Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන්ගේ අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

    2020-10-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමාජ මාධ්‍ය යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මතවාදයන් විකෘති කරමින් සහ උපහාසයට ලක් කරමින් බොහොමයක් සෑම සතියකම වාගේ ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත. මෙසේ ඉදිරිපත්ව තිබූ බොහෝ සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේදී  උපහාසාත්මක කෝණයකින් ඉද

    සමාජ මාධ්‍ය යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මතවාදයන් විකෘති කරමින් සහ උපහාසයට ලක් කරමින් බොහොමයක් සෑම සතියකම වාගේ ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත. මෙසේ ඉදිරිපත්ව තිබූ බොහෝ සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේදී  උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් කළ සාවද්‍ය සටහන් බවට තහවුරු විය

    මෑත කාලීන සිදුවීම් අළලා, ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන්ගේ අදහස් බව ඇඟවීමට  උත්සාහ කරමන් පසුගිය දින කිහිපයෙදී ද එසේ ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වූ පහත සටහන් පිළිබඳව සිදු කළ කරුණු විමර්ශනයන්හි දී ද තහවුරු වූයේ එම සටහන් සියල්ලම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවය.

    ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන්:

    ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සමාජිකයකු සහ ජාතික වෘත්තිය සමිති සභාපති වන කේ.ඩී. ලාල්කාන්තගේ සේයාරුවක “ රාජපක්ෂ මුවහමට අපි තඩි බානකොට විසිල් ගහන්න, හුරේ දාන්න අලි, අලි ටෙලිෆොන් කාරයෝ ඕන තරම් ඉන්නවා. ඒත් ඡන්දයක් ආවම අපිට ඡන්දෙ දෙන්න බලු බල්ලෙක් නෑ.  කොහේවත් නැති ඊනියා නාගරික මධ්‍යම පන්තියක් අල්ලන්න ගිහිල්ලා අපිට අපේ මූලික ඡන්ද පදනමක් නැති වුණා” යන වදන් රෝපණය කර නිරුවත් ජෙප්පෝ නම්වු ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබූ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් පන්සියයකට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණා. මෙහි “ලාල් නොකියන කතාව ලෙස” පෙන්වාදී තිබුණද ප්‍රකාශයක් පළකොට ලාල් කාන්ත යනුවෙන් දක්වා තිබීම නිසා බොහෝ පිරිස් මෙය ඔහුගේ ප්‍රකාශයක් ලෙස දැක්වීමට ගත් උස්ත්සාහයක් ලෙස හඳුනාගෙන මෙම සටහන සාවද්‍ය සටහනක් ලෙස වාර්තා කර තිබුණි

    එමෙන්ම “ගංජා නීතිගත කරන එකට විරුද්ධ වෙන කාඩිනල් උන්නැහේ තමයි ලංකාවේ වැඩිම බාර් ගණනක අයිතිකාරයා. ඔය රටබීම ගෙන්නලා බෙදාහරින්නේ කාඩිනල් උන්නාන්සෙ” වදන රෝපණය කර “මේව අහල පණ පලයන් ලබණ පෙරෙයිදා” නම් ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබූ සටහනක්ද ෆේස්බුක් පරිශීලනය කරන්නන් සෑහෙන ප්‍රමාණයක් අතර හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණේය. එසේම මෙම සටහනේ අනුරුව යොදාගනිමින් තවත් ව්‍යාජ සටහන් රැසක් ද  නිර්මාණය වී තිබෙනු ද දැකගනන්ට ලැබුණා.

