දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
නේපාල-ටිබෙට් දේශසීමාවේ, සුනාමි තත්වයක වැනි ඉතා ඉහළ රළ සමඟ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වය දැක්වෙන වීඩියෝ දර්ශන ලොවක් හඟවමින් හුවමාරු වෙත්ම, ලංකාවේ ද වෙරළබඩ ප්රදේශවලට ද සුනාමි අනතුරක් ඇති බවට ඇතැම් සමාජ මාධ්ය පිටු සහ වට්ස්ඇප් සමූහයන් ඔස්සේ පුවත් පැතිර යමින් පවතී.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කළ සිතියම් ද වැරදි ලෙස අර්ථකථනය කරමින් “ලංකාවම සලිත කරමින් මුහුද කැළඹෙයි”, “රතු එළියක් නිකුත් කෙරේ” යනුවෙන් ජනතාව අතර දැඩි බියක් සහ කලබලකාරී ස්වභාවයක් ඇති කිරීමට ඇතැමුන් උත්සාහ කර ඇති බව දැක ගන්නට ලැබේ.
මෙම “සුනාමි අවදානම” පිළිබඳ පැතිර යන පුවත්වල ඇත්ත නැත්ත සෙවීමට අප කළ කරුණු පරීක්ෂාවයි මේ.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
Claim1 :

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කළ සිතියමක් දක්වමින් සුනාමි අවදානමක් ලෙස අර්ථකතනය කළ සටහනක් පළව තිබුණේ මේ අයුරින්.


Facebook Facebook | Archived Link
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
ඉහත සමාජ මාධ්ය සටහන් වලින් පෙන්වා දීමට උත්සහ කර ඇති ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් සුනාමි අවදානම් නිවේදනයක් නිකුත් කර ඇත් ද, යන්න එම දෙපාර්තමේන්තුවේ මාධ්ය නිවේදන හරහා ප්රථමයෙන් ම පරීක්ෂා කරනු ලැබුවා.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇත්තේ “මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්” පමණි. එහි කිසිදු තැනක මුළු රටම සලිත වන ආකාරයේ මුහුදු රළ ගොඩට පැමිණෙන බවට ප්රකාශයක් කර නොමැති බව දැක ගන්නට ලැබේ.
කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන වෙරළබඩ සහ මුහුදු ප්රදේශ සඳහා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
අගෝස්තු මස 27 වන දින පස්වරු 3.30 දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව, අදාළ මුහුදු ප්රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 3.0ත් අතර උසකින් ඉහළ යාමේ දැඩි හැකියාවක් පවතින බව ත්, මෙය ගොඩබිමට එන රළ උස නොවන බවට එහි පැහැදිලිව සඳහන් කර ඇති බව ත්, දක්නට ලැබේ. බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්රදේශවල මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ හැකියාවක් ද පවතින අතර මෙම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදන ප්රජාවත්, එම වෙරළ ආශ්රිතප්රදේශ වල වෙසෙන ජනතාවත් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා තිබුණා.
කෙසේ වෙතත්, මුහුදු ප්රදේශවල රළ උස බවත්, වෙරළ ආසන්න පහත් බිම්වලට මුහුදු ජලය පැමිණීමේ (Surge) හැකියාවක් පමණක් පවතින බවත් මෙම නිවේදනයේ දක්වා තිබුණ ද, සමාජ මාධ්ය සටහනේ මෙම වැදගත් කොටස ගොඩබිමට එන රළ උස නොවන බවට සඳහන් කර ඇති කොටස මඟහැර, මුහුද කැළඹී විශාල විපතක් සිදුවීමට යන ආකාරයෙන් පුවත පළ තිබුණා.
එම නිවේදනය මෙතනින්.

