Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: රජය සුළු ජාතීන්ට අයත් භූමි උදුරගන්නවා යනුවෙන් සජිත් කිව්වා ද?

    2021-04-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පූජනීය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ඓතිහාසික කූරගල පුදබිම ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු පිලිබඳ වාර්තා රැසක් පසුගිය මැදින් පුන් පොහෝ දින ආශ්‍රිතව “කූරගල පුදබිම සැදැහැවත් බෞද්ධ බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි” යනාදී තේමා වලින් දැක ගන්න

    පූජනීය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ඓතිහාසික කූරගල පුදබිම ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු පිලිබඳ වාර්තා රැසක් පසුගිය මැදින් පුන් පොහෝ දින ආශ්‍රිතව “කූරගල පුදබිම සැදැහැවත් බෞද්ධ බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි” යනාදී තේමා වලින් දැක ගන්නට ලැබුනා. මෙම භුමිය අන්තවාදී පිරිස් වල ග්‍රහණයට ලක්වීම පිළිබඳව වාර්තා රැසක් අපට පසුගිය වසර වල දැක ගන්නට ලැබුණා.

    මෙවන් පසුබිමක, වර්තමානයේ සිදුවන සංවර්ධන ක්‍රියාදාමයන් සමග කූරගල පුදබිම සම්බන්ධයෙන් දේශපාලඥයින්ගේ නම් ඈදා පළ වන සටහන්ද අපට වරින් වර දක්නට ලැබෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පළ කරා යැයි සඳහන් කරන ප්‍රකාශයක් පිළිබඳව අප කළ විමර්ශනයේදී තහවුරු වුණේ එය සාවද්‍ය සඳහනක් බවයි.

    සමාජ මාධ්‍ය සටහන් :

    Chandana Perera නමැති අයෙක් සිය ෆේස්බුක් ගිණුමට ඒ කරපු සටහනක දක්වා තිබුණේ, “ඔබතුමාලා බලයට ආවනම් රටට වෙනදේ හිතාගන්න ඔය කතාවම ප්‍රමානවත්…… ” යනුවෙනි. එම සටහනට උපයෝගි කරගෙන තිබුණ ඡායාරූපයේ දැක්වෙන්නේ “රජය සුළු ජාතීන්ට අයත් භූමි උදුරා ගනිමින් බෞද්ධ ස්ථාන ඉදි කරනවා” යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශ කර ඇති බවටයි.

    එම ප්‍රකාශයට උපහාසාත්මක පිළිතුරක් ලෙස ඔබතුමා ඔය නොකියා කියන්නේ කූරගල ගැන වෙන්න ඇති මගේ හිතේ යනුවෙන් සඳහන් කර තිබුණා. එම සටහන පහතින්.

    Facebook | Archived Link

    එමෙන්ම Hiruni Nisansala යන අයෙක් විසින්ද එම සටහනම සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ හුවමාරු කරගෙන තිබුණේ, 

    “😅😅😅😅😅😅😅😅 සජිත් දිනවමු” යනුවෙන් සඳහන් කරමිනි. එම සටහන පහතින්.

    Facebook | Archived Link

    ඉහත සඳහන් මෙම සටහන් විශාල වශයෙන් ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප කළ මූලික නිරීක්ෂණයේදී අනුව සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දී කිසිම මාධ්‍ය සාකච්ඡාවක දී හෝ දේශපාලන වේදිකාව දී හෝ කිසියම් සම්මුඛ සාකච්ඡාවක සඳහන් කළ නොමැති බව දැකගන්නට ලැබුණා.

    එනම් රජය විසින් සුළු ජාතීන්ට අයත් භූමි උදුරා ගනිමින් බෞද්ධ ස්ථාන ඉදිකෙරෙන බවට කූරගල පුදබිම සම්බන්ධයෙන් පසුගිය දා සජිත් ප්‍රේමදාස මහතා විසින් අදහස් ප්‍රකාශ නොතිබුණි.

    මේ සම්බන්ධයෙන් අප සමගි ජන බලවේග පක්ෂයේ  මාධ්‍ය අංශයෙන් කළ විමසීමකදී ඔවුන් තහවුරු කරේද මෙවන් ප්‍රකාශයක් හෝ කූරගල පුද බිම සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා මෙවන් ප්‍රකාශයක් සිදු නොකළ බවටයි.

    කූරගල ඓතිහාසික පුදබිම සංවර්ධනය කිරීම වෙනුවෙන් 2019 වසරේ එවකට නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි සජිත් ප්‍රේමදාස මහතා රුපියල් කෝටි 5කට අධික මූල්‍ය ප්‍රතිපාදන වෙන්කළ බවද අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කර තිබුණා. එම ලිපිය මෙතනින්. කෙසේනමුත් මෙසේ වෙන්කළ ප්‍රතිපාදන හරහා සිදුවූ සංවර්ධන කටයුතු පිළිබඳව විවිධාකාරයේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයට අනුව පැහැදිලි වන්නේ,  “රජය සුළු ජාතීන්ට අයත් භූමි උදුරා ගනිමින් බෞද්ධ ස්ථාන ඉදි කරනවා” යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇති බවටත් ව්‍යාංගාර්ථයෙන් සඳහන් කරන්නේ  කූරගල සම්බන්ධවෙන් බවත් ජනතාවට ඒත්තු ගැන්වීමට නිර්මාණය කර ඇත්තේ ව්‍යාජ සටහන් පෙළක් බවයි. එබඳු කිසිඳු ප්‍රකාශයක් නිල මුලාශ්‍රයක් ඔස්සේ පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබුනේ නැති අතර සමඟි ජන බලවේගයේ මාධ්‍ය අංශය විසින් එම ප්‍රකාශය ද තරයේ ප්‍රතික්ෂේප කර සිටියි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-04-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.