Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : LPL තරඟයක ප්‍රතිඵලයක් නිසා තරුණ යුවලක් දික්කසාද වීමට යන බවට උපහාසාත්මක කෝණයකින් පළවූ ව්‍යාජ සටහනක්

    2020-12-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පුද්ගලයන් අපහසුතාවයට හෝ හාස්‍යයට ලක් කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ජාලා තුළ වරින් වර සටහන් ඉදිරිපත් වේ. මින් පෙරද තරුණයින් දෙදෙනෙකු පිළිබඳව ෆේස්බුක් ජාලයේ ඉදිරිපත් වූ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. ඒ ව

    පුද්ගලයන් අපහසුතාවයට හෝ හාස්‍යයට ලක් කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ජාලා තුළ වරින් වර සටහන් ඉදිරිපත් වේ. මින් පෙරද තරුණයින් දෙදෙනෙකු පිළිබඳව ෆේස්බුක් ජාලයේ ඉදිරිපත් වූ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. ඒ වාර්තා මෙතනින් සහ මෙතනින්

    මේ ආකාරයෙන්ම ලංකාවේ පැවැත්වෙන LPL තරඟාවලියේ ප්‍රතිවාදී කණ්ඩායම් දෙකකට සහය දැක්වූ තරුණ අඹුසැමි යුවළක්, තමන්ගේ ජයග්‍රහණය පිළිබඳව ඇතිවූ මතභේදයක් දුරදිග යෑමෙන් විවාහය දික්කසාදයෙන් කෙළවර වීමට සැරසෙන බවට පළවු සටහන පිළිබඳව සිදු කළ කරුණු විමර්ශනයේදී එම සටහන් උපහාසාත්මක කෝණයකින් පළවූ සම්පූර්ණයෙන්ම සාවද්‍ය සටහන් බව තහවුරු විය. එම සේයාරුවේ දැක්වෙන තරුණයා  සිය බිරිය සමඟ දැනට සිටින්නේ ලංකාවේ ද නොවේ.  

    සමාජ මාධ්‍ය සටහන්:

    ColomboXnews නම් ප්‍රවෘත්ති වෙබ් අඩවියක පළ වූ පුවතක් ලෙස ඉදිරිපත් කර තිබූ ඡායාරූපයක් සහිත මෙම සටහන සැකෙවින් මෙසේය. අදාළ තරුණයා නුවර ප්‍රදේශයේ වන අතර තරුණිය කොළඹ ප්‍රදේශයේ ය. මෙම ක්‍රිකට් තරඟාවලියේ මොවුන් දෙදෙනා සහාය දක්වා ඇත්තේ තමන් උපන් ප්‍රදේශයේ කණ්ඩායමටයි. පසුගියදා පැවති තරගයකදී මහනුවර කණ්ඩායමක පරදවා කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කිරීම නිසා උරණ වූ සැමියා මහ රෑම බිරිඳව එළියට ඇද දමා ඇත. අසල්වැසි නිවසක රාත්‍රිය ගත කළ තරුණිය පසුදින උදෑසන ප්‍රදේශයේ පොලීසියට පැමිණිලි කළ අතර මොවුන් දෙදෙනාව කැඳවා සමථයකට පත් කිරීමට පොලිස් ස්ථානාධිපතිවරයා දැරූ උත්සාහය ව්‍යාර්ථ වී ඇත. තරුණයා තරයේ පවසා ඇත්තේ තමන් දික්කසාද වන බවයි.

    මෙම සටහන ෆේස්බුක් පිටු රාශියක ඉදිරිපත් වී තිබූ අතර ෆේස්බුක් පරිශීලනය කරන්නන් විශාල සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණි. පහත දක්වා ඇත්තේ “දුලා Girl” නැමැති ෆේස්බුක් පිටුවේ ඉදිරිපත්වී තිබු දහසකට වැඩි පිරිසක් අතර හුවමාරු වී තිබු සටහනක්.

