Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස සිදු කළ ප්‍රකාශයක් ද?

    2024-04-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවයත් සමග ඔහුගේ අභාවය පිළිබඳ සතුට ට පත් වෙමින් ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශයක් කළ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවයත් සමග ඔහුගේ අභාවය පිළිබඳ සතුට ට පත් වෙමින් ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශයක් කළ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ඌරන්ට විදුලිසැර වද්දවන්න ගිය තෙවරප්පෙරුම හෙවත් නයි වාඩියෙ පාලිතට නිසි දඬුවම් ලැබුනා” යනුවෙන් නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළ බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙය සත්‍යයක් බව ට බොහෝ දෙනෙකු උපකල්පනය කර ඇති බවයි.

    මෙහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් ජාතික ජන බලවේගයේ සභික නලින්ද ජයතිස්ස මහතා විසින් සඳහන් කර තිබුණේ ද, යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ අප පරීක්ෂා කර බැලූ අතර එවැනි ප්‍රකාශයක් කළ බවට කිසිදු වාර්තාවක් දැක ගන්නට නොලැබුණි.

    ‘සිරස නාලිකාවේ’ News1st නිල වෙබ් අඩවියේද, ඉහත සඳහන් ආකාරයේ පුවතක් පළ වී නොමැති බවට අප කළ නිරීක්ෂණයේදී තහවුරු වූ අතර අප එහි වෙබ් අංශයේ කළමණාකරුගෙන් ද, විමසීමක් කරනු ලැබුවා. එහිදී ඔහු ද තවදුරටත් තහවුරු කළේ එවැනි පුවතක් එම ෆේස්බුක් පිටුව මගින් පළ නොකළ බවත්, මෙය සංස්කරණය කරන ලද ඡායාරූප සටහනක් බවයි.

    එමෙන් ම නලින්ද ජයතිස්ස මහතාගේ නිල ෆේස්බුක් පිටුව හරහා ද,‍අභාවප්‍රාප්ත වූ පාලිත තෙවරප්පෙරුම මහතා සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව ට අපට දැක ගන්නට නොලැබුණි.

    අප මේ පිළිබඳව නලින්ද ජයතිස්ස මහතාගෙන් ද, විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, තමන් පාලිත තෙවරප්පෙරුම මහතා සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවත් ඉහත සටහන් අසත්‍ය බවත් ය.

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) අභාවප්‍රාප්ත විය.

    මියයන විට 64 වැනි වියෙහි පසුවු තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද ලෙස කටයුතු කර තිබෙනවා. ඊයේ (16) සවස තමාට අයත් ඉඩමක දී විදුලිසැර වැදීම නිසා, කළුතර නාගොඩ මහ රෝහලට ඇතුලත් කිරීමේදී පාලිත තෙවරප්පෙරුම මහතා මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තාවන්නේ. මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. වීඩියෝ වාර්තාවක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, නලින්ද ජයතිස්ස මහතා විසින් පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ බව ට සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන සටහන් අසත්‍ය බවයි. ඔහු විසින් එවැනි ප්‍රකාශයක් කළ බවට සහය දක්වන සාක්ෂියක් දැක ගන්නට නොලැබෙන අතර නලින්ද ජයතිස්ස මහතා ද, තහවුරු කළේ, තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

    එමෙන් ම සිරස News1st වෙබ් කළමණාකරු ද, තහවුරු කළේ, එවැනි පුවතක් එහි නිල ෆේස්බුක් පිටුව මගින් හෝ පළ කර නොතිබුණු බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-04-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.