Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    <strong>නිර්මාණි ලියනගේ මරණයට හේතු පිළිබඳව නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්?</strong>

    2022-11-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සභිකයෙක් වන නලින්ද ජයතිස්ස මහතා විසින් අරගල භූමියේ කැපී පෙනුන චරිතයක් වන නිර්මානී ලියනගේ මෙනවියගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ජනතා විමුක්ති පෙරමුණ සභිකයෙක් වන නලින්ද ජයතිස්ස මහතා විසින් අරගල භූමියේ කැපී පෙනුන චරිතයක් වන නිර්මානී ලියනගේ මෙනවියගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් පිළිබඳ එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “නිර්මාණි ලියනගේ සොයුරියගේ මරණයට හේතුව කල් ඉකුත් වූ කඳුලු ගෑස් වලට දැඩි ලෙස නිරාවරණය වීම නිසා ඇති වූ රෝගී තත්ත්වයක් බවට ලංකා රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්ගෙන් විශ්වාසදායක ආරංචිමාර්ග සනාථ කරයි. නිරායුධ සිවිල් ජනතාවට විෂ වායු ප්‍රහාරයක් එල්ල කළ අපරාධකරුවන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුයි.” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සභික නලින්ද ජයතිස්ස මහතා විසින් සිදු කළ සඳහනක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක්  සංසරණය වුණා.

    Facebook | Archived Link   Facebook | Archived Link

    එම සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප කටයුතු කළේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ජනතා විමුක්ති පෙරමුණ සභික නලින්ද ජයතිස්ස මහතා විසින් සිය නිල ට්විටර් ගිණුමේ මෙවැනි සඳහනක් කර ඇත් ද, යන්න අප ප්‍රථමයෙන් නිරීක්ෂණය කරනු ලැබුවා.

    නමුත් ඔහුගේ නිල ට්විටර් ගිණුමේ (@NalindaJay) එවැනි ප්‍රකාශයක් සඳහන් කළ බවට දක්නට නොලැබුණි හෙයින් එවැනි සටහනක් දක්වා පසුව ඉන් ඉවත් කර ගත්තා ද යන්න පිළිබඳ අප එම ට්විටර් ගිණුමෙහි Archive ඔස්සේ තාක්ෂණික පරීක්ෂාව සිදු කරන ලදී.  එහිදී ද, නලින්ද ජයතිස්ස මහතාගේ නිල ට්විටර් ගිණුමෙන් එවැනි සටහනක් පළ කොට තිබූ බව දැකගන්නට නොලැබුණි.

    ඒ අනුව එම සටහන නලින්ද ජයතිස්ස මහතා විසින් සඳහන් කර ඇති සටහනක් ලෙසට දැක්වීමට සංස්කරණය කරන ලද ඡායාරූපයක් බව පැවසිය හැක.

    එමෙන්ම මේ පිළිබඳ නලින්ද ජයතිස්ස මහතා ද, සිය නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබු‍ණේ, එවැනි ප්‍රකාශයක් තමන් විසින් සිදු නොකළ ඇති බවත්, මෙය ව්‍යාජ නිර්මාණයක් බවයි.

    Facebook | Archived Link

    නිර්මාණි ලියනගේ

    අරගල භූමියේ ප්‍රකට ක්‍රියාකාරිනියක වූ, අරගලයේ පුරවැසි සභාව නිර්මාණය කිරීමේ මූලිකත්වය ගත් නිර්මාණි ලියනගේ තරුණිය පසුගිය 12 වන දා ලංකා හොස්පිට්ල් (පුද්) රෝහලේදී හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත් වූ බවට ඇයගේ හිතවතුන් පවසනවා. ඒ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ඇයගේ හිතවතුන් සිය සංවේගය පළ කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ  උපාධිධාරිනියකවූ ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. පර්යේෂිකාවක, නාගරික සැලසුම් ශිල්පිණියක, අධ්‍යාපනඥයෙකු, ජනවාර්ගික අධ්‍යයන වේදියෙකු වූ ඇය කොළඹ City School of Architecture හි බාහිර කථිකාචාර්ය වරියක ලෙස කටයුතු කර තිබේ.

    කෙසේ වෙතත් ඇය පිළිබඳව අප ලංකා හොස්පිට්ල් (පුද්ගලික) රෝහලෙන් විමසීමක් සිදු කළ අතර ඔවුන් සඳහන් කළේ, රෝගීන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරුක් ලබා දිය නොහැකි බවයි.

    පැරණි කඳුළු ගෑස්

    මෙරට ජනතා අරගලය පැවති වකවාණුවේදී පොලීසිය විසින් මහජන විරෝධතාකරුවන්ට එල්ල කළ කඳුළු ගෑස් කල් ඉකුත් වූ බවට දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය සංසරණය වූ අතර තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සමාජයීය සහ සාමයික කේන්ද්‍රය හා පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් ජනමාධ්‍යවේදියකු වන තමා කළ ඉල්ලීම් ඉටුකිරීම පැහැර හැරීම අභියෝගයට ලක් කරමින් ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගොනු කළ අභියාචනා පරීක්‍ෂණය පුරා මාස දෙකකට ආසන්න කාලයක් පැවති අතර කඳුළු ගෑස් මිල දී ගැනීම ගැන, එල්ල කිරීම ගැන සහ පරණ කඳුළු ගෑස් ගැන සියලු තොරතුරු මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලිසියට නියෝගකර තිබෙනවා.

    ඒ අනුව නොවැම්බර් 14ට පෙර එම තොරතුරු මුදා නොහැරියොත් පොලිසියට එරෙහිව නඩු පවරන බවයි දැනුම් දී ඇත්තේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් දැක්වෙන්නේ, නිර්මාණි ලියනගේ මරණයට හේතුව කල් ඉකුත් වූ කඳුලු ගෑස් වලට දැඩි ලෙස නිරාවරණය වීම නිසා ඇති වූ රෝගී තත්ත්වයක් බවට ජනතා විමුක්ති පෙරමුණ සභික නලින්ද ජයතිස්ස මහතා ට්විටර් පණිවුඩයක් ඔස්සේ පැවසූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන නොමග යවන සුළුයි. තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවට නලින් ද ජයතිස්ස මහතා තහවුරු කරන අතර ඔහුගේ නිල ට්විටර් ගිණුමේ ද එවැනි සටහනක් පළකර තිබුනේ නැහැ

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-11-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.