Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මුද්‍රණයට පෙර ඉංග්‍රීසි මොඩියුලය ගැන නොකිව්වේ ඇයි දැයි, අගමැතිනිය විපක්ෂයෙන් ප්‍රශ්න කළා ද?

    2026-01-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලය පිළිබඳ කතාබහ තවමත් රටේ සාකච්ඡාවට බදුන් වන ප්‍රධානතම මාතෘකාවක්. මේ අග්‍රාමාත්‍යතුමිය විසින් මෙම මොඩියුලය සම්බන්ධයෙන් සිදු කළ බව කියමින් සමාජ මා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලය පිළිබඳ කතාබහ තවමත් රටේ සාකච්ඡාවට බදුන් වන ප්‍රධානතම මාතෘකාවක්. මේ අග්‍රාමාත්‍යතුමිය විසින් මෙම මොඩියුලය සම්බන්ධයෙන් සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය ආන්දෝලනාත්මක සටහනක් පිළිබඳව අප සිදුකළ විමසා බැලීමක්. 

    සමාජමාධ්‍යසටහන්(Social Media Posts) :

    ‘6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය කුඩා ළමයින්ට නුසුදුසුයි නම්, විපක්ෂය එය මුද්‍රණයට පෙර නොකිව්වේ ඇයි?’ යනුවෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ  වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂයෙන්ම ප්‍රශ්න කර ඇති බව කියමින් පළ කර ඇති මෙම ෆේස්බුක් ඔස්සේ සටහන පරිශීලකයින් අතරේ සංසරණය වෙමින් තිබේ.  

    Facebook | Archived Link

    අග්‍රාමාත්‍යවරිය විසින් සත්‍ය ලෙසම මෙවැනි ප්‍රකශයක් සිදු කර ඇතැයි, අනුමාන කරමින් බොහෝ පිරිසක් අදහස් පළ කර ඇති අතර තවත් සැලකිය යුතු පිරිසක් සිය ගිණුම් වෙත ද මෙම සටහන හුවමාරු කර ගෙන තිබුණේ, එය සත්‍යයක් යැයි විශ්වාස කරමිනි. 

    මෙම තේමාවෙන් ම Facebook සහ Twitter ඔස්සේ තවදුරටත් සටහන් පළවීතිබුණේ මේ අයුරිනි. 

    Facebook | Archived Link                        Twitter | Archived Link

    එසේම එම සටහන්හි යොදාගනිමින් විවිධාකාරයේ අපහාසාත්මක සහ උපහාසාත්මක සටහන් පෙළක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුනේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන මෙහි නිර්වද්‍යතාව විමසා ලද ඉල්ලීම් සලකා අප මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදුකිරීමට මෙලෙස පියවර ගත්තා. 

    Fact Check (කරුණුවිමර්ශනයකිරීම) :

    පසුගිය නොවැම්බර් අවසන් දින කිහිපයේ ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා ව්‍යසනය හමුවේ අනතුරු අඟවා තිබියදීත් නිසි ලෙස ව්‍යසනයට මුහුණදීමට පියවර නොගත් බවට විපක්ෂය  ආණ්ඩු පාර්ශවය වෙත විශාල වශයෙන් චෝදනා එල්ල කළේ ය. අනෙක් පසට ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් විපක්ෂයට චෝදනා කළේ, විපක්ෂය ව්‍යසනය පිළිබඳ එතරම් දැන සිටියේ නම්, ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුව තිබූ බවත් ව්‍යසනය ගැන දැනුවත්ව සිට ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම තුළ විපක්ෂය ද ඊට වගකිව යුතු බවත් ය.     

    දිට්වා ව්‍යසනයෙන් පසු රටේ විශේෂ අවධානයක් යොමු වූ  6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය පිළිබඳ ගැටලුව සම්බන්ධව අග්‍රාමාත්‍යවරිය විපක්ෂයෙන් ප්‍රශ්න කර ඇති බවට වන මෙම සමාජ මාධ්‍ය සටහන් සංසරණය වන්නේ ද එවැනි දේශපාලනික පසුබිමක් තුළදී ය. 