Department of Meteorology – Sri Lanka |Facebook
කාළගුණ විද්යා දෙපාර්තමේන්තුව
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්නගේ මහතාගෙන් අප කළ විමසීමේදී සඳහන් කළේ, මෙරටට සුනාමි අවදානම් තත්ත්වයක් නොමැති බව ත්, කාලගුණ නිවේදනයේ දක්වා තිබුණේ, නිරිත දිග මෝසම් තත්ත්වය, වාරකං තත්ත්වය සමග ඇති වන මුහුදු රළ ඉහළ යාමක් බවයි.
සුනාමි තත්ත්වයක් ඇති වනවා නම්, මුහුදු පතුළේ සිදුවන භූමි කම්පාවක්, උල්කාපාත කඩා වැටීම්, න්යෂ්ඨික පිපිරීමක් මුහුදේ ඈත සිදු වී, එය විනාඩි 45ක් වැනි කාලයක් තුළ වෙරළට පැමිණීමට ගත වන බව ත්, නමුත් කාලගුණ නිවේදනයෙන් අඟවා ඇත්තේ, තාවකාලිකව, මේ කාල සීමාවේ දක්නට ලැබෙන සිදුවීමක් වන අතර, එහිදී මුහුදු ජලය ගොඩබිමට පැමිණීමට හැකියාව ඇති නමුත්, එය මුහුදු ඛාදනය වැනි තත්ත්වයක් මිස සුනාමි තත්ත්වයක් නොවන බව ත්, වැඩි දුරටත් පැහැදිලි කරනු ලැබුවා.
ආපදා කළමනාකරණ මධ්යස්ථානය (DMC)
අප මේ පිළිබඳව ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ මාධ්ය ප්රකාශක ප්රදීප් කොඩිප්පිලි මහතාගෙන් විමසීමක් කළ අතර, ඒ මහතා සඳහන් කළේ, ශ්රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බවයි. මීටර් 2.0-3.0 දක්වා රළ උස ඉහළ යන්නේ ඈත මුහුදේ වන අතර, වෙරළ ආසන්න පහත් බිම්වලට මුහුදු ජලය පැමිණීමේ හැකියාවක් පැවතිය ද, ගොඩබිමට එන රළ උස් නොවන බව ද, පවසා සිටියා. මේ හේතුවෙන් සුනාමි වැනි තත්ත්වයක් පැමිණෙන බවට ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බව ත්, ඔහු තවදුරටත් තහවුරු කළා.
නේපාල ගංවතුර තත්ත්වය සමගින් අනිසි බියක්
2026 අගෝස්තු 26 වන දින උදෑසන නේපාල-ටිබෙට් දේශසීමා කලාපයේ නේපාලයේ රසුවා (Rakuwa) සහ නුවාකොට් (Nuwakot) දිස්ත්රික්කවලට සිදු වූ මහා විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකු නොමග ගොස් ඇත්තේ, මෙම සිදුවීම හදිසි සුනාමි තත්වයත් මත ඇති වූ ව්යසනයක් ලෙසයි.
මීටර් 600ක් පමණ පළලැති හිම ග්ලැසියර කොටසක් කඳු මුදුනකින් පහළට කඩා වැටීම ත්, මෙම කඩා වැටීමේ වේගය නිසා අයිස් දියවී, පස් සහ ගල් සමඟ මිශ්ර වූ දැවැන්ත ක්ෂණික ගංවතුරක් භෝටේ කොෂි (Bhote Koshi) ගඟ ඔස්සේ පහළට ගලාවිත් එම ව්යසනය සිදුව තිබුණි.
මෙම තත්ත්වය සුනාමි තත්ත්වයක් නොවන අතර මීට පෙර, මෑතකදී ද, සෑම මසකම පාහේ කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් මෙවැනි අකාරයේ මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදන නිකුත් තර තිබුණේ මෙලෙසින්. Archived Link
නමුත් නේපාලයේ ඇති වූ ස්වභාවික ආපදා තත්ත්වය සමග බොහෝ දෙනෙකු මෙවර නිකුත් කළ නිවේදනය වෙත අවදානය යොමු කරමින් එය නොමග යන ලෙස අර්ථකථනය කිරීම හේතුවෙන් මෙලෙසින් අනිසි බියක් ඇති කර ගෙන තිබේ.
