Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: වෛද්‍ය සාෆි වඳ සැත්කම් කරන බව මා මුලින්ම දැනගත්තේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් හරහා – මහාචාර්ය චන්න ජයසුමන?

    2021-01-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් වෛද්‍ය ශාෆි සහබ්දීන් මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ ඇතුළත් සටහන් රැසක් විශේෂයෙන්ම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සමයේ අපට දැකගන්නට ලැබුණා. කෙසේ වෙතත් සාෆි ෂහබ්දීන් වෛද්‍යවරයා වඳ ස

    ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් වෛද්‍ය ශාෆි සහබ්දීන් මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ ඇතුළත් සටහන් රැසක් විශේෂයෙන්ම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සමයේ අපට දැකගන්නට ලැබුණා.

    කෙසේ වෙතත් සාෆි ෂහබ්දීන් වෛද්‍යවරයා වඳ සැත්කම් සිදුකළ බව චන්න ජයසුමන මහතා මුලින්ම දැන ගත්තේ නාථ දෙවියන් සහ විපස්සක දෙවියන් මාර්ගයෙන් යන බවක් පුවත්පතක පළවූ ආකාරයට පසුගිය දා හුවමාරු වූ සටහන්, ව්‍යාජ සටහන් බව අපට අනාවරණය වුණා.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

    “සාෆි ෂහබ්දීන් වද සැත්කම් කරන බව මා මුලින්ම දැනගත්තේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් හරහා – මහාචාර්ය චන්න ජයසුමන” යනුවෙන් පළවූ එබඳු සටහනක් පහතින්

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\Channa Jayasumana\fe2139dd-50e4-4050-af8f-f367131ff96b.png

    Facebook | Archived

    මෙම සටහන් තවත් බොහෝ ෆේස්බුක් පරිශීලකයින් ද හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්.

    වඩාත් උපහාසාත්මක කෝණවලින් හුවමාරු වී තිබු මෙම සටහන් පිලිබඳ විමර්ශණයක් සිදු කරන ලෙස අපට ඉල්ලීම් කිහිපයක් ම ලැබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මහාචාර්ය චන්න ජයසුමන මහතා සම්බන්ධයෙන් පසුගිය දිනවල පළවී තිබූ පුවත්පත් වාර්තා පරීක්ෂා කළ අතර එහිදී ඉහත ආකාරයෙන් පුවතක් වාර්තා වී තිබූ බවක් අපට දැකගන්නට ලැබුණේ නැහැ.

    පුවත්පතක පළ වූ සිරස්තලයක් ආකාරයෙන් හුමාරු වී තිබූ මෙම සටහන පරීක්ෂා කිරීමේදී බැලූ බැල්මටම ව්‍යාජ සටහනක් විය හැකි බව පෙනී යයි. එම සටහනේ පහත දක්වා ඇති පරිදි අකුරු ඡායාරූපය මත ද දිවෙන බවක් දැකගන්නට ලැබූණු අතර සාමාන්‍යයෙන් පුවත්පත් පිටු සැකසීමේදී මෙවැනි විධික්‍රම යොදා ගැනෙන්නේ නැහැ.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\Channa Jayasumana\Capture-1.JPG

    මේ සම්බන්ධයෙන් චන්න ජයසුමන මහතා විසින් නිකුත් කරන ලද නිවේදන කිසිවක් තිබේ දැයි අප පරීක්ෂා කර බැලුවා. චන්න ජයසුමන මහතාගේ නමින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් පිටුවක පලකරන ලද පහත සටහන අපට දැක ගන්නට ලැබුනා.

    “අවස්ථාවාදී මඩ කාක්කන් පිරිසක් තලු මරන මේ ආකාරයේ ප්‍රකාශයක් චන්න ජයසුමන මහතා කිසි විටෙක සිදු කර නොමැති අතර මෙවැන්නක් පලවූ පුවත්පතක්, සඟරාවක් හෝ වෙනත් ප්‍රකාශයක් තිබේනම් ඒ බව දන්වන මෙන්ද කාරුණිකව දන්වමු.

    චන්න ජයසුමන මාධ්‍ය ඒකකය” 

    https://www.facebook.com/jayasumanachanna/posts/2978382892486435?__cft__[0]=AZXHyCxFOQJ_fa43bpn76cfJNmOEJHtPQecBJFf3gpzF7a-0HyX0IgvMxew4Ns4fyCe5UKHC1V_Q-8R_pSox6XFyfWceLcWoqVYUgf5lc2hMeUu_n0eQaSdVPGRfRzEFrDE&__tn__=%2CO%2CP-R

    FB | Archived

    මේ පිළිබඳව අප මහාචාර්ය චන්න  ජයසුමන අමාත්‍යවරයාගෙන් ද විමසා සිටි අතර අපට පවසා සිටියේ ද ඔහු විසින් කිසිවිටෙකත් මෙබඳු ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

    කෙසේ වෙතත් වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් චන්න ජයසුමන මහතා පසුගිය වසර වල සිදු කර තිබූ ප්‍රකාශ ඇතුළත් පුවත් වාර්තා කිහිපයක් ම අපට දැකගන්නට ලැබුණා. එවැනි වාර්තා කිහිපයක් පහතින්.

    HiruNews | Ada Derana | Channa Jayasumana FB

    මවුබිම 2019 වසරේ පුවත් වාර්තාවක් පහතින්

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\Channa Jayasumana\5233efa5-1800-4c49-b353-43f06481ae85.png

    Mawbima 2019-July

    නාථ හා විපස්සක දෙවියන් සඳහන් කරමින් චන්න ජයසුමන මහතා සම්බන්ධයෙන් මීට වසර කිහිපයකට පෙර පළවූ සටහන් කිහිපයක් ද මෙසේ දැකගනන්ට ලැබුණි. 

    Link 1  | Link 2

    එසේම බොහෝ අවස්ථාවල නාථ දෙවියන් හරහා විසඳුම් ලබාගන්නා අයෙකු යනුවෙන් චන්න ජයසුමන මහතා සම්බන්ධයෙන් සටහන් පළවන බවක් ද අපට දැකගනන්ට ලැබුණි.

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ වෛද්‍ය සාෆි වඳ සැත්කම් සිදුකළ බව තමා දැන ගත්තේ නාථ හා විපස්සක දෙවියන්ගෙන් බවට චන්න ජයසුමන මහතා විසින් පුවත්පතකට ප්‍රකාශ කළ බව දැක්වෙන සටහනක් මෑතක දී පුවත්පතක පළවී නොමැති අතර එය පුවත්පතක පළවූ කොටසක් සංස්කරණය කිරීමෙන් සිදුකර ඇති බවයි. එවැනි ප්‍රකාශයක් තමා විසින් කිසිවිටෙකත් පවසා නොමැති බව ද මහාචාර්ය චන්න ජයසුමන අමාත්‍යවරයා තහවුරු කර සිටියි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-01-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.