Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check : මොහොමඩ් ඊබ්‍රාහීම්ව ජාතික ලැයිස්තුවට ඇතුල් කිරීම සම්බන්ධයෙන් ලාල් කාන්ත ප්‍රකාශයක් ඉදිරිපත් කළාද?

    2021-03-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණේ දේශපාන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා අළලා පළවූ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම අප කරුණු වාර්තා රැසක් මෙලෙසින් සිදු කළා. මේ අයුරින්ම, මොහොමඩ් ඊබ්‍රාහීම්ව ජාතික ලැයිස්තුවට ඇතුලත් කර ගත්තේ අනුර කුමාර මහතාගේ තන

    ජනතා විමුක්ති පෙරමුණේ දේශපාන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා අළලා පළවූ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම අප කරුණු වාර්තා රැසක් මෙලෙසින් සිදු කළා.

    මේ අයුරින්ම, මොහොමඩ් ඊබ්‍රාහීම්ව ජාතික ලැයිස්තුවට ඇතුලත් කර ගත්තේ අනුර කුමාර මහතාගේ තනි කැමැත්තට යනුවෙන් ලාල් කාන්ත මහතා විසින් පුවත්පතකට පැවසු බව පෙන්වන ආකාරයේ පුවතක් හුවමාරු වී තිබුනා. නමුත් මෙය ව්‍යාජ සංස්කරණයක් බව අපට අනාවරණය වුනා.

    සමාජ මාධ්‍ය සටහන්:

    “බහුතරය අකමැති උනත් අනුරගෙ තනි කැමැත්තට සහ අසීමිතව පක්ෂෙට වියදම් කරපු නිසා මොහොමඩ් ඊබ්‍රාහීම්ව ජාතික ලැයිස්තුවට ඇතුලත් කර ගත්තා” යනුවෙන් ලාල් කාන්ත මහතා විසින් පුවත් පතකට පැවසු ආකරයේ සටහනක් හුවමාරු වී තිබුනේ පහත අයුරින්

    Facebook | Archived Facebook | Archived

    එම පුවතම ට්විටර් පණිවුඩයක ආකාරයෙන් ද මෙසේ පළකර තිබුණා

    Facebook | Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙවැනි ප්‍රකාශයක් ප්‍රධාන මාධ්‍ය හරහා පලවී තිබෙනු දැක ගන්නට ද නොලැබුණු බැවින් මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් විමසීමක් සිදු කළෙමු. එහිදී එබඳු ප්‍රකාශයක් ලාල් කාන්ත මහතා විසින් සිදුකර නොමැති බවත් එය සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවත් අවධාරණය කර සිටියා.

    මේ පිලිබඳව ලාල් කාන්ත මහතාගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමේ දී “වරාය සටනේ සම්පූර්ණ ගෞරවය වෘත්තීය සමිති 23ටයි” යන තේමාවෙන් මව්බිම පුවත්පතේ පළවූ පුවතක් ලෙස දක්වමින් පළවූ සටහනක් මෙසේ දැක ගන්නට ලැබුණි

    මව්බිම පුවත්පත පරීක්ෂා කිරීමේ දී ද පෙබරවාරි මස 03 වැනිදා පලකරන ලද එම පුවත පහත පරිදි දැක ගන්නට ලැබුණා

    Mawbima 03rd Feb

    එම පුවත සංස්කරණය කරමින් ඉහත සමාජ මාධ්‍ය සටහන් සංස්කරණ කර ඇති බව ඒ අනුව පැහැදිලි වනවා. එම සංසන්දනය පහතින්

    ලාල් කාන්ත මහතාගේ ට්විටර් ගිණුම පරීක්ෂා කිරීමේදී එය කාලයකින් යාවත්කාලීන කොට නැති බවද පෙනී ගියා. අවසන් වරට එහි සටහනක් පළකර තිබුනේ 2016 වසරේ දී බව ද පෙනී යනවා. එසේම මෙසේ ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ට්විටර් පණිවුඩය සඳහා යොදාගෙන තිබුනේ  2016 වසරේ ලාල් කාන්ත මහතා අවසන් වරට පළකර තිබු මෙම ට්විටර් පණිවුඩයේ විස්තර ද සහිතව බව ද  දැක ගන්නට ලැබුණා.

    මේ ආකාරයෙන්ම ව්‍යාජ ට්විටර් පණිවුඩ සංස්කරණ ලාල් කාන්ත මහතා අලලා මීට පෙරද සිදුකර තිබෙනවා. පසුගිය වසරේ අප ඒ පිලිබඳ ව සිදුකරන ලද විමර්ෂණයක් මෙතනින්

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ මොහොමඩ් ඊබ්‍රාහීම්ව ජාතික ලැයිස්තුවට ඇතුල් කලේ අනුර කුමාර දිසානායක මහතාගේ තනි කැමැත්තට යනුවෙන් ලාල් කාන්ත මහතා ප්‍රකාශයක් නිකුත් කළ බවට හුවමාරු වන්නේ මව්බිම පුවත්පතේ පළවූ පුවතක සහ ලාල් කාන්ත මහතාගේ ට්විටර් පණිවුඩයක ව්‍යාජ සංස්කරණයක් බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:මොහොමඩ් ඊබ්‍රාහීම්ව ජාතික ලැයිස්තුවට ඇතුල් කිරීම සම්බන්ධයෙන් ලාල් කාන්ත ප්‍රකාශයක් ඉදිරිපත් කළාද?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.