Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ආගමික නායකයින් අළලා පළ වන ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන්!

    කරුණු විමර්ශනය කිරීම
    2026-08-06
    6 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ජාලාවන් ඔස්සේ විවිධ දේශපාලන සහ පුද්ගලික න්‍යායපත්‍රයන් සාක්ෂාත් කරගැනීම සඳහා ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආගමික නායකයන්ගේ නමින් ව්‍යාජ ප්‍රකාශ සහ සංස්කරණය කරන ලද සටහන් ප්‍රචාරය කිරීමේ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය ජාලාවන් ඔස්සේ විවිධ දේශපාලන සහ පුද්ගලික න්‍යායපත්‍රයන් සාක්ෂාත් කරගැනීම සඳහා ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආගමික නායකයන්ගේ නමින් ව්‍යාජ ප්‍රකාශ සහ සංස්කරණය කරන ලද සටහන් ප්‍රචාරය කිරීමේ ප්‍රවණතාවක් මෑතකාලීනව දැක ගන්නට ලැබෙනවා. පොදු මහජනතාව නොමඟ යවමින්, ආගමික නායකයන් කෙරෙහි පවතින විශ්වාසය සහ ගෞරවය අවභාවිත කරමින් සමාජගත කර ඇති එවැනි අසත්‍ය පුවත් වල සත්‍ය අසත්‍යතාවය සොයා බලමින් සිදුකරන ලද කරුණු විමර්ශනයන් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Claim

    ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට නොව, තමන්ට පාප් ධුරය ලබාගැනීම සඳහා පාස්කු ප්‍රහාරය සැලසුම් කළ බව කාදිනල්තුමා පාපොච්චාරණය කළ බවට දක්වමින් උන්වහන්සේ විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙසට සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණා.

    Facebook | Archived Link

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු තමන් බවට පිළිගත් බවට ප්‍රකාශයක් කර තිබුණේ නම්, ඒ සදහා ප්‍රධාන මාධ්‍ය ධාරා වල ඒ පිළිබද වාර්තා කිරීම සිදු විය යුතු නමුත්, එලෙසින් වාර්තාවක් සිදු කෙරුණු කිසිදු වාර්තාවක් දැක ගන්නට නොලැබේ.

    මෙම සටහනේ Ada Derana මාධ්‍ය ආයතනය විසින් පළ කරන ලද ෆේස්බුක් පුවත් සටහනක් ලෙස පෙන්වා දී ඇති බැවින් අප එම නිල ෆේස්බුක් පිටුවේද, මෙවැනි පුවතක් පළ කර ඇත් ද, යන්න පිළිබද පරීක්ෂා කළ ත්, ඉහත සදහන් පුවත වාර්තා කර නොමැති බව නිරීක්ෂණය විය.

    නමුත් 2026 අගෝස්තු 10 වන දා කාදිනල් හිමිපාණන් විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සටහනක් පළ කර තිබූ අතර එහි සදහන් වී තිබුණේ, “මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව කාදිනල් හිමියන් කියයි” යනුවෙනි.

    Facebook | Archived Link

    ඒ අනුව ඉහත සත්‍ය සටහන සංස්කරණය කරමින් “ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට නොව, තමන්ට පාප් ධුරය ලබාගැනීම සඳහා පාස්කු ප්‍රහාරය සැලසුම් කළ බව” කාදිනල්තුමා ප්‍රකාශ කළ බවට සමාජය නොමග යවමින් මෙම සටහන් පළ කර තිබුණා.

    2019 ඛේදවාචකයේ සැබෑ මහ මොළකරු හෝ මොළකරුවන් කවුදැයි හෙළිදරව් කර ගැනීමට කොළඹ අගරදගුරු පදවිය වින්දිතයන් සමඟ දිගටම පෙනී සිටින බව මෙහිදී ද, කාදිනල්තුමා නැවතත් අවධාරණය කර තිබුණා. කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදයට අනුව මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා තිබුණා.

    උන්වහන්සේ මේ බව සඳහන් කළේ, පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව වගකීම් පැහැර හැරීමේ චෝදනාවට හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ලබා දුන් මරණ දඩුවම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමිනි.

    මරණ දණ්ඩනයෙන් මානව ගරුත්වය උල්ලංඝනය වන බවත් සාන්ත සභා ඉගැන්වීම තුළ කිසිදු මරණීය දණ්ඩනය පැනවීමක් සම්බන්ධයෙන් එකඟවීමට නොහැකි බවත් කාදිනල් හිමියන් අවධාරණය කළේය.

    කෙසේවෙතත් ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි තමන් පූර්ණ විශ්වාසය තබන බවත් එහි තීරණවලට හෝ සාකච්ඡාවන්ට හෝ කිසිදු ආකාරයකින් මැදිහත්වීමට අදහස් නොකරන බවත් කොළඹ අගරදගුරු පදවිය සඳහන් කරයි. මේ පිළිබඳව පළ වූ ලිපිය මෙතනින්.

