Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අද රාත්‍රී 12.00 සිට පෙට්‍රල් මිල අඩු වනවාද?

    2022-08-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පෙට්‍රල් මිල අඩුවන බවට අද දෙරණ කෙටි පුවත් සේවය මගින් පණිවිඩයක් නිකුත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් කිහිපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : අද දිනයේ (අගෝස්තු 01) ද

    අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පෙට්‍රල් මිල අඩුවන බවට අද දෙරණ කෙටි පුවත් සේවය මගින් පණිවිඩයක් නිකුත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් කිහිපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    අද දිනයේ (අගෝස්තු 01) දහවල් 12.00 සිට ඉන්ධන මිල අඩු කරන බවටත් ඒ අනුව, ලීටරයක නව මිල පෙට්‍රල් ඔක්ටේන් 92 මිල රු. 330.00, ඔක්ටේන් 95 රු. 430, ඔටෝ ඩීසල් රු. 230.00  සහ සුපර් ඩීසල් රු. 300.00 දක්වා අඩුවන බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සඳහන් කළ බව දක්වමින් අද දෙරණ කෙටි පුවත් සේවාව මගින් නිකුත් කළ පණිවිඩයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.

    Facebook | Archived Link

    WhatsApp ඔස්සේ ද, එම පණිවිඩය සංසරණය වූයේ මෙලෙසින්.

    එම සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ හුවමාරු වූයේ මේ අයුරින්.

    එමෙන්ම තවත් සටහනක දැක්වූයේ පෙට්‍රල් සහ ඩීසල් මිල රු.150කින් පහලට යනුවෙන් පසුගිය 28 වන දා සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් වල දැක්වෙන ලෙස සත්‍ය වශයෙන්ම ඉන්ධන මිල අඩු වනවාද යන්න පිළිබඳ අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉන්ධන මිල අඩු වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල වරින් වර මතු කෙරූ කරුණ සම්බන්ධන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ ද, යන්න පිළිබඳව අප නිරීක්ෂණය කළද, එවැනි සඳහනක් ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා වාර්තා නොවුණි.

    එමෙන්ම විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ද, සිය නිල Twitter ගිණුම ඔස්සේ හෝ ඉහත සඳහන් මිල ගණන් යටතේ ඉන්ධන මිල ඉහත සඳහන් මිල යටතේ අඩුවන බවට දක්වා නොතිබුණු බවට අප කළ නිරීක්ෂණයේදී තහවුරු විය.

    එමෙන්ම අද දෙරණ කෙටි පුවත් සේවයේද, එවැනි පණිවිඩයක් නිකුත් කර නොතිබුණි බවට අප කළ නිරීක්ෂණයේදී තහුවුරු වුණා.

    කෙසේ වෙතත් අප කළ විමසීමේදී බලශක්ති අමාත්‍යයවරයා සඳහන් කළේ, අද රාත්‍රී 10.00 සිට ඩීසල් මිලෙහි වෙනසක් සිදු වන බවයි.

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව නීතිගත සංස්ථාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අද(01) රාත්‍රී 10.00 සිට බලපැවැත්වෙන පරිදි ලංකා සුදු ඩීසල් සංශෝධනය කිරීමට පියවර ගත් බවයි.

    සංශෝධන සුදු ඩීසල් මිල පෙර පැවති මිල වන රු.440 ක මිල රු.10 කින් අඩු කර ඇති අතර ඒ අනුව සුදු ඩීසල් ලීටරයක මිල රු.430 කි.

    එමෙන්ම අනෙකුත් ඉන්ධන මිලයන් හි කිසිදු වෙනසක් සිදු නොවන බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

    එම නිවේදනය පහතින්.

    20220801-CPC-press-release_220801_183710

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, අද දිනයේ (අගෝස්තු 01) දහවල් 12.00 සිට ඉන්ධන මිල අඩු කරන බවටත් ඒ අනුව, ලීටරයක නව මිල පෙට්‍රල් ඔක්ටේන් 92 මිල රු. 330.00), ඔක්ටේන් 95 රු. 430, ඔටෝ ඩීසල් රු. 230.00  සහ සුපර් ඩීසල් රු. 300.00 දක්වා අඩුවන බවට පළ වූ සටහන් අසත්‍ය වේ.

    අද(01) දිනයේ ඩීසල් මිල පමණක් රු.10 කින් අඩු වූ බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම අනෙකුත් ඉන්ධන වල මිල ගණන් වල කිසිදු වෙනසක් සිදු නොවේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-08-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.