    FacebookArchived LinkFacebookArchived Link

    එසේම සුනිල් හඳුන්නෙත්තිගේ ෆේස්බුක් පිටුවේ “පාසල් යන තරුණයින්ගෙන් වැඩි පිරිසක් ගණිකාවන්ට ඇබ්බැහි වෙලා අමතර පංති වලට යන්න ගෙදරින් දෙන මුදල් එකතු කර විශාල මුදලක් එම සේවයේ යෙදෙන කාන්තාවන්ට වියදම් කරන නිසා තරුණයන් වෙනුවෙන් රුපියල් 250 ක් වැනි ඉතා සුළු මුදලකට සහන පැකේජයක් ඔවුන් වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් මාගේ මැදිහත්වීමෙන් ලබා දුන්නේය. එම ක්‍රියාවට විරුද්ධවු පිරිසක් අද දින මා හට දරුණු ලෙස පහර දුන්නේය.”යන කථාංගය සහිතව Dulip Di නමැත්තෙකුගේ ෆේස්බුක් සටහනක්ද ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර හුවමාරු වී තිබුණි.

    FacebookArchived Link

    ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් විජිත හේරත්ගේ ෆෙස්බුක් පිටුවේ “අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න. දිවුලපිටියේ covid–19 රෝගියෙකු හමුවූ කතාව රිෂාඩ් බදුර්දීන් ආණ්ඩුවට සම්බන්ධ වීමට එරෙහි ජනතා විරෝධය වසාගැනීමට යුතු හුදෙක් අසත්‍යය ප්‍රචාරයකි. මා අද උදෑසනත් එම ප්‍රදේශයේ සංචාරය කළ අතර,රතුතරුව විසින් කරන ලද විමර්ශනයකදී ගම්පහ දිස්ත්‍රික්කයේ කොහෙවත් කෝවිඩ් ආසාදිතයින් නොමැති බව තහවුරු විය.” සේ සටහනක්  යොදා ඇති බවට සැකසුණු සේයාරුවක් සහිත සටහනක් “බදුර්දීන්ට විරුද්ධ ජනතා විරෝධය                                  යටපත් කරන්න ඒකාධිපති නන්දසේන විසින් කරන රඟපෑමක්”තේමාවෙන් Yasith Dilshan නැමති ෆෙස්බුක් ගිණුම ඉදිරිපත් කර තිබුණා.

    FacebookArchived Link

    ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අලලා ද ව්‍යාජ නිර්මාණ පෙළක් ම නිර්මාණය වී තිබුණි. “ජනාධිපතිවරණය වෙලාවේ ජනතාව මුලා කරපු බන්දු සමරසිංහලා වැනි අවස්ථාවාදීන් සිටියදී අති දක්ෂ ටෙනිසන් කුරේ කලාකරුවා අප අතරින් වෙන් වීම ගැන බලවත් කණගාටුව” වදන රෝපණය කර “මේව අහල පණ පලයන් ලබණ පෙරෙයිදා” නම් ෆේස්බුක් පිටුව ඉදිරිපත් කළ සටහනක් දැකගනන්ට ලැබුණා. 

    එසේම “ටිල්වින් සහෝදරයා කිව්ව වගේම කොරෝනා පතුරුවා හැරියෙ ගෝඨාභය රාජපක්ෂ” යන තේමාවෙන් Yasith Dilshan නැමති ෆෙස්බුක් ගිණුම ඉදිරිපත් කල සටහනක අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශයක් පුවත්පතක අනුරුවක ආකාරයෙන් පළකර තිබුණි. “බදුර්දීන් සිදුවීමෙන් ආණ්ඩුවට ඇතිවූ ලැජ්ජාව වස ගැනීමට කොරෝනා රෝගියෙක් බාහිර සමාජයට මුදා හැරියා” යනුවෙන් එහි සිරස්තලයේ දක්වා තිබුණි.

    FacebookArchived LinkFacebookArchived LinkLinkArchived

    එසේම ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන නලින්ද ජයතිස්ස මහතා අලලා ද “කහ ආනයනය තනනම් කරපු නිසා මහා නැතිව හොදි කාලා ප්‍රතිශක්තිය නැති වුණු නිසයි ඔහොම දිගට හරහට බෝවෙන්නේ” යනුවෙන් උපහාසාත්මක කෝණයකින් සංස්කරණ සටහනක් ද පලවී තිබුණි. 