    Claim

    පෙරහැරවල්වල අලින් සහ දම්වැල් භාවිතය සම්බන්ධයෙන් රජය ගත් තීරණයකට කාදිනල්තුමා ප්‍රශංසා කළ බවත්, දෙමළ, මුස්ලිම් සහ කතෝලික ජනතාව රජය සමඟ සිටින බවත් පවසමින් NewsWire ආයතනය විසින් පළ කළ සමාජ මාධ්‍ය සටහනක් ලෙස මෙය සංසරණය වී තිබුණා.

    Facebook | Archived Link   FB FB

    Fact-Check :

    මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මෙවැනි ප්‍රකාශයක් කර තිබු බවක්, අප මේ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ කළ පරීක්ෂාවේදී දැකගන්නට ලැබුනේ නැහැ.

    එමෙන් ම දක්වා ඇති ලෙස NewsWire නිල පුවත් ෆේස්බුක් පිටුවේ හෝ සටහනක් පළ වී නොතිබුණි. එමෙන් ම ඔවුන් විසින් මෙවැනි සටහනක් ඔවුන් විසින් පළ කර නොමැති බව ත්, තමන්ගේ සන්නාම ලාංඡනය අවභාවිත කරමින් සකසා ඇති මෙම සටහන ව්‍යාජ බවට ත්, දක්වා තිබුණා.

    Facebook

    කොළඹ අගදදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක

    කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමාගෙන් ද, අප මේ පිළිබඳව විමසීමක් කළ අතර, පියතුමන් සඳහන් කළේ, මෙම සටහන් අසත්‍ය බව ත්, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මෙවැනි ප්‍රකාශයක් කර නොමැති බව ත් ය.

    අලි ඇතුන් සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ සංවාදය 

    ශ්‍රී ලංකාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයන් පැවැත්වෙන මෙම වකවානුවේදී, විශේෂයෙන් අගෝස්තු මාසයේ, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු හීලෑ අලි හිමිකරුවන්ගේ සංගමය විසින් ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබුණා.

    ඔවුන් පෙන්වා දෙන්නේ වසරකට පෙරහැරවල් 400කට ආසන්න ප්‍රමාණයක් පැවැත්වෙන නමුත් ලංකාව පුරාම දැනට ඉතිරිව ඇත්තේ හීලෑ අලි ඇතුන් 93 දෙනෙකු වැනි ඉතා සීමිත සංඛ්‍යාවක් පමණක් බවයි. 

    අලි ඇතුන් හිඟකම නිසා ඉදිරියේදී පෙරහැර සංස්කෘතිය විශාල තර්ජනයකට ලක්විය හැකි බවත්, පෙරහැරවල අලි ඇතුන් භාවිතය පිළිබඳව පොදු එකඟතාවයකට හෝ මාර්ගෝපදේශ මාලාවකට පැමිණීමට කාලය එළඹ ඇති බවත් ඔවුන් ප්‍රකාශ කර තිබේ. 

    මේ සමඟම සත්ව හිංසනය වැළැක්වීමේ සංවිධාන ද දම්වැල් භාවිතය සහ සතුන්ට සිදුවන පීඩා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සිය විරෝධතා සහ මතවාද යළිත් කරළියට වරින් වර පැමිණෙන අතර මේ ඔස්සේ ද, අලි ඇතුන් පිළිබඳව සමාජයේ පවතින සැබෑ කතාබහ තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර, ආගමික නායකයෙකු විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස  අසත්‍ය සටහනක් නිර්මාණය වී ඇති බවට පෙන්වා දිය හැක.

    එමෙන් ම 2026 ජූලි මාසයේදී රජය විසින් නිල වශයෙන් ගැසට් පත්‍රයක පළ කරන ලද නව සත්ව ශුභසාධන පනත් කෙටුම්පත මඟින් වසර 100කට වඩා පැරණි (1907 වසරේ) සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීමේ ආඥාපනත අහෝසි කර, සතුන් සුරක්ෂිත කිරීම සඳහා ඉතා දැඩි නීති සහ ඉහළ දඩ මුදල් හඳුන්වා දී තිබෙනවා.

    මෙම නව පනත් කෙටුම්පතේ ඇතුළත් ප්‍රධාන කරුණු අතර සත්ව හිංසනය සහ කෲරත්වය තහනම් කිරීම ද, අයත් වන අතර පනත මඟින් සතුන්ට වධහිංසා පැමිණවීම නීති විරෝධී ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එහි ඇති සතුන්ට අනවශ්‍ය ලෙස වේදනා දෙන අයුරින් අයුක්ති සහගත කාලයක් කෙටි හෝ අධික බර දම්වැල්වලින් බැඳ තැබීම යන කරුණ ඔස්සේ බොහෝ පිරිසක් පෙරහැරවල්වල අලි ඇතුන් භාවිතයට තහංචියක් දැමීම ලෙස ද, සමාජයේ කතාබහක් ගොඩ නැංවී තිබීම හා අළලා ද, මෙවැනි සටහන් නිර්මාණය වී ඇති බව ද, පෙන්වා දිය හැක.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Result Stamp

    Title: ආගමික නායකයින් අළලා පළ වන ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන්!

    Fact Check By: Pavithra Sandamali

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-08-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.