Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මහනුවර දළදා පෙරහැර අලි ඇතුන් නොමැතිව පැවැත්විය යුතු යැයි හරිනි අමරසූරිය පවසා නැහැ

    2024-08-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනය සහ පාර්ලිමේන්තු මැතිවරණ ළං වෙත්ම, සමාජ මාධ්‍ය දේශපාලඥයින් පිලිබඳ නොමග යවනසුලු ප්‍රකාශ පැතිරවීමේ වේදිකාවක් බවට පත්වෙමින් තිබේ. වැරදි තොරතුරු වල මෙම වැඩිවීම මහජනයා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනය සහ පාර්ලිමේන්තු මැතිවරණ ළං වෙත්ම, සමාජ මාධ්‍ය දේශපාලඥයින් පිලිබඳ නොමග යවනසුලු ප්‍රකාශ පැතිරවීමේ වේදිකාවක් බවට පත්වෙමින් තිබේ. වැරදි තොරතුරු වල මෙම වැඩිවීම මහජනයා අතර ව්‍යාකූලත්වයක් ඇති කරයි, ඡන්දදායකයින්ගේ තීරණවලට  බලපෑම් කිරීම සඳහා ව්‍යාජ තොරතුරු ඇතුලත් සමාජ ජාලා සටහන් වේගයෙන් පතුරවාහරින ආකාරයක් දක්නට ලැබේ 

    සමාජ මාධ්‍ය පළ කිරීම්

    එළැඹෙන මැතිවරණයේදී NPP(ජාතික ජන බලවේගය ) බලයට පත් වුවහොත් මහනුවර දළදා පෙරහැරට ඉඩ දෙන්නේ අලි ඇතුන් යොදා නොගන්නේ නම් පමණක් බව NPP ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය සටහන් ප්‍රචාරය වේ . මීට අමතරව, සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් ඇතුළු සියලුම ජනවර්ගවල සහභාගිත්වයෙන් මෙම  සිංහල බෞද්ධ උත්සවය පැවැත්විය යුතු බව ඇය ප්‍රකාශ කළ බව මෙම සමාජ ජාලා සටහන්වල කියැවේ .

    Facebook|Archived 

    අපි මේ ගැන විමසා බැලීමක් කිරීමට  තීරණය කළා.

    කරුණු පරීක්ෂාව (Fact Check )

    මූලාශ්‍ර සත්‍යාපනය:

    ප්‍රකාශය මුලින් පැතිර ගියේ දසත ලාංඡනය භාවිතා කරමින් නිසා දසත වෙබ් අඩවිය   අපි පරික්ෂා කළෙමු . මෙහි සත්‍යතාව තහවුරු කිරීම සඳහා, අපි දසත ෆේස්බුක් පිටුව ද පරික්ෂා කළෙමු . ආචාර්ය හරිනි අමරසූරියට සම්බන්ධ එවැනි පුවතක් හෝ ප්‍රකාශයක් මෙම ඩිජිටල් වේදිකාවලදී අපට හමු නොවීය .

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා පිරික්සීම :

    මහනුවර දළදා පෙරහැර සම්බන්ධයෙන් හෝ පෙරහැරට අලි ඇතුන් සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේද යන්න දැනගැනීම  සඳහා අපි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මූලාශ්‍රවල වාර්තා ද සමාලෝචනය කළෙමු. එවැනි ප්‍රකාශයක් කිසිදු විශ්වසනීය පුවත් ආයතනයක් විසින් වාර්තා කර නොමැත.

    ආචාර්ය හරිනි අමරසුරිය :

    තවදුරටත් පැහැදිළි කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ප්‍රකාශ සම්බන්ධයෙන් අපි සෘජුවම ආචාර්ය හරිනි අමරසූරිගෙන් විමසා බැලුවෙමු.. ආචාර්ය අමරසූරිය එම සමාජ ජාලා සටහන් වල ඇති කරුණු තරයේ ප්‍රතික්ෂේප කළේය. පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු බව ඇය තහවුරු කළාය.තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් ඇය පැවසීය .

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    නිගමනය:

    මහනුවර දළදා පෙරහැර පැවැත්වීමට අවසර දෙන්නේ අලි ඇතුන් නොමැතිව පමණක් බවත් එයට සියලු ජාතීන් සහභාගී විය යුතු බවත් වෛද්‍ය හරීනි අමරසූරිය ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ අසත්‍ය වේ. මෙම ප්‍රකාශයන් ආචාර්ය අමරසූරිය විසින් සිදු කර නොමැති අතර, එම වැරදි තොරතුරු හිතාමතාම නොමඟ යවන සුළු ආකාරයට පතුරුවා හරින බව පෙනේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-08-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.