Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගාලුමුවදොර පිටියේ විරෝධතාවය පිළිබඳ අසත්‍ය සටහන් පෙළක්!

    2022-04-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ගාලුමුවදොර පිටිය මූලික කර ගනිමින් පසුගිය සෙනසුරාදා සිට මේ වන තෙක් අඛණ්ඩව සිදු කරනු ලබන සාමාකාමී විරෝධතාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් කිහිපයක් සංසරණය වූවා. අප එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : ‘රැට්

    ගාලුමුවදොර පිටිය මූලික කර ගනිමින් පසුගිය සෙනසුරාදා සිට මේ වන තෙක් අඛණ්ඩව සිදු කරනු ලබන සාමාකාමී විරෝධතාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් කිහිපයක් සංසරණය වූවා. අප එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් කළ විමර්ශනයයි මේ. 

    සමාජ මාධ්‍ය සටහන් :

    ‘රැට්ටා’ නමැති ජනප්‍රිය යූ ටියුබ් නාලිකාව මෙහෙයවන රතිඳු සේනාරත්න විසින් අරගලය මුවාවෙන් මුදල් වංචා කරන උපුල් සන්නස්ගලට හසු නොවන්න යනුවෙන් සඳහනක් සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කර බවට සහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    එම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    එමෙන්ම කෙටි කාලයක් සඳහා පමනක් ලංකවේ ඉදිකරන අහිගුණ්ඨික නවාතැන් පොළක් බව සලකන්න සහ සියලු N G O පිහිටයි යනුවෙන් සඳහන් කළ තවත් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්.

    එම ඡායාරූපයේ දැක්වුණේ, ඩයස්පෝරාගම යනුවෙන් ගාලුමුවදොර පිටියේ නාම පුවරුවක් සාදන ආකාරයකි. එම සටහන පහතින්.

    Facebook | Archived Link

    එම ඡායාරූපය පළ වූ තවත් සටහනක් මෙතනින්.

    මේ දිනවල සිදුවන විරෝධතාවයන්ට සමගාමීව දිවයින පුවත් පතේ පළ වූ පුවක් බව හඟවමින් “දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති කිහිපයකට, ජනප්‍රිය හිමිනමකට සහ මාධ්‍ය කණ්ඩායමක් වෙත ආණ්ඩුවට ගහන්න රුපියල් කෝටි 85ක් එයි” යනුවෙන් වූ පුවතක ඡායාරූපයක් ද සමාජ මාධ්‍ය වෙත එකතු කර තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    මේ දිනවල මෙම ඡායාරූපය සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් අපගේ අවධානය යොමු කරනු ලැබුවේ, රැට්ටා ෆේස්බුක් නිල පිටුව වෙතටයි. එහිදී උපුල් ශාන්ත සන්නස්ගල මහතා සම්බන්ධයෙන් එවන් ප්‍රකාශයක් රතිඳු සේනාරත්න විසින් සඳහන් කර නොතිබුණි එහි දක්වා තිබුණේ, “අරගලය වෙනුවෙන් ‘මුදලින්’ ආධාර ලබාදීමේදී විශ්වාසවන්ත සමීපතයෙකුට හැර වෙන අයෙකුට ලබාදීමෙන් වලකින්න” යනුවෙනි.

    එම සටහන පහතින්.

    Facebook | Archived Link

    මේ පිළිබඳව විමසීමට අප ගාලුමුවදොර පිටියේ මේ වන විටත් විරෝධතාවයේ නියැලෙන රතිඳු සේනාරත්න නැතහොත් රැට්ටාව අප සම්බන්ධකර ගත් අතර ඔහු පවසා සිටියේ තමන් කිසිදු අවස්ථාවක උපුල් ශාන්ත සන්නස්ගල සම්බන්ධයෙන් එවන් ප්‍රකාශයක් හෝ කිසිදු සටහනක් තමන් විසින් සිදු නොකළ බවත්, තමන් සඳහන් කළ සටහන සංස්කරණය කරමින් මෙලෙස අසත්‍ය සටහනක් තමන් පැවසූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි

    අප සිදුකළ තාක්ෂණික විමර්ශනයේදී ද මෙම ෆෙස්බුක් පිටුවේ ඉහත පරිදි සටහනක් පළකර ඉවඉවත් කිරීමක් සිදු නොවූ බව තහවුරු වුණා.

