Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check: නීතිඥ උපුල් කුමාරප්පෙරුම අළලා උපහාසාත්මක කෝණයකින් පළවූ අසත්‍ය සටහන් පෙළක්!

    2021-02-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පාස්කු ප්‍රහාරය හමුවේ සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් බොහෝ දෙනා අවධානයෙන් පසුවෙනවා.  මේ අතර පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගනිමින් විමර්ශන සිදුකළ හිජාස් හිස්බුල්ලා නීතිඥවරයා පසුගියදා රිමාන්ඩ් කිරීම පිළිබඳ පුවත් ප්‍රධාන ධාර

    පාස්කු ප්‍රහාරය හමුවේ සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් බොහෝ දෙනා අවධානයෙන් පසුවෙනවා.  මේ අතර පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගනිමින් විමර්ශන සිදුකළ හිජාස් හිස්බුල්ලා නීතිඥවරයා පසුගියදා රිමාන්ඩ් කිරීම පිළිබඳ පුවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා අපට දැකගන්නට ලැබුණා

    මේ හා සමගම නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා විසින් මෙසේ පාස්කු විමර්ශන සඳහා අත්අඩංගුවට පත්ව සිටින හිජාස් හිස්බුල්ලා නීතිඥවරයා නිර්දෝෂී බවටත් ඔහු සිසුන්ට අවි පුහුණුව ලබා දී ඇත්තේ PUBG ක්‍රීඩාව වෙනුවෙන් බවටත් උපහාසාත්මක කෝණයකින් පළවූ සටහනක් බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා.

    අපගේ කරුණු විමර්ශනයට පැහැදිලි වුනේ එබඳු ප්‍රකාශයක් නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පළ කළ බවට කිසිදු වාර්තාවක් දැක ගන්නට ලැබුණේ නැති අතර එතුමා විසින් ද එය තරයේ ප්‍රතික්ෂේප කර තිබූ බවයි

    සමාජ මාධ්‍ය සටහන්:

    “පාස්කු ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබෙන හිජාස් හිස්බුල්ලා නිර්දෝෂී.. ඔහු දරුවන්ට අවි පුහුණුව ලබා දී තිබෙන්නේ PUBG ක්‍රීඩාව සඳහායි –  නීතිඥ උපුල් කුමාරප්පෙරුම” යන තේමාව යටතේ පළවූ සටහනක් අපට මෙසේ දැක ගන්නට ලැබුණා

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\70 JVP Hijas and AKD\screenshot-www.facebook.com-2021.02.20-16_13_32.png

    Facebook | Archived   Facebook | Archived

    එම සටහනම තවත් බොහෝ දෙනා විසින් ද හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\70 JVP Hijas and AKD\screenshot-www.facebook.com-2021.02.20-20_11_29.png

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    “නීතීඥ හිජාස් හිස්බුල්ලා සහ මද්‍රසා පාසලේ විදුහල්පති රිමාන්ඩ්” යන තේමාවෙන් පලවූ පුවත් සෑම ප්‍රධාන මාධ්‍යක් හරහාම පලවී තිබෙනු අපට දැක ගණනට ලැබුණා. 

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\70 JVP Hijas and AKD\screenshot-apps.crowdtangle.com-2021.02.20-17_19_26.png

    Hiru News | Live at 8

    එහි සඳහන් වී තිබුනේ පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වීම සහ පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීම යන චෝදනා එල්ල වූ නීතිඥ හිජාස් හිස්බුල්ලා  එළඹෙන මාර්තු 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවක්. මේ පිලිබඳ දීර්ඝ වාර්තාවක් අද දෙරණ පළකර තිබුණා Ada Derana

    කෙසේනමුත් හිජාස් හිස්බුල්ලා නිර්දෝශී බවටත්, දරුවන්ට අවි පුහුණුව ලබා දී ඇත්තේ PUBG ක්‍රීඩාව සඳහායි යනුවෙන් නීතිඥ උපුල් කුමරප්පෙරුම සඳහන් කළ ආකාරයේ කිසිඳු පුවතක් දැක ගණනට ලැබුනේ නැහැ.

    PUBG (Player Unknown’s Battlegrounds) යනු දකුණු කොරියාවේ වීඩියෝ ක්‍රීඩා සමාගමක් විසින් නිපදවන ලද අන්තර්ජාලය ක්‍රීඩකයින් අතර ප්‍රකට බහු ක්‍රීඩක සටන් ක්‍රීඩාවකි. PC, Xbox, PlayStation මෙන්ම ජංගම දුරකථනය හරහා ද මෙම ක්‍රීඩාව හා සම්බන්ධ විය හැක.

    Fact Check: Did This Japanese Man Kill His Friend Over A PUBG Game Dispute?

    මේ සම්බන්ධයෙන් අප නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශ පරීක්ෂා කිරීමේදී පහත ෆේස්බුක් සටහන දැක ගන්නට ලැබුණි.

    “මම කිසිදු පුවත්පත් සාකච්ඡාවක හෝ වෙනත් ස්ථානයක හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් මේ ආකාරයේ ප්‍රකාශයක් සිදුකර නැත, කොටින්ම ඔය කියන ක්‍රීඩාව කුමක්ද යන්න හෝ මම නොදනිමි. එසේම මඩ ගසා අපගේ දේශපාලනය නැවැත්විය නොහැකි බව කියා සිටිමි” 

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\70 JVP Hijas and AKD\screenshot-www.facebook.com-2021.02.20-16_16_47.png

    Facebook | Archived

    එසේම මෙම සටහන සඳහා යොදාගෙන තිබු පසුබිම පරීක්ෂා කළෙමු. “20න් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වෙනවා…පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 224ක් ඡන්දය දුන්න සංශෝධනයක් වෙනස් කරන්නේ ඇයි? ජනාධිපතිට හිතේ හැටියට ඇමතිවරු පත්කරන්න පුළුවන් වෙනවට ජනතාව කැමතිද? – නීතිඥ උපුල් කුමරප්පෙරුම” යන තේමාවෙන් 2020 වසරේ සැප්තැම්බර් මස 06 වැනිදා ජාතික ජන බලවේගය මඟින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක පසුබිමක් මේ සඳහා යොදාගෙන තිබු බව පෙනී ගියා. එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්

    පාස්කු ඉරුදින විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටින  උපාලි කුමාරප්පෙරුම මහතා පාස්කු ඉරුදින විමර්ශන රටේ පිළිගත් නීති සම්ප‍්‍රදායක් ඇතුළත සිදුවිය යුතු බව පෙන්වා දෙමින් කරුණු විස්තර කරන ලද වාර්තාවක් මෙතනින් සහ මෙතනින්

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ කරුණු විමර්ශනයට පැහැදිලි වුනේ පාස්කු විමර්ශන සඳහා අත්අඩංගුවට පත්ව සිටින හිජාස් හිස්බුල්ලා නීතිඥවරයා නිර්දෝෂී බවටත් අවි පුහුණුව ලබා දී ඇත්තේ PUBG ක්‍රීඩාව වෙනුවෙන් බවටත් හුවමාරු වන්නේ උපහාසාත්මක කෝණයකින් පළවූ ආසත්‍ය සටහන් පෙළක් බවයි.

    එබඳු ප්‍රකාශයක් නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පළ කළ බවට කිසිදු නිල වාර්තාවක් දැක ගන්නට ලැබුණේ නැති අතර එතුමා විසින් ද එය තරයේ ප්‍රතික්ෂේප කර තිබුණා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    NM

    Nelson Mani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-02-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.