    කෙසේ වෙතත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ  වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සමාජ මාධ්‍ය ධාරාවල සංසරණය වන ආකාරයෙන් 6 ශ්‍රේණියේ මොඩියුලයට ද අදාළව ප්‍රකාශයක් සිදු කර තිබේ දැයි  පරික්ෂා කිරීමට, අප මෑතක පළවූ ප්‍රධාන ධාරා මාධ්‍ය වාර්තා  පරීක්ෂාවට ලක් කළා. අග්‍රාමාත්‍යවරිය අවස්ථා කිහිපයකදී ම ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ මොඩියුලයට අදාළව අදහස් පළ කිරීම් සිදු කර තිබෙනු මෙලෙස , මෙලෙස සහ මෙලෙස නිරීක්ෂණය වුවද කිසිදු මාධ්‍යක් විසින් ඊට අදාළව  සමාජ මාධ්‍යෙයේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකර ඇති බවට වාර්තා කර තිබුනේ නැහැ. 

    අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මාධ්‍ය අංශය 

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ  වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මාධ්‍ය ලේකම්වරිය මේ ගැන පැවසුවේ, අග්‍රාමාත්‍යවරිය කිසිදු අවස්ථාවක ඉහත ආකාරයේ ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් සංසරණය වන සටහන් සම්පූර්ණයෙන් ම අසත්‍ය සටහනක් බවත් ය. 

    තව ද මෙම සමාජ මාධ්‍ය සටහන සඳහා යොදා ගෙන තිබු ඡායාරූපය පිළිබඳ අප සිදු කළ සොයා බැලීමේදී එය දෙසැම්බර් 23 වැනිදා අග්‍රාමාත්‍යවරිය කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම සඳහා සහභාගී වූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයක් බව පැහැදිලි විය. තව ද එකී  රැස්වීම පවත්වා ඇත්තේ,  ආපදා තත්ත්වයෙන් පසු කොළඹ දිස්ත්‍රික්කය යථාතත්ත්වයට පත් කිරීමේ සහ 2025 වසරේ බස්නාහිර පළාතේ සංවර්ධන ප්‍රගතිය විමසා බැලීම සඳහා මිස අධ්‍යාපනය හා සම්බන්ධ කරණු සාකච්ඡා කිරීම සඳහා නොවේ. 

    6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් විපක්ෂයෙන් මත 

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දීමට සූදානම් වූ නුසුදුසු වෙබ් අඩවියක නාමයක් සඳහන් වීමේ සිදුවීමට අදාළව විපක්ෂය ඇතුළු විවිධ පාර්ශවවලින් ආණ්ඩු පාර්ශ්වයට දැඩි ලෙස චෝදනා එල්ල වුණා. 

    වෘත්තිය සමිති ප්‍රකාශ කරන්නේ, මෙම ප්‍රතිසංස්කරණ යළිත් සංශෝධනය කළ යුතු බවයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව පොදු සංවාදයක් තුළ වඩාත් විධිමත්ව ක්‍රියාත්මක කළේ නම්, මෙඩියුලයේ අසැබි වෙබ් අඩවියක් පිළිබඳ සඳහන්වීම, මගහරවා ගන්න තිබූ බවයි. 

    6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027ට කල්දැමේ 

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළව මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ  06 වැනි ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණය නැවත සමාලෝචනය කර 2027 වසරේ සිට ආරම්භ කිරීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (13) පැවසී ය. 

    කැබිනට් මාධ්‍ය හමුවේදී  ප්‍රකාශ වූයේ, පළමු ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේදී එලෙසම ක්‍රියාත්මක කරන බවයි. 

    ප්‍රශ්නගත 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කළ විමර්ශන වාර්තාවෙන් ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීමට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද ඇමැති නලින්ද ජයතිස්ස මහතා එදින කියා සිටියා. 

    ජාතික අධ්‍යාපන ආයතනයේ නි. අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යැවේ‍

    ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවා තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. 

    ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාව විසින් එම තීරණයන් ගෙන ඇත්තේ, 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අදාළව පවත්වනු ලබන මූලික පරීක්ෂණයේ අතුරු නිර්දේශ අනුකූලවයි. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැනගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ‘6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය කුඩා ළමයින්ට නුසුදුසුයි නම්, විපක්ෂය එය මුද්‍රණයට පෙර නොකිව්වේ ඇයි’ යනුවෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ  වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරීය ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  පැවති රැස්වීමකට සහභාගී වූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයක් යොදා ගනිමින් සකසන ලද ව්‍යාජ සටහනකි. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2026-01-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.