    එමෙන්ම දෙවන ඡායාරූපය සම්බන්ධයෙන් අප නිරීක්ෂණය කිරීමේදී දැක ගන්නට ලැබුණේ, මේ දිනවල ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවයේදී විරෝධතාකරුවන් විසින් ගාලුමුවදොර පිටියේ විරෝධතාවයේ සටන් පාඨය වන Gota Go සටන් පාඨය ඇසුරින් ‘ගෝඨාගෝගම’ යනුවෙන් එම කොටස ගමක් ලෙස හැඟවෙන අයුරින් උපහාසාත්මක ස්වරූපයෙන් පළ කළ නාම පුවරුව මෙලෙස ‘ඩයස්පෝරාගම’ යනුවෙන් සංස්කරණය කර ඇති බවයි. . ‘ගෝඨාගෝගම’, ඉංග්‍රීසි බසින් සහ දමිළ බසින්ද සඳහන් කළ නාම පුවරුවක් සවි කරන ආකාරයක් එහි සත්‍ය රූපයේ දැක්වෙන අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ සත්‍ය ඡායාරූපය ඇසුරින් සංස්කරණය කරන ලද ඡායාරූපයකි.

    එම සත්‍ය ඡායාරූපය පහතින්.

    Facebook | Archived Link

    එම සත්‍ය ඡායාරූපය සම්බන්ධයෙන් පළ වී තිබූ තවත් සමාජ මාධ්‍ය සටහන් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    ව්‍යාජ ඡායාරූපය සහ සත්‍ය ඡායාරූපය අතර සංසන්දනය පහතින්.

    මෙම නාමපුවරුව අසල වෙනත් පුද්ගලයන් ලබා ගත් වෙනත් කෝණවලින් ලබා ගත් ඡායාරූප මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    මේ දිනවල දිවයින පුවත් පතේ පළ වූ පුවතක් ලෙස සංසරණය වී තිබූ එම ඡායාරූපය සම්බන්ධයෙන් ද අප විමර්ශනයක් කළ අතර අපට තහවුරු වූයේ එම පුවත 2021 වසරේ අගෝස්තු මස 22 වැනි ඉරිදා පළ වූ පුවතක් බවයි.

    එම පුවත් වාර්තාව දිවයින වෙබ් අඩවියේද, එදින පළ වී තිබුණේ මෙලෙසින්. 

    Archived Link

    එදින පළ වූ එම පුවත සම්බන්ධයෙන් ස්වර්ණවාහිණි නාලිකාවේ පත්තරේ වැඩසටහනේ පළ වූ වීඩියෝව මෙතනින්.

    එම වකවාණුවේදී මෙම පුවත රැගත් ෆේස්බුක් සටහන් මෙතනින් සහ මෙතනින්.

    ඒ අනුව පෙනී යන්නේ මෙම පුවත් වාර්තාව පසුගිය වසරේ පළ වූ පුවතක් බවයි. නමුත් මෙම පුවතේ ඡායාරූපයක් යොදා ගනිමින් වර්තමාන විරෝධතාවයට මෙලෙස මුදල් ලැබී ඇති බවට ජනතාව නොමග යැවීමට මෙම ඡායාරූපය භාවිත කර තිබුණා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යැවීම සඳහා රැට්ටා ෆේස්බුක් පිටුව මගින් උපුල් ශාන්න සන්නස්ගල මහතා විරෝධතාවය මුල් කර ගනිමින් මුදල් ලබා ගන්නා බවට දැක්වූ සටහන ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති අතර ගාලුමුවදොර පිටියේ විරෝධතාකරුවන් විසින් ඩයස්පෝරාගම යනුවෙන් සඳහන් වන කොටසක් නම් කර නොමැති අතර එම නාමපුවරුවේ සඳහන් කර තිබුණේ, ‘ගෝඨාගෝගම’ යනුවෙන් සහ එහි ඉංග්‍රීසි බසින් සහ දමිල බසින් පරිවර්ථනයන් පමණකි. එමෙන්ම 2021 වසරේ දිවයින් පුවත් පතේ පළ වූ ලිපියක් මේ දිවනල පළ වූ පුවතක් බවට හඟවමින් සංසරණය වී තිබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-04-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.