    LinkArchived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉහත සඳහන් ෆේස්බුක්වල ඉදිරිපත් කර තිබූ සටහන් ජනතා විමුක්ති පෙරමුණේ හෝ එහි ක්‍රියාකාරීන්ගේ මතදැයි අප විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළෙමු. මෙම අදහස් කිසිවක් තම පක්ෂය හෝ එහි ක්‍රියාකාරීන්ගේ අදහස් නොවන බව සඳහන් කළ ඔහු, තම පක්ෂයට සහ එහි ක්‍රියාකරුවන් පිළිබඳව අසත්‍යය මත ප්‍රචාරය කරන ෆේස්බුක් ජාලයේ පිටු සහ ගිණුම් කිහිපයක් ඇති බවත්, මෙවැනි සමහර ව්‍යාජ සටහන් නිර්මාණය කරන කණ්ඩායම් ඇතැම් විට තම පක්ෂයට හිතවත් බව පෙන්වන මුවාවෙන අසත්‍ය ප්‍රචාර ගෙනයන බවත් ඒවාට නොරැවටෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුවේ සටහන් යොදා ඇති බවත්, අප හා සම්බන්ධ වූ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා අවධාරණය කළේය.

    ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ගතවී ඇති ජාතික ජනබලවේගයේ නිල ෆේස්බුක් පිටුවේ පහත කථාංගය සහිත සටහන විය.

    “මහ මැතිවරණය අතරතුරදී මෙන්ම මැතිවරණයෙන් පසුවත් ජාතික ජන බලවේගයේ නායකයින් ඉලක්ක කර ගනිමින් විශාල මඩ ප්‍රචාරයක් දියත් වෙමින් තිබේ. 

    ආණ්ඩුවට පක්ෂපාතී සමාජ ජාල ක්‍රියාකරුවන් විසින් ගෙන යන මෙම මඩ අවලාදවලට නොරැවටෙන ලෙස අප සමාජ ජාල පරිශීලනය කරන්නන්ගෙන් ඉල්ලා සිටිමු. 

    විශේෂයෙන් Yasith Dilshan නැමැත්තෙකු විසින් දිනපතා අප පක්ෂයේ නායකයින් විසින් නොකරන ලද ප්‍රකාශ අලලා විවිධ පුවත් පළකරමින් තිබේ. ඔහු පිළිබඳව පැමිණිලි කළද ආණ්ඩුවේ හිතවාදියෙකු වීම නිසාම එම පැමිණිලි සඳහා යහපත් ප්‍රතිචාර නොලැබෙන බවද වැඩිදුරටත් සඳහන් කරනු කැමැත්තෙමු.”

    FacebookArchived Link

    ලාල් කාන්ත මහතා සම්බන්ධයෙන් පලවී ඇති සටහන් පිලිබඳ විමසීමේදී තමන් කිසිදු දිනක නොපවසා ඇති අදහස් මෙසේ ෆේස්බුක් ජාලයේ ව්‍යාජ සංස්කරණය ලෙස ඉදිරිපත් කර ඇති බවත්, සමහර සටහන් තමාගේ නිල ෆේස්බුක් පිටුවේ පළවූ සටහන් ව්‍යාජ ලෙස සංස්කරණය කර තමා පැවසු ආකාරයෙන්ද සටහන් රැසක් හුවමාරු වන බවත්, එම සංස්කරණ වලට පිළිතුරු සැපයීමද කාලය නාස්ති කිරීමක් බවත් අප හා සම්බන්ධවු ලාල්කානත අවධාරණය කළේය. “ජයග්‍රහණය තෙක්ම එක්ව සාමුහිකව එකම අරමුනක් කරා  කටයුතු කලයුතුමය.” තේමාවෙන් තමාගේ නිල ෆේස්බුක් පිටුවේ ඇති සටහන විවිධ ෆේස්බුක් පිටු විසින් ව්‍යාජ ලෙස සංස්කරණය කර නොයෙකුත් සටහන් ලෙස ඉදිරිපත් කර ඇති බවද පැවසීය.

