Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ආසියානු කුසලාන ජයග්‍රහණය පිළිබඳ භානුක රාජපක්ෂගේ නම නැතිව සටහනක් බිමල් රත්නායක පළ කළාද?

    2022-09-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඉලක්ක කරගනිමින් අසත්‍ය තොරතුරු, නොමග යවන සුළු සටහන් නිරතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමත් සමග ඒ පිළිබඳ බිමල් රත්නායක

    කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඉලක්ක කරගනිමින් අසත්‍ය තොරතුරු, නොමග යවන සුළු සටහන් නිරතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමත් සමග ඒ පිළිබඳ බිමල් රත්නායක මහතා සඳහන් කළ සටහනක් බව දක්වමින් පළ වූ සටහනක් පිළබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “වනිදු හසරංග, ප්‍රමෝද් මදුෂාන්, ධනංජය සිල්වා, චාමික කරුණාරත්න, භානුක ඇතුළු ක්‍රීඩකයින්ගේ සුපිරි දක්ෂතාවයෙන් ආසියානු කුසලානය ජයග්‍රහණය කල දසුන් ශානක ඇතුළු කණ්ඩායමට සුබ පැතුම්!” යනුවෙන් සඳහන් කරමින් බිමල් රත්නායක මහතා විසින් ඔහුගේ ටිවිටර් ගිණුමේ පළ කළ සටහනක් ලෙස දක්වා තිබූ සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා.

    එහි භානුක රාජපක්ෂගේ නම සඳහන් නොකිරීමට හේතුව භානුකගේ නමේ රාජපක්ෂ ලෙස තිබීම බවත්, මේ ආකරයට ක්‍රියා කිරීම හෙළා දකින අබව දක්වමින් හුවමාරු වී තිබු සටහනක් මෙලෙසින්

    Facebook | Archived Link

    මෙම සටහන ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    සත්‍ය වශයෙන්ම බිමල් රත්නායක මහතා විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කර තිබුණාද යන්න පිළිබඳ අප සොයා බැලීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප ප්‍රථමයෙන්ම මෙවැනි සටහනක් ජනතා විමුක්ති පෙරමුණේ සභික බිමල් රත්නායක මහතා විසින් සිය ට්විටර් ගිණුමේ පළ කර ඇත්දැයි යන්න පිළිබඳ නිරීක්ෂණය කරනු ලැබුවා. නමුත් එවැනි සටහනක් ඔහු විසින් පළ කර නොතිබුණු බවත්, සැප්තැම්බර් 8 වැනිදා යින් පසුව සටහනක් පළ කර නොතිබුණු බවත්, ක්‍රිකට් තරඟය සම්බන්ධයෙන් කිසිදු සටහනක් ඔහුගේ නිල ගිණුමේ නොමැති බවත් අපට විමර්ශනය වුණා.

    එසේම එවැනි සටහනක් පළකර පසුව ඉවත් කළේද යන්න බලා ගැනීමට අප එම ට්විටර් ගිණුමේ Archives ද අප පරීක්ෂා කළ අතර එවැනි සටහනක් දැක ගන්නට ලැබුනේ නැහැ.

    මේ හේතුවෙන් අප බිමල් රත්නායක මහතාගෙන් ද මේ පිළිබඳව විමසීමක් සිදු කළා. ඒ මහතා සඳහන් කළේ, තමන් එවැනි ප්‍රකාශයක් සඳහන් නොකළ බව හා එවැනි සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හෝ පළ නොකළ බවයි.

    ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවක් දවාගැනීමට පාකිස්තාන වේගපන්දු යවන්නන් සමත් වුවද නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබාගැනීමට හැකි විය.එහිදි විශිෂ්ට පිති හරඹයක නිරත වූ භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71ක් ලබාගැනීමට සමත් වූ අතර ඒ වෙනුවෙන් ඔහුට අවසන් මහා තරඟයේ වීරයා සම්මානය ද හිමිවිය.

    Also Read: FACT CHECK: ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රණයෙන් පසුව බර්ජ් කලීෆා කුළුණ ශ්‍රී ලංකා කොඩියෙන් හැඩවුණා ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජවිපෙ සභික බිමල් රත්නායක මහතා විසින් ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමට එක් කළ සුබා සිංශනයේදී ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගේ නම, රාජපක්ෂ වාසගම හේතුවෙන් හිතාමතා එක් නොකළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බවයි. 

    බිමල් රත්නායක මහතා විසින් එවැනි සටහනක් සිය නිල ට්විටර් ගිණුමේ පළ නොකළ බවට අප කළ නිරීක්ෂණයේදී ද, දැක ගන්නට ලැබුණු අතර, බිමල් මහතා විසින් ද, එවැනි සටහනක් ෆේස්බුක් වෙත තමන් එක් නොකළ බවට තහවුරු කර සිටියා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-09-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.