Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ප්‍රංශ ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය හෙළා දකින බවට අනුර දිසානායක ප්‍රකාශ කළේ නැහැ!

    2023-07-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉතිහාසයේ පළමු වරට ප්‍රංශ ජනාධිපතිවරයෙක් අද දින රාත්‍රියේ දී කෙටි කාලයකට ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර ප්‍රංශ ජනාධිපති මැකරොනගේ මේ ආකාරයට පැමිණීම හෙළා දකින බවට ජාතික ජන බලවේගය විසින්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ඉතිහාසයේ පළමු වරට ප්‍රංශ ජනාධිපතිවරයෙක් අද දින රාත්‍රියේ දී කෙටි කාලයකට ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර ප්‍රංශ ජනාධිපති මැකරොනගේ මේ ආකාරයට පැමිණීම හෙළා දකින බවට ජාතික ජන බලවේගය විසින් ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂණයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අධිරාජ්‍යවාදී ගෝලීය ප්‍රාග්ධනයේ බළල් අතක් වූ ප්‍රංශ ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය හෙළා දකිමු” ජාතික ජන බලවේගය විසින් පළ කළ සටහනක් බවට දක්වමින් ෆේස්බුක් සටහනක් සංසරණය වුණා.

    ඒ පිළිබඳ අදහස් දක්වමින් එම සටහනේ සඳහන් කර තිබුණේ, “අනුර ධනවාදී ඕස්ට්‍රේලියාව, ඇමරිකාවට , යුරෝපයට ගියාට අව්ලක් නෑ හැබැයි… .. රාජ්‍ය නායකයන් ලංකාවට එන්න බෑ ඒවා හෙලාදකිනවා .මුන් දේශද්‍රෝහි නෙවෙයිද”

    Facebook | Archived Link

    එමෙන් ම තව ත් සටහනක දැක්වුණේ, “අනුරට ධනවාදී ඕස්ට්‍රේලියා ගිහින් කැන්වස් කරන්න හොදයි ධනවාදී ප්‍රංශ ජනාධිපති ලංකාවට එන එක නරකයි” යනුවෙනි.

    Facebook | Archived Link

    මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා වනාටු සහ පැපුවා නිව්ගිනියා සංචාරය නිමකර නැවත ප්‍රංශය බලා ගමන් කිරීමට පෙර අද(28) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

    ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ යුරෝපය සහ විදේශ කටයුතු පිළිබඳ ප්‍රංශ අමාත්‍ය කැතරින් කොලොනා සහ ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ දූත පිරිසක් ද සහභාගි වීමට නියමිතය.

    ප්‍රංශ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනා කෙටි කාලය තුල ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බවත්, ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරයේදී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව රාජ්‍ය නායකයින් දෙදෙනා අතර නිල සාකච්ඡාවේදී අවධානය යොමු කරන අතර ගෝලීය, ආර්ථික සහ දේශපාලන කටයුතු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරන බවත්, මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයකින් සඳහන් කර තිබුණේ මෙලෙසින්. Archived Link

    කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් ප්‍රංශ ජනාධිපතිගේ පැමිණීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් දක්වා ඇත් ද යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ වාර්තා පරීක්ෂා කර බැලූ අතර ඔහු විසින් එවන් ප්‍රකාශයක් කර බවට දැක ගන්නට නොලැබුණි.

    ඉන් අනතරුව අප ජාතික ජන බලවේගයේ අනෙකුත් සාමාජිකයන් විසින් හෝ ප්‍රංශ ජනාපතිගේ ශ්‍රී ලංකා සංචාරය හෙළා දකින බවට ප්‍රකාශයන් සිදු කළ ඇත් ද යන්න හා ඒ සම්බන්ධයෙන් ඉහත දක්වා ඇති ලෙස ෆේස්බුක් සටහන් පළ කර තිබුණේ ද, යන්න ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටු හරහා ද, අප විමර්ශනය කරනු ලැබූ අතර එවැනි සඳහනක් පිළිබඳ අපට දැක ගන්නට නොලැබුණි.

    මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන් ද, විමසීමක් සිදු කළා. ඔහු සඳහන් කළේ, අනුර කුමාර දිසානායක මහතා විසින් හෝ පක්ෂය විසින් ප්‍රංශ ජනාධිපතිගේ ලංකා සංචාරය පිළිබඳ විරුද්ධත්වයක් ප්‍රකාශ කර නොමැති බවත්, එම ෆේස්බුක් සටහන් අසත්‍ය බවත් ය.

    එසේම පසුගිය මැයි මාසයේ දී අනුර කුමාර දිසානායක මහතා ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්‍රාන්සුවා පැක්ටෙට් අතර හමුවක් ද පැවති අතර එහිදී ලංකාවේ දැනට පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වය ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු වී තිබුණි. එසේම ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර රාජ්‍යතාංත්‍රික සබඳතාවන්ට මෙම වසරේදී අවුරුදු 75ක් සම්පූර්ණ වීම පිළිබඳව සැලකිල්ලට ලක් කරමින්, ජාතික ජන බලවේගය විසින් අඛණ්ඩ ශ්‍රී ලංකා – ප්‍රංශ සබඳතාවට සුබපැතුම් පිරිනැමීමක් ද එම අවස්ථාවේ සිදුවූ බවට සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතාගේ ෆේස්බුක් සටහනක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ජාතික ජන බලවේගය විසින් ප්‍රංශ ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය හෙළා දකින බවට පළ වූ සටහන් අසත්‍ය බවයි. ජාතික ජන බලවේගයේ නායක මෙන්ම අනෙක් සාමාජිකයන් විසින් එවන් ප්‍රකාශයක් සිදු කර තිබුනේ නැති අතර පක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරක ද, තහවුරු කළේ එය අසත්‍ය සටහනක් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-07-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.