    FacebookArchived Link

    වෙනත් පුද්ගලයින්ගේ ඡායාරුප ද යොදාගනිමින් මෙම පුවතම උපහාසාත්මක කෝණයකින් ෆේස්බුක් පරිශීලකයින් රැසක් විසින් හුවමාරු කරගෙන තිබෙනු ද අපට මෙසේ දැකගන්නට ලැබුණි

    විශාල වශයෙන් සමාජ මාධ්‍ය අතර කතාබහට ලක්වුණු මෙම පුවත වීඩියෝවට ද නඟා තිබුනේ මෙලෙසින් 

    උපහාසාත්මක කෝණයකින් මෙම පුවත් සටහන් නිර්මාණය වී තිබුනද මෙවැනි සටහන් හේතුවෙන් පුද්ගලික ජීවිත වලට බලපෑම් ඇතිවන බැවින් මේ පිලිබඳ ව විමර්ශනයක් සිදුකළෙමු

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම පුවත කන්ද උඩරටින් වාර්තා වන බව දක්වා තිබු බැවින් අප මහනුවර ජේෂ්ඨ පොලිස් අධිකාරි වෙත මෙම සටහන යොමු කර මහනුවර ප්‍රදේශයේ මෙවැනි සිද්ධියක් වාර්තා වී ඇත්දැයි විමසුවෙමු. තම බල ප්‍රදේශයේ මෙවැනි සිදුවීමක් වාර්තාවී නොමති බවට ඔහු සහතික විය. 

    ColomboXnews වෙබ් අඩවියේ ද එවැනි පුවතක් මේ වන විට දැකගනන්ට ලැබුනේ නැත.

    ඉතාලියේ රෝම නගරයේ වාසය කරන දර්ශණ විද්‍යා ප්‍රබෝධ නමැත්තෙකු අප හා සම්බන්ධ වී පවසා සිටියේ සමාජ මාධ්‍යයන්හි සංසරණය වන්නේ තමාගේ සේයාරුවක් බවත්, මෙය කවුරුන් හෝ කළ නොහෝබිනා ක්‍රියාවක් බවත් ය.

    FacebookArchived Link

    තමා ඉතාලියේ රෝම නගරයේ බිරිඳත් සමඟ වාසය කරන බවත්, තමාගේ Instagram ගිණුමේ තවත් ඡායාරූප රැසක් ඇති බවත් අපට දන්වා සිටියේය. තමන් මහනුවර ප්‍රදේශයේ ජීවත්වන බවටත්, LPL තරඟාවලියේ තරඟයකින් පසු බිරිඳව එලියට ඇද දමා, දික්කසාද වන බවට අති සමාජ මාධ්‍ය සටහන් සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ඔහු දන්වා සිටියේය. ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරුපයක් පහතින්.

    InstagramArchived 

    සමාජ මාධ්‍ය ජාලය තුල සංසරණය වන ප්‍රවෘත්ති සටහනේ ඇති ඡායාරූපය සහ දර්ශණ විද්‍යා ප්‍රබෝධගේ Instagram ගිණුමේ ඇති ඡායාරූපය සැසඳීමේ දී එය එකම ඡායාරූපයක් බව තහවුරු විය. 

    ඔහුගේ අනෙකුත් ඡායරූප පරීක්ෂා කිරීමේදී ද එහි සිටින්නේ ඔහුම බව පෙනී යනවා. තවද දර්ශන ඩයස් DVP DIAS නමින් ඔහු ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යන බවද අපට දැකගනන්ට ලැබුණු අතර එහි මේ සම්බන්ධයෙන් ඔහු පළකර තිබු සටහනක් පහතින්

    Facebook | Archived

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ LPL තරඟය නිසා යුවලක් දික්කසාද වෙයි තේමාවෙන් උපහාසාත්මක කෝණයකින් පළවූ සමාජ මාධ්‍ය ජාලයේ විශාල වශයෙන් සසරණය වන ප්‍රවෘත්තියේ දක්වා ඇති තරුණයා, මහනුවර ප්‍රදේශයේ වාසය නොකරන අතර, ඔහු සිය බිරිඳ සමඟ ඉතාලියේ වාසය කරන බවයි. එවැනි පුවතක් නුවර ප්‍රදේශයෙන් වාර්තා වන්නේ ද නැත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.