    FacebookArchived Link

    කලකට ඉහත රෝගාතුරවූ තමන් ජයවර්ධනපුර රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබා ගත් අවස්ථාවේ ගත් ඡායාරූපයක් අවභාවිතා කරමින් නොයෙකුත් තේමාවන් යටතේ ඇතැම් ෆේස්බුක් ජාලයේ හුවමාරු වන බව පැවසූ සුනිල් හඳුනෙත්තිද තමා රෝහලේ සිටින සේයාරුව පිළිබඳව පැහැදිළි කිරීමක් තම නිල ෆේස්බුක් පිටුවේ යොදා ඇති බව අපට පැවසීය. තමා හොඳ සෞඛ්‍ය තත්වයේ පසුවන බවද එහි දක්වා තිබුණි. එම සටහන පහතින්

    FacebookArchived Link

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් ඉදිරිපත් කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් නොමැති බවට තමා ප්‍රකාශ කළ බවට පළවන පුවත අසත්‍ය බව මෙලෙස පැහැදිලි කර තිබූ බව නිරීක්ෂණය විය.

    FacebookArchived Link

    ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මව්බිම පුවත්පතේ අනුරාධා හේරත් සමඟ කළ සාකච්ඡාවකදී ලබාදී තිබු ප්‍රකාශයක් ආකාරයෙන් සැකසුණ වාර්තාව සොයා මව්බිම පුවත්පත් පරීක්ෂා කිරීමේදි පසුගිය දිනවල එවැනි පුවතක් පලවී තිබුනේ නැත. එසේම ගම්පහ ප්‍රදේශයන් කොරෝනා රෝගීන් හඳුනාගැනීම ආරම්භ වූ සමයේ, එනම් 2020 ඔක්තෝබර් මස 4 වැනිදා පලවු මව්බිම පුවත්පතේ “පොඩි සංශෝධනවලින් විස්සෙ වස මැකෙන්නේ නෑ”  සිරස්තලයෙන් අනුරාධා හේරත් සමග යෙදුනු සංවාදයක් අවසන් වරට දැක ගණනට ලැබුණි. ඉන්පසු මේ වන තෙක් මව්බිම පුවත්පතේ එවැනි බුල් පිටුවක් පලවී තිබුනේ නැති අතර මේ පිලිබඳ ඔවුනේගෙන් කල විමසීමකදී ද එය පැරණි පුවත්පතක් යොදාගෙන සිදුකරන ලද සංස්කරණයක් බව පවසා සිටියා.

    එසේම බන්දු සමරසිංහ මහතා සහ කහ භාවිතය සම්බන්ධයෙන් වැනි උපහාසාත්මක කෝණවලින් පලවන ව්‍යාජ සංස්කරණ රැසක් ද පවතින බව ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරක අප සමඟ පවසා සිටියා.

    ඉහත වෛද්‍ය නලින්ද ජයතිස්ස සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයට යොදා ගත් රාවය පුවත් පතේ පසුබිම ගැන විමර්ෂණයක් අප මීට මාස කිහිපයකට පෙර සිදුකළ මෙම විමර්ශනයෙන් පෙන්වා දුන්නා 

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඉහත සඳහන් ෆේස්බක් පිටු ඉදිරිපත් කර  ඇති සටහන්හි අන්තරගතයන් ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි ක්‍රියාකරුවන්ගේ අදහස් නොවන අතර සියලුම සටහන් ව්‍යාජ ලෙස සංස්කරණ කල සටහන් හෝ වැරදි අර්ථකතනයන් සහිතව පළවූ සටහන් බවයි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන්ගේ අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.