Claim2 :
සුනාමි තත්ත්වයක් , යනුවෙන් සඳහන් කරමින් මුහුදු රළ පසුපසට ගොස් ඇති බවට දක්වමින් වීඩියෝවක් ද, මෙලෙසින් හුවමාරු වී තිබුණා.
Fact-Check :
අප මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර මෙම වීඩියෝව ඉන්දියාවේ ගුජරාට් හි පිහිටි අලන්ග් නැව් ප්රතික්රීකරණ අංගනය (Alang Ship Breaking Yard)බව දැක ගන්නට ලැබෙනවා.
2026 ජූලි 8 වැනිදා ඉන්දියානු ජාතිකයෙකු Facebook හි පළ කළ මුල් වීඩියෝව සොයා ගැනීමට හැකි විය.
අලන්ග් යනු ලොව විශාලතම නැව් ප්රතික්රීකරණය කරන මධ්යස්ථානයයි. මෙහිදී විශාල භාණ්ඩ ප්රවාහන නැව් සහ තෙල් කැණීම් නැව් වාර ප්රවේගය (High tide පවතින අවස්ථාවලදී වෙරළේ මඩ සහිත බිමට ස්වභාවිකව තල්ලු කරනු ලබයි. සාමාන්ය වාර විපර්යාසය හේතුවෙන් මුහුදු මට්ටම පහත බසින විට (Low tide), මෙම නැව් මඩ මත සිරවී ඉතිරි වේ. ඉන්පසු සේවකයන් විසින් මෙම නැව් කොටස් වලට කඩා ප්රතිචක්රීකරණය කිරීම සිදු කරයි.
(වඩදිය පවතින අවස්ථාවලදී නැව් ස්වභාවිකව වෙරළට ධාවනය කරවන “Beaching” ක්රියාවලිය පිළිබඳ තාක්ෂණික විස්තර Ocean Star Shipping – Alang Guide වෙබ් අඩවියෙන් සහ HowStuffWorks මඟින් පැහැදිලි කර ඇත.)
මෙම වීඩියෝව, සමාජ මාධ්ය ඔස්සේ පේරු, ආජන්ටිනා වල සුනාමි තත්ත්වයක් ලෙස පෙන්වීමට උපයෝගි කර ගෙන තිබුණ ද, මෙය ඉන්දියාවේ අලන්ග් නැව් ප්රතික්රීකරණය අංගනය බවට තහවුරු කරමින් සිදු කළ තව ත්, කරුණු විමර්ශන වාර්තාවක් ද, දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සුනාමි තත්ත්වයත් ඇති වන බවට හඟවමින් ඉහත සමාජ මාධ්ය සටහන් නිල කාලගුණ නිවේදනයේ කොටස් අතිශයෝක්තියට නංවා ව්යාජ භීතිකාවක් මවා ඇති බවයි. ශ්රී ලංකාවට කිසිදු සුනාමි හෝ මහා පරිමාණ ව්යසනකාරී තත්ත්වයක් නොමැති බව ත්, කාලගුණ දෙපාර්තමේන්තුවෙන් පෙන්වා දී ඇත්තේ, නිරිත දිග මෝසම් තත්ත්වයත් සමග ඇති වන මුහුදු රළ ඉහළ යාමේ තත්ත්වයක් බව ත්, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව මෙන් ම සුනාමි තත්ත්වයක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය ද, තහවුරු කරයි.
එබැවින්, මෙවැනි නොමඟ යවන සුළු සටහන් හුවමාරු කිරීමෙන් වළකින්න. සැමවිටම කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ (meteo.gov.lk) සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ (dmc.gov.lk) නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙස අප පාඨක ඔබෙන් ද, ඉල්ලා සිටින්නෙමු.



