Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්න දැණුමක් ලාංකීය ඉංජිනේරුවන්ට නොමැති බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළාද?

    2021-01-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නැගෙනහිර පර්යන්තය, ආයෝජනය ව්‍යාපෘති සඳහා ඉන්දියාව සහ ජපානයේ සමාගම් වෙත ලබා දීමට සුදානම් වීම මේ දිනවල මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතාබහට ලක්වී තිබෙන උණුසුම් මාතෘකාවක්.  වරාය වෘත්තීය සමිති මුල් කරගනිමින් බොහෝ පාර්ශවයන් මේ සම්බන්ධයෙ

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නැගෙනහිර පර්යන්තය, ආයෝජනය ව්‍යාපෘති සඳහා ඉන්දියාව සහ ජපානයේ සමාගම් වෙත ලබා දීමට සුදානම් වීම මේ දිනවල මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතාබහට ලක්වී තිබෙන උණුසුම් මාතෘකාවක්. 

    වරාය වෘත්තීය සමිති මුල් කරගනිමින් බොහෝ පාර්ශවයන් මේ සම්බන්ධයෙන් විරෝධය නඟා සිටි අතර ආණ්ඩුවේ ප්‍රබල සාමාජිකයින් මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් දක්වා තිබුණා. විපක්ෂයේ ප්‍රබලයින් ද මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළකර තිබුණා.

    මෙවන් පසුබිමක නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්න දැණුමක් ලාංකීය ඉංජිනේරුවන්ට නැති බවට නාමල් රාජපක්ශ ඇමතිවරයා මාධ්‍ය වෙත පැවසු බවට පුවතක් බොහෝ දෙනා අතර හුවමාරු වුණා. කෙසේ වෙතත් නාමල් රාජපක්ශ මහතා විසින් එබඳු ප්‍රකාශයක් සිදුකර තිබුනේ නැහැ.

    සමාජ මාධ්‍ය සටහන්:

    “නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්න දැණුමක් අපේ ඉංජිනේරුවන්ට නෑ..” යනුවෙන් නාමල් රාජපක්ෂ ඇමතිවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වූ බවක් පෙන්වන ආකාරයේ පුවතක් Madushanka Chamara Sampath නම් අයෙකු විසින් ෆේස්බුක්හි පල කර තිබුනේ මෙලෙසින්.

    26fc8909-c11b-40ec-9eb1-9bb89b35111c

    Facebook | Archived   Facebook | Archived

    මේ ආකාරයෙන් නාමල් රාජපක්ශ ඇමතිවරයා විසින් ප්‍රකාශයක් සිදු කර ඇති ද යන්න පිලිබඳව වැඩිදුරටත් සොයා බැලීමට අප තීරනය කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා විසින් පසුගිය කාලයේ සිදුකර තිබු ප්‍රකාශ අප මුලින්ම පරීක්ෂා කළා.

    “කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ආශ්‍රිතව සිදුවන ආයෝජනය පිලිබඳව ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන් දැක්වූ අදහස්” යන තේමාව යටතේ නාමල් රාජපක්ෂ මාධ්‍ය ඒකකයේ ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් මෙසේ පළකර තිබුණා.

    එහි අමාත්‍යවරයා පවසා තිබුනේ රාජ්‍ය දේපල විජාතීය කිරීමේ ප්‍රතිපත්තියක වත්මන් ආණ්ඩුවේ නොමැති බවත්, ජාතික සම්පත් ආරක්ෂා වන පරිදි මෙරටට අභිමානය ආරක්ෂා වන පරිදි ගිවිසුම් ගත විය යුතු බවත්, ඒ සඳහා අදාළ අමාත්‍යවරයා කටයුතු කරනු ඇති බවත්ය.

    “ජාතික සම්පත් රැක ගැනීමේ සටනේ අපි ඉන්නවා.. – නාමල් රාජපක්ෂ” එම අදහසින් ම නාමල් රාජපක්ෂ කැබිනට් අමාත්‍යවරයා අදහස් දැක්වූ තවත් අවස්තාවක් පහතින්.

    https://www.facebook.com/119154468144820/posts/4024336380959923

    එම කිසිඳු ප්‍රකාශයක නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට මෙරට ඉංජිනේරුවන්ට හැකියාවක් නොමැති බවක් හැඟවෙන ප්‍රකාශයක් පලවන්නේද  නැති අතර දේශීය අභිමානය පවත්වාගනිමින් දේශීය සම්පත් සුරැකෙන පරිදි, විදෙස් සමාගම් සමඟ ගිවිසුම් ගත විය යුතු බවක් පැවසෙනවා.

    අප මේ පිලිබඳව නාමල් රාජපක්ශ අමාත්‍යවරයා ගේ මාධ්‍ය අංශයේ නිවේදන ද පරීක්ෂා කර බැලුවා. එහිදී ඔවුන් විසින් ඉහත ප්‍රකාශය අසත්‍යක් බව පවසමින් පළකර තිබු මෙම සටහන දැකගනන්ට ලැබුණා.

    මෙම පුවත වැරදි එකක් බව නාමල් රාජපක්ශ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ ද හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

    https://www.facebook.com/NamalSL/posts/10158870429949030?__cft__[0]=AZXv5tOlt5QZE-8hRXBhr5kCpWPZaqBq46xHd5bTT3kve2bxMqLGCaYnNsIh3ajJg_vdpjKHf9ojLgEofZGqzSN9NRgY4muhPWiRR-hJUrMVE0j9fQt3q1ojq95sLhTnF5wQ6tRb78uqW64ZdEDaeT_mggxIdksWH6rMMWMHhNv08A&__tn__=%2CO%2CP-R

    Archived

    නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පළවූ පුවත් පත් වාර්තා ද පරීක්ෂා කල අතර මෙබඳු පුවතක් වාර්තා කර තිබෙනු දැක ගන්නට ලැබුනේ නැහැ

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු සලකා බැලීමේදී කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්න දැණුමක් ලාංකීය ඉංජිනේරුවන්ට නොමැති බව නාමල් රාජපක්ශ අමාත්‍යවරයා විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ කිසිඳු මුලාශ්‍රයක් රහිතව පළවූ ව්‍යාජ පුවතක් බව අපට අනාවරණය විය.

    නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ දේශීය අභිමානය පවත්වාගනිමින් දේශීය සම්පත් සුරැකෙන පරිදි, විදෙස් සමාගම් සමඟ ගිවිසුම් ගත වන්නේ නම් එය සිදුවිය යුතු බවක්.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    NM

    Nelson Mani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-01-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.