Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: මංගල සමරවීර මහතාගේ මරණය සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහතා සිදු කළ බව පැවසෙන ව්‍යාජ ප්‍රකාශයක් !

    2021-08-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා ආසාදිතව අගනුවර පුද්ගලික රෝහලකදී මියගිය මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා පිළිබදව බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පසුගිය දින කිහිපය මුළුල්ලේම ප්‍රකාශ කර තිබුණා. බොහෝ දෙනා ඔහුගේ චරිතයේ ධනාත්මක පැති දකිද්දී, ඔහුගේ මරණය සම්බන්ධ අසත්‍ය කරුණු ද සමාජ ජා

    කොරෝනා ආසාදිතව අගනුවර පුද්ගලික රෝහලකදී මියගිය මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා පිළිබදව බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පසුගිය දින කිහිපය මුළුල්ලේම ප්‍රකාශ කර තිබුණා. බොහෝ දෙනා ඔහුගේ චරිතයේ ධනාත්මක පැති දකිද්දී, ඔහුගේ මරණය සම්බන්ධ අසත්‍ය කරුණු ද සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය විය. මේ, ජවිපෙ නායකයෙක් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාව ඈදා ගනිමින්, මංගල සමරවීර මහතාගේ මරණය සම්බන්ධයන් පලවූ අසත්‍ය සටහනක් පිළිබදව අප සිදු කල විමසා බැලීමයි.

    සමාජ මාධ්‍ය සටහන්: 

    චානක ලක්මාල් ජයසිංහ නම් ෆේස්බුක් ගිණුමේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඡායාරූපයක්ද සමගින් පළකල පුවත්පත් සටහනක් ලෙස පළකර තිබුණේ , “ඉන්සියුලින් අධි මාත්‍රාවක් ලබාදී ,මංගල මහතාව මරා දමලා” , යන සිරස්තලයද සහිතවයි.

    Facebook| Archived

    මෙම සටහන ව්‍යාජ සටහනක් බව සඳහන් කරමින් කිහිප දෙනෙක් ම සටහන් ද පළකර තිබු බව අපට දැක ගන්නට ලැබුණා. 

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

    මීට කලකට පෙර “අද” පුවත්පතේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ලිපියක් සඳහා යොදාගෙන තිබු ඡායරුපයම මෙම සටහන් සඳහා යොදාගෙන තිබු බවින් අප එම පුවත්පතේ හෝ වෙනත් පුවත්පත් වල, මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ මරණයෙන් පසුව, ඉහත සඳහන් ආකාරයේ සටහනක් පලවී තිබුනේ දැයි පරීක්ෂා කළ ද අපට එවැන්නක් දැක ගන්නට ලැබුනේ නැහැ.

    අප මංගල සමරවීර මහතාගේ සමීපතයෙකු වූ රුවන් ෆර්ඩිනැන්ඩස් මහතාගෙන් ද මේ පිළිබඳව විමසා සිටි අතර ඒ මහතා පවසා සිටියේ ද මෙය සම්පුර්ණයෙන් ම ව්‍යාජ සටහනක් බවත්, තමා විසින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට මෙම ව්‍යාජ සටහන පිලිබඳ ව ද දැනුම් දුන් බවයි.

    ඉන් අනතුරුව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසා බැලීමේදී පවසා සිටියේ තමන් මෙවැනි ප්‍රකාශයක් සිදුකර තිබුනේ නැති බවත් මෙය පසුගිය දින කිහිපයේ තමා හා ජ.වි.පෙ ඉලක්ක කරගනිමින් වැඩි වශයෙන් ව්‍යාජ ලෙස නිර්මාණය වීමේ ප්‍රවණතාවේ කොටසක් බවයි. ඒ පිලිබඳ ඔහු සිය නිල ෆෙස්බුක් පිටුවේ සටහනක් ද තබා තිබුණි

    එහි දක්වා තිබුනේ “මවිසින් මෙවැනි දෙයක් කියා ඇත්නම් CIDය වහා මාව කැඳවා ප්‍රශ්න කළ යුතුය. මවිසින් මෙවැනි දෙයක් කියා නැති නිසා මේ post එක දැමූ පුද්ගලයාගෙන් CIDය ප්‍රශ්න කළ යුතුය.ජනාධිපති ගෝටාබය රාජපක්ෂ “එක රටක්-එක නීතියක්” ඉතා මැනවින් ක්‍රියාවට නගමින් ඇති නිසා මේ දෙකෙන් එකක්වත් වෙන්නේ නැත.” යනුවෙනි. එම සටහන පහතින්

    https://www.facebook.com/DRnalinda/posts/5912893288752631?__cft__[0]=AZVbqknvh4vHls24RmgCLTarMFaKA97WuKJDxzAJmzqtrovn5atz7thwRS9uxjc6AS_4-vFNM7IcA59jIMsvDj2qycW2eSzhqlfndAMVdjAyYfnZ1ibVhwrAOjH8m5ZjKz1vMCXTAci3T7TXYykpb8cd&__tn__=%2CO%2CP-R

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප  විසින් සිදුකරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මංගල සමරවීර මහතාගේ මරණය සම්බන්ධයෙන් සමාජ ජාල වල සටහන් වන ආකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුනේ නැති අතර එවැනි සටහනක් පුවත්පතක පලවී තිබුනේ ද නැති බවයි. මීට පෙර පුවත්පත් වාර්තා සඳහා යොදාගැනුණු නලින්ද ජයතිස්ස මහතාගේ ඡායාරුපයක් මේ ආකාරයෙන් අවභාවිතා කරමින් මෙම ව්‍යාජ සටහන් නිර්මාණය කර තිබුණි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-08-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.