
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
ජනශක්ති සමුහයට සම්බන්ධ ප්රකට ව්යාපාරිකයෙක් වන දිනේෂ් ශාෆ්ටර් ඝාතනය පිලිබදව මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙනවා. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මධ්යම කාරක සභික නලින්ද ජයතිස්ස ට්විටර් පණිවිඩයක් මගින් දැක්වූ අදහසක් ලෙස පණිවිඩයක් වේගයෙන් සමාජ ජාලාවල හුවමාරු වෙනවා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් පහතින්.
සමාජ ජාලා සටහන්
ශාෆ්ටර් ඝාතනයට රාජපක්ෂවරුන් සම්බන්ධ බවට නලින්ද ජයතිස්ස ට්විටර් පණිවිඩයක් මගින් පැවසූ බවට සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ “අරගලයට දිනපතා ආහාර ලබාදුන් දිනේෂ් ශාෆ්ටර් මහතාව සාහසික ලෙස මරාදමයි. ඊට පසු සිනා රාජපක්ෂ පවුල යාල සෆාරි ගොස් ප්රීතිය සමරයි. තේරුම් ගැනීම ඔබට බාරයි!” යන වදන් පෙළත් සමඟින්.

එම සටහන් වට්ස්ඇප් සමාජ ජාලයේ වේගයෙන් ව්යාප්තව තිබුණේ මෙලෙසින්.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check ( සත්ය කරුණු විමසා බැලීම )
අප මුලින්ම විමසා බැලුවේ නලින්ද ජයතිලක විසින් මෙවන් ප්රකාශයක් පිළිගත් මාධ්යකට සිදුකර ඇතිද යන්නයි. නමුත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ.
ඉන් අනතුරුව අප ඔහුගේ නිල ට්විටර් ගිණුම පරික්ෂා කර බැලු අතර එහිද එවැනි ට්විටර සටහනක් තිබුණේ නැහැ. එසේම තමන් කිසිසේත් මෙවන් දෙයක් නොපැවසූ බවට ඔහු ට්විටර් සටහනක් එක්කර තිබුණේ මෙලෙසින්.
This is a totally fake tweet.Those who wants to know the truth pl follow my twitter account. pic.twitter.com/pMcMlpJMdA
— Nalinda Jayatissa (@NalindaJay) December 21, 2022
ඉන්පසුව ඔහු මෙවැනි ට්විටර් පණිවිඩයක් පළකර නැවත එය මකා දමා ඇතිද යන්න පරික්ෂා කිරීම සදහා Twitter Archives පරික්ෂා කල අතර එවැනි සටහනක් ද අපට හමුවුයේ නැහැ.
ජනතා විමුක්ති පෙරමුණේ මාධ්ය අංශයද පැවසුවේ මෙය සම්පුර්ණ අසත්ය , කිසියම් කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද ව්යාජ ට්විටර් පණිවිඩයක් බවයි.
මෙරට ප්රමුඛ පෙලේ මූල්ය සමාගමක කළමනාකරණ අධ්යක්ෂවරයෙකු සහ ප්රමුඛ රක්ෂණ සමාගමක අධ්යක්ෂවරයෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැද දමා සිටියදී පසුගිය 15 වැනිදා පස්වරුවේ ශාෆ්ටර් මහතා සොයා ගැනුණි. පසුව රෝහල්ගත කෙරුණු ඔහු එදින රාත්රියේදීම ජීවිතක්ෂයට පත්වුණි.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණ වුණේ ගෙල සිරවීම මරණයට හේතුව බවය. ඒ සම්බන්ධයෙන් වන වීඩියෝවක් පහලින්.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion ( අවසාන නිගමනය )
අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වුවේ මෙවන් ට්විටර් පණිවිඩයක් නලින්ද ජයතිස්ස විසින් නිකුත් කර නොමැති බව සහ මෙය කිසියම් පිරිසක් ට්විටර් පණිවිඩයක ආකාරයෙන් නිර්මාණය කරන ලද ව්යාජ සටහනක් බවයි.


