Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    “නැවතත් රට භාර දුන්නොත් හොඳින් පාලනය කරනවා” යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළාද ?

    කරුණු විමර්ශනය කිරීම
    2026-09-10
    3 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් “නැවතත් මට මේ රට භාර දුන්නොත් මම එය හොඳින් පාලනය කරනවා” යනුවෙන් ප්‍රකාශ කළ බව දක්වමින් සටහන් පෙළ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් “නැවතත් මට මේ රට භාර දුන්නොත් මම එය හොඳින් පාලනය කරනවා” යනුවෙන් ප්‍රකාශ කළ බව දක්වමින් සටහන් පෙළක්ම සමාජ මාධ්‍ය සමුහ ඔස්සේ හුවමාරු වී තිබුණා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Facebook|Archived Link

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඉහත සමාජ මාධ්‍ය සටහනේ දක්වා ඇති පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ පුවත් වාර්තා වීමේ ඉහළ සම්භාවිතාවක් ඇත. නමුත් එවැන්නක්, කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ නිල විශ්වාසනීය මූලාශ්‍රයන් ඔස්සේ වාර්තා වී තිබෙනු දක්නට ලැබෙන්නේ නැහැ.

    එසේම අප විසින් මෑත කාලීනව ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස් පරීක්ෂා කරමින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්ද යන්න පරීක්ෂා කළ අතර පැහැදිලි වූයේ එවැනි අවස්ථාවකදී මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

    සංජීව එදිරිමාන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මාධ්‍ය ප්‍රකාශක,  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගෙන් විමසීමක් සිදුකළ අතර එහිදී ඔහු විසින් සඳහන් කළේ, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි. 

    12 රැලියට සම්බන්ධ වන බවට නිල තොරතුරක් නැත.

    එසේම, 2026 සැප්තැම්බර් 12 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විසින් සංවිධානය කර ඇති ජන රැළිය අනුරාධපුරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. එම ජන රැලිය සඳහා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ වන්නේ ද යන්න සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසීමේදී සංජීව එදිරිමාන්න මහතා විසින් සඳහන් කළේ, ඒ ගැන නිල තොරතුරක් නොමැති බවයි. ඒ අනුව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැලියට සම්බන්ධ වන බවට හුවමාරු වන තොරතුරු අසත්‍ය බව ඔහු විසින් සඳහන් කළා.

    අරගල සමයේ මහජන විරෝධතා හමුවේ ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කෙටි කලක් විදේශගතව සිට නැවත ලංකාවට පැමිණි අතර, මේ වන විට විවිධ අධිකරණ ක්‍රියාවලීන්ට මුහුණග්ද් දෙමින් සිටියි. විශේෂයෙන්ම 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වැළැක්වීමේ රිට් පෙත්සමක් ඔහු විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. මෙම රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 22 වන දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් “නැවතත් මේ රට භාර දුන්නොත් හොඳින් පාලනය කරනවා” යනුවෙන් ප්‍රකාශ කර ඇති බව දක්වමින් හුවමාරු වන සටහන් අසත්‍ය බවයි. ඔහු විසින් එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාව පොදු ජන පෙරමුණ විසින්ද තහවුරු කර තිබේ.

    Result Stamp

    Title: “නැවතත් රට භාර දුන්නොත් හොඳින් පාලනය කරනවා” යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළාද ?

    Fact Check By: B.P Hansani

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-09-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.