලක් වී තිබුණා.  මේ අතර අමාත්‍යවරයාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය, හිරාන් හෙට්ටිආරච්චි නමැති ව්‍යාපාරිකයෙකු සමඟ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවට සටහන් ප

    වත්මන් රජයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය දින කිහිපයේ දී දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි වශයෙන් කතාබහට ලක් වී තිබුණා. 

    මේ අතර අමාත්‍යවරයාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය, හිරාන් හෙට්ටිආරච්චි නමැති ව්‍යාපාරිකයෙකු සමඟ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවට සටහන් පෙළක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. අපගේ විමර්ෂණයෙන් අනාවරණය වුයේ මෙම සටහන් සියල්ල ම සම්පුර්ණයෙන්ම ව්‍යාජ පුවත් පෙළක් බවයි.

    සමාජ මාධ්‍ය සටහන්:

    “විමල් වීරවංශගේ ඇමතිවරයාගේ බිරිඳ බ්ලූ මවුන්ටන් අධිපතිවරයා වන හිරාන් හෙට්ටිආරච්චි සමඟ පැනගොස් ඇති බව ඔවුන්ගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අරගලයේ එක් පාර්ශවයක් වන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පසුගිය සමය තුල පුවත් මැවූ බිරිඳ හදිසියේම ඉහත කී ව්‍යාපාරිකයා සමඟ පැනගොස් ඇති බව වාර්තා වී තිබේ.

    මෙම ව්‍යාපාරිකයා ඉහත කී කැබිනට් අමාත්‍යවරයාගේ බිරිඳ සමඟ සම්බන්ධතාවයක් ගොඩනංවාගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇය කැබිනට් අමාත්‍යවරයා අතහැර ව්‍යාපාරිකයා සමඟ ජීවත් වීමට තීරණය කර ඇත.” යනාදී වශයෙන් විස්තරයක් සහිතව පළවූ එම සටහන පහතින්.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\Wimal Weerawansa\e2008dd3-69ed-4ebd-97ac-847b35c9dcb6.png

    Facebook | Archived   Facebook | Archived

    Nirnamika Sithuwili / නිර්නාමික සිතුවිලි නම් ෆේස්බුක් පි‍ටුවක් විසින්ද මෙම පුවත පල කර තිබුනු අතර 100කට වැඩි පිරිසක් මෙම පුවත ශෙයාර් කරගෙන ඇති බවක් අපට දකින්නට තිබුනා.

    Facebook | Archived   Facebook | Archived

    මෙම පුවත් සඳහා මුල් වී තිබු SLSTORY නම් වෙබ් අඩවිය එම පුවත පෙබරවාරි මස 11 වන දින වන විටම ඉවත් කරගෙන තිබු බවද නිරීක්ෂණය වුනා.

    මෙම කරුණ පිලිබඳව වැඩි දුරටත් තොරතුරු සොයා බැලීමට Factcrescendo අප තීරනය කලා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිලිබඳව කරුණු සොයා බැලීමට විමල් වීරවංශ මහතාගේ මාධ්‍ය ඒකකය සම්බන්ධ කර ගත්තා. එහිදී විමල් වීරවංශ මහතාගේ මාධ්‍ය අංශයෙන් තහවුරු කලේ මෙම පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජ පුවතක් බවත් විමල් වීරවංශ මහතාගේ බිරිඳ,  දරු දෙදෙනාද සමඟ නිවසේ සිටියි. විමල් වීරවංශ මහතාව අපහසුතාවයකට පත් කිරීමේ අරමුණින් සිදු කරන පහත් ආකාරයේ මඩ ප්‍රචාරයක් බව ද පවසා සිටියා.

    තමාට එරෙහි අපහාසාත්මක වාර්තා පිළිබඳ විමර්ශනයක් කරන ලෙස පවසමින් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශශී වීරවංශ මහත්මිය සී.අයි.ඩී වෙත පැමිණිල්ලක් කර ඇති බවට මෙරට ප්‍රධාන පෙලේ මාධ්‍ය වාර්තා කර තිබුනා. 

    News First | Mawbima

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිනිල්ලක් සිදු කිරීමෙන් පසුව ඇය මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබුනා.

    තමන් වෙනත් පුද්ගලයෙක් සමග රටින් පලාගිය බව පවසමින් පසුගිය දින කිහිපයේ සමාජ ජාලා වලින් අසත්‍ය පුවත් පලව ඇති බවත් ඒ හේතුවෙන් තමන් සහ තම දරු දෙදෙනා මානසික වශයෙන් හිංසනයට පත්වූ බවත් ඒ පිලිබඳව වැඩි දුරටත් පරීක්ෂණ සිදුකර වැරදිකරුවන් වෙත දඬුවම් ලබා දෙන ලෙස ද ශෂී වීරවංශ මහත්මිය ඉල්ලා සිටි බවට ද අපට දැකගන්නට ලැබුනා.

    එම වීඩියෝ සටහන පහතින්.

    https://www.facebook.com/Liveat8.lk/posts/10159116915481788?__cft__[0]=AZXzIu0N9r5-O5S_81cySl6kqXM8354cH2iHpUbuiRDWtMl0P7H3AKhweVLnex6C07WAf0EndQ8_pZUsNnp6RJpL1jjsZ0lM1niEzzJohRT8a0HoV61e__mbLtAcg6UxEYBfLclLxQ2xN_kJ7l39NzFCbdpff3QCMB_M_HfkqcWT-A&__tn__=%2CO%2CP-R

    Swarnawahini | Hiru News

    ඇය කිසි දිනෙක දැක නැති පුද්ගලෙකු සමග විදෙස්ගතවූ බවට පල වන මෙවන් පහත් ආකාරයේ ව්‍යාජ පුවත් හෙළා දකිමින් ශෂී වීරවංශ මහත්මිය පවසා සිටින්නේ මේ පිලිබඳ නීතිමය ක්‍රියාමාර්ග ඉක්මනින් ක්‍රියාත්මක වේ යයි බලාපොරොත්තු වන බවක්

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු අනුව පෙනී යන්නේ විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ව්‍යාපාරිකයෙක් සමඟ මෑතක දී පැනගොස්  තිබු බවට පැතිරෙන පුවත සම්පූර්නයෙන් අසත්‍ය පුවතක් බවයි. මේ වනවිටත් ශෂී වීරවංශ මහත්මිය මෙරට සිටින අතර මෙසේ වැරදි පුවත් සමාජගත කිරීම පිලිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යොමුව ඇති බවත් අපට තහවුරු කල හැකියි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-02-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.