Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පෙත්සම නිෂ්ප්‍රභා කරලාද ?

    2025-03-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update 03/19/25 :මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂඨාධිකරණයේ ‍ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයකින් තොරව නිෂ්ප්‍රභා කර තිබේ. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාග

    Update 03/19/25 :
    මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂඨාධිකරණයේ ‍ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයකින් තොරව නිෂ්ප්‍රභා කර තිබේ.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා සිටි ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම පිළිබඳ පසුගිය සමයේ කතාබහට ලක් වූ මාතෘකාවක්. මෙම තීරණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් යොමු කර ඇති අතර මේ පිළිබඳව නොමග යවන සුළු සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මේ ඒ පිළිබඳ අප සිදු කරණ විමර්ශන වාර්තාවක්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “හිටපු ජනාධිපති මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පෙත්සම නිෂ්ප්‍රභා කෙරෙයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මේ ආකාරයෙන්

    Facebook | Archived Link

    එම සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර ද, සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ ආරක්ෂිත නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගිය ජනවාරි මස ගොනු කරනු ලැබුවා.

    මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් 116ක් ඉවත් කර මේ වන විට ආරක්ෂාව සපයන නිලධාරීන් ගණන 67ක් දක්වා අඩු කර තිබුණු අතර ඉවත් කරනු ලැබූ නිලධාරීන් සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබනෙවා.

    පසුගිය පෙබරවාරි 06 වන දා මෙම පෙත්සම් නඩුව කැඳවූ අවස්ථාවේ මාර්තු මස 19 වන දා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබුණා.

    කෙසේ වෙතත් නඩුව යළි කැඳවීම සඳහා දින තිබියදී පෙත්සම නිශ්ප්‍රභා කළ බවට දක්වා තිබූ බැවින් අප මේ පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගෙන් විමසීමක් කළා ඒ මහතා සඳහන් කළේ, මෙය අසත්‍ය බව ත්, පෙත්සම කැඳවීම ලබන සතිය තුළදී වන බවයි.

    එමෙන් ම මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා සඳහන් කළේ, මෙය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රචාරයක් බව ත්, නඩුව කැඳවීම ලබන සතියේ 19 වන දාට කැඳවීමට නියමිත බවයි.

    අප මේ පිළිබඳ තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අධිකරණ මාධ්‍ය වාර්තාකරුවන්ගෙන් ද, විමසා බැලූ අතර ඔවුන් පැවසූයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩුවේ තීන්දුව තවමත් ලබා නොදුන් බව ත්, නැවත කැඳවීම ඇත්තේ ලබන සතියේ බැවින් මෙය අසත්‍ය පුවතක් බවයි.

    Also Read : මහින්ද රාජපක්ෂගේ ඉවත් කළ ආරක්ෂකයින් නැවතත් රාජකාරියට කැඳෙව්ව ද?

    පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැරුණු කොට හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගිය දෙසැම්බර් 17 වන දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 

    මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියන 1,448ක් වැයකර ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හිටපු ජනාධිපති මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පෙත්සම නිෂ්ප්‍රභා කෙරෙයි යනුවෙන් සඳහන් කරමින් පළ වූ සමාජ මාධ්‍ය සටහන අසත්‍ය වේ. එම මූලික පෙත්සම කැඳවූ අවසන් අවස්ථාව පෙබරවාරි මස බැවින් එහි යළි කැඳවීම ඇත්තේ ලබන 19 වන දා බැවින් මෙය අසත්‍ය බව තහවුරු වන අතර ඒ පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිඥ අලි සබ්‍රි මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා මෙන් ම අධිකරණ  මාධ්‍ය වාර්තාකරුවන් ද, තහවුරු කරනු ලබයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-03-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.