Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: තමාට සහය දුන් පිරිසට PFIZER එන්නත ලබාදීමට ජනපති තීරණය කල බව හැඟවෙන පරිදි පළවූ සාවද්‍ය සටහනක්!

    2020-12-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කෝවිඩ්-19 ආසාදනයේ දෙවනි රැල්ල දිවයින පුරා සිඝ්‍රයෙන් පැතිරෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ Pfizer සමාගම විසින් කොරෝනා රෝගය සඳහා නිපදවන ලද එන්නත එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබාදුන් බවට වාර්තා පළවී තිබෙනු මෙසේ දැකගනන්ට ලැබුණි. මේ අතර ජනවාරි මාසයේ සිට 69 ලක්ෂයක සිංහ

    කෝවිඩ්-19 ආසාදනයේ දෙවනි රැල්ල දිවයින පුරා සිඝ්‍රයෙන් පැතිරෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ Pfizer සමාගම විසින් කොරෝනා රෝගය සඳහා නිපදවන ලද එන්නත එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබාදුන් බවට වාර්තා පළවී තිබෙනු මෙසේ දැකගනන්ට ලැබුණි.

    මේ අතර ජනවාරි මාසයේ සිට 69 ලක්ෂයක සිංහල බෞද්ධයකුටම Pfizer සමාගම විසින් නිපදවන ලද කෝවිඩ්-19 එන්නත නොමිලේ ලබාදීමට ජනාධිපතිතුමා තීරණයක් ගෙන ඇති බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍ය පුවතක් බව අපට අනාවරණය විය.

    සමාජ මාධ්‍ය සටහන්: 

    “ජනාධිපතිතුමාගෙන් ඵෙතිහාසික තීරණයක්…ජනවාරි සිට PFIZER කොරෝනා එන්නත 69 ලක්ෂයක්වු සෑම සිංහල බෞද්ධයකුටම නොමිලේ” වදන රෝපනය කර “මම නම් පට්ට සංතෝසයි ඒ 69 ලක්ශයට ඇතුලු වුනානෙ කියලා හිතෙන කොට, ඔයාත් එහෙමද , නැත්නම් දුක් වෙන්න එහෙනම්. ඇතිවෙන්න දුක්වෙන්න.” ‍යන තේමාවෙන් Purna Jayamaha නමැත්තෙකු විසින් ෆේස්බුක් සටහනක් හුවමාරු කරගෙන තිබුණි.

    FacebookArchived Link

    කෙසේවෙතත් දෙසැම්බර් මස 5 වැනිදා පලවී තිබු මෙම සටහන බොහෝ දෙනෙක් අතර ෆේස්බුක් තුළ හුවමාරු වී නොතිබුණ ද එහි සත්‍යතාවය පිලිබඳ කිහිපදෙනෙක් ම අපගෙන් විමසා සිටියා. වට්සැප් හරහා මෙවැනි සටහන් හුවමාරු වූ අයුරක් ද අපට දක්නට ලැබුණා. ලොව පුරා කොවිඩ්19 ආසාදනය සඳහා නිපදවූ එන්නත් පිලිබඳ අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් හුවමාරු වීමට ආරම්භ වී තිබීම හේතුවෙන් මේ පිලිබඳ කෙටි විමර්ෂණයක් සිදුකළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    2012 වසරේ සිදුකරන ලද සංගණන වාර්තා වලට අනුව ලංකාවේ ජනගහනයෙන් 70% ක් පමණ බෞද්ධයන්ය. එය එම අවධියේදී ලක්ෂ 142ක අගයක් ගත්තා. එසේම 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගත්තේ ලක්ෂ 69ක ජනවරමක් ලබාගනිමින්.  එම ජයග්‍රහණයේ ප්‍රධාන ඡන්ද පදනම වුයේ සිංහල බෞද්ධ පිරිස් වූ බැවින් මෙසේ ලක්ෂ 69ක් වූ සෑම සිංහල බෞද්ධයෙකුටම නොමිලේ එන්නත් යනුවෙන් ව්‍යංගර්ථයෙන් පවසා තිබුනේ ද එම ජන්ද පදනමට නොමිලේ Pfizer එනනත ලබා දීමට ජනාධිපතිතුමා  තීරණයක් ගෙන ඇති බවයි.

    එසේම ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා ජාතිය අමතා සිදුකළ ප්‍රකාශයේ දක්වා තිබුනේ “ජනාධිපතිවරයා වශයෙන් මගේ වගකීම වන්නේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් සේවය කිරීමයි. ඒ අනුව මට ඡන්දය දුන් අය මෙන් ම නොදුන් සියලුදෙනාගේම පුරවැසි අයිතිවාසිකම් මම ආරක්ෂා කරනවා.” යනාදී වශයෙන්. සම්පුර්ණ ප්‍රකාශය මෙතනින්

    මෙම සටහනේ ඇති අන්දමේ තීරණයක් ජනාධිපතිතුමා ගෙන අත්දැයි ප්‍රධාන මාධ්‍යයේ වාර්තා පරීක්ෂා කළ නමුත් එවනි තීරණයක් පිළිබඳව ප්‍රවෘත්තියක් දක්නට නොතිබුණි. මේ පිළිබඳව අපට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිඳු නිවේදනයක් දැකගනන්ට ලැබුනේ ද නැත. ෆේස්බුක් සහ ට්ව්ටර් වැනි ජනාධිපතිතුමාග් සමාජ මාධ්‍ය ගිණුම්වලද මේ පිළිබඳව සටහන් දක්නට නොලැබුණි.

    අප මෙම සටහන ජනාධිපතිතුමාගේ මාධ්‍ය අංශයට යොමු කළෙමු. ජනපතිතුමන් මෙවැනි තීරණයක් ගෙන නොමැති බවත්, එය සම්පුර්ණයෙන්ම සාවද්‍ය සටහනක් බවත් අප හා එක්වු මාධ්‍ය නිලධාරියකු පැවසීය.

    එසේම ලංකාවට කොවිඩ්19 එන්නත් ගෙන ඒමේ කටයුතු පිලිබඳ මුලික වැඩ කටයුතු සිදුවෙමින් පවතින බවත් ඒ පිලිබඳ කමිටුවක් පත්කර ඇති බවත් මාධ්‍ය මෙසේ වාර්තා කර තිබුනා.

    ලොව පුරා රටවල් කිහිපයක් ම මෙම Pfizer එන්නත නොමිලයේ ලබාදීම ද සලකා බලමින් සිටිනවා. Pfizer එන්නත ලබාදීමට තීරණය කර ඇති පළමු ආසියාතික රට සිංගප්පුරුව බවට එරට මාධ්‍ය පසුගිය දා වාර්තා කර තිබුනේ මෙලෙසින්

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ තමාට සහය ලබාදුන් 69 ලක්ෂයක් වූ ජනතාවට නොමිලේ Pfizer එන්නත ලබා දීමට ජනාධිපතිතුමා  තීරණයක් ගෙන ඇති බවක් දක්වමින් හුවමාරු වන්නේ අසත්‍ය සටහනක් බවයි. මේ දක්වා කොවිඩ්19 එන්නත් ලංකාවට ගෙන්වීම සහ බෙදාදීම පිලිබඳ අවසන් තීරණයක් ලබාගෙන නැහැ

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:තමාට සහය දුන් පිරිසට PFIZER එන්නත ලබාදීමට ජනපති තීරණය කල බව හැඟවෙන පරිදි පළවූ සාවද්‍ය සටහනක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.