Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පැවිදි දිවියට ඇතුළත් වීමට සෙනෙට් සභාවේ අනුමැතිය ඉල්ලුව ද?

    2023-06-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ඉලක්ක කරගනිමින් උපහාසාත්මක කෝණයෙන් නිර්මාණය වන ව්‍යාජ පුවත් සහ සංස්කරණ බොහෝ අවස්ථාවල දී සමාජ මාධ්‍ය ඔස්සේ දැකගනන්ට ලැබෙනවා. මේ ආකාරයකටම ඇය පැවිදි දිවි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ඉලක්ක කරගනිමින් උපහාසාත්මක කෝණයෙන් නිර්මාණය වන ව්‍යාජ පුවත් සහ සංස්කරණ බොහෝ අවස්ථාවල දී සමාජ මාධ්‍ය ඔස්සේ දැකගනන්ට ලැබෙනවා. මේ ආකාරයකටම ඇය පැවිදි දිවියට ඇතුළත් වීමට සෙනෙට් සභායේ අනුමැතිය ඉල්ලා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් හුවමාරු වී තිබුණා.

    සමාජ මාධ්‍ය සටහන් :

    අමෙරිකානු තානාපතිනිය බුදු දහම ගැන පැහැදී මෙහෙනි ශාසනයට පිය නැගීම සදහා ඇමරිකාවේ සෙනෙට් සභායේ අනුමැතිය ඉල්ලා ඇති බවක් සඳහන් කරමින් ඡායාරූපයක් ද සමඟ ෆේස්බුක් සටහනක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක්පරිශීලකයින්අතර හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ ඉහත සටහනේ අඩංගු කරුණු සත්‍ය බවට ඇතැම් පිරිස් උපකල්පනය කර තිබූ බවයි.

    මේ හේතුවෙන් ඉහත සටහන් වල නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පැවදි දිවියට ඇතුළත් වීමට සෙනෙට් සභායේ අනුමැතිය ඉල්ලා ඇති බවට මෙරට ප්‍රධාන මාධ්‍ය පුවත් හෝ විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත් ද යන්න අප ප්‍රථමයෙන් පරීක්ෂා කළා. නමුත් එවැනි පුවතක් වාර්තා නොවුණු බවට අපට ප්‍රත්‍යක්ෂ වුණා.

    ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් ද මෙවැනි නිවේදනයක් නිකුත් කර නොමැති අතර මීට පෙර ද අවස්ථා ගණනාවක දී ඇමරිකානු තානාපතිනිය ඉලක්ක කරගනිමින් උපහාසාත්මකව නිර්මාණය කර තිබු ව්‍යාජ සටහන් පිළිබඳ අප සිදුකළ විමර්ශනයක් මෙතනින්.

    එමෙන්ම ජුලී චන්ග් මහත්මිය සම්බන්ධයෙන් ඉහත දක්වා තිබූ ව්‍යාජ සටහන සඳහා භාවිත කර තිබූ ඡායාරූපය වෙත ද, අපගේ අවධානය යොමු වූ අතර එය Reverse Image සෙවුමක් සඳහා අප යොමු කළා. 

    ඒ අනුව, එම ඡායාරූප අවස්ථාව වන්නේ ජුලී චන්ග් මහත්මිය පසුගිය පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ගංගාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලාංකේය බෞද්ධ සම්ප්‍රදායන් හා සම්බන්ධව පුද පූජාවලට සහභාගි වූ අවස්ථාවකි.

    ඒ පිළිබඳව අමෙරිකානු තානාපතියගේ නිල Twitter ගිණුමේ පළ වී තිබුණේ මෙලෙසින්.

    Archived Link

    එමෙන් ම වෙසක් පොහොය දින ඇය ශ්‍රී ලාංකකියන් සියලු දෙනාට සුබ පතමින් ඇය මෙරට දී බෞද්ධ ආගමික සිද්ධස්ථානවල වැදපුදා ගත් ආකාරය දැක්වෙන ඡායාරූප එකතුවක් ද, පළ කර තිබුණේ මෙලෙසින්.

    එසේම ජුලි චන්ග් මහත්මිය මීට මාස කිහිපයකට පෙර සහභාගී වූ ඉෆ්තාර් භෝජන සංග්‍රහයක දී ද පවසා තිබුණේ, ජාතිය ගොඩනැගීමේ පොදු අරමුණ කරා ගමන් කරන විට, සියලු ආගම් සහ ජාතීන්ගේ එකමුතුකම වඩාත් වැදගත් බවයි. එසේම ක්‍රිස්තියානි ආගමික පිළිවෙත් තමාට වැදගත් වනවා මෙන්ම විවිධ ආගමික සම්ප්‍රදායන් ඔස්සේ එකිනෙකා අතර මිත්‍රත්වය සහ අවබෝධය පෝෂණය කිරීමේ වැදගත්කම සෑම විටම අගය කරන බවද ඇය පවසා තිබුණි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පැවදි දිවියට ඇතුළත් වීමට සෙනෙට් සභායේ අනුමැතිය ඉල්ලා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බවයි. එමෙන් ම එම පුවත් අසත්‍ය බවට ශ්‍රී ලංකාවේ ඇති අමෙරිකානු තානාපති කාර්යාලය ද, තහුවරු කරයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-06-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.