Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රිකී පොන්ටින් , ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරමින් ප්‍රකාශයක් සිදු කළා ද?

    2023-11-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙවර එක්දින ලෝක කුසලාන තරඟාවලිය, නොයෙකුත් මාතෘකා ඔස්සේ කතිකාවතාවන්ට බඳුන් වූ තරඟාවලියක් ලෙස ඉතිහාසගත වෙනවා. අවසන් තරඟයෙන් පසුව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරමින්, හිටපු ඕස්ට්‍රේල

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මෙවර එක්දින ලෝක කුසලාන තරඟාවලිය, නොයෙකුත් මාතෘකා ඔස්සේ කතිකාවතාවන්ට බඳුන් වූ තරඟාවලියක් ලෙස ඉතිහාසගත වෙනවා. අවසන් තරඟයෙන් පසුව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරමින්, හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් සිදු කළ ප්‍රකාශයක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ඡායාරූප සටහනක් ලෙස ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ වූ ලිපියක් මුල්කරගමින් පළවූ සටහනේ  දක්වා තිබුණේ, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය ක්‍රිකට් මාෆියාවට එරෙහිව යුක්තියේ ජයග්‍රහණයක් බවත්, මුදල් සහ බලය ලැබූ පමණින් ලෝක කුසලාන දිනා ගැනීමට නොහැකි බවත්, එය කෙතරම් ලැජ්ජා සහගත කරුණක් ද යන්න වගත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සහ ඉන්දියාව විවේචනය කරමින් Fox Cricket නාලිකාවට ප්‍රකාශයක් ලබා දී තිබු හිටපු ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් පවසා තිබු බවක්.

    Facebook | Archived Link

    මෙම සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ, මෙවැනි ප්‍රකාශයක් හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක රිකී පොන්ටින් විසින් සිදු කළ බවට බොහෝ දෙනෙක් අනුමාන කර තිබු බවක්.

    මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    රිකී පොන්ටින්ගේ එබඳු ප්‍රකාශයක් සම්බන්ධයෙන් කිසිදු ජාත්‍යන්තර මෙන් ම මෙරට මාධ්‍ය ධාරාවක් වාර්තා නොකර ඇති බව ට අපට දැක ගන්නට ලැබුණා. එලෙසින් ප්‍රකාශයක් සිදු කළේ නම්, එය ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ උණුසුම් මාතෘකාවක් වීම ද, නොඅනුමානයි.

    මේ පිළිබඳ අප වැඩිදුර සිදු කළ විමර්ශනයේදී දැක ගන්නට ලැබුණේ, ඉහත සඳහන් ලිපිය, මේ වන විට මිලියනයකටත් වැඩි පිරිසක් අතර, X (Twitter) ගිණුමක් ඔස්සේ (@ahadfoooty) පළ කර හුවමාරු වී තිබු ආකාරයක්.  

    Archived Link

    කෙසේවෙතත් ඉහත X ගිණුම මීට පෙර ද අසත්‍ය පුවත් වාර්තා කර තිබු බැවින්, ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබූ ආකාරයට, ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳව ඉහත ප්‍රකාශය Fox Cricket පළ වී තිබුණේ ද, යන්න පරීක්ෂා කිරීම සඳහා අප එහි නවතම වාර්තාවන් ද, පරීක්ෂා කළ අතර පොන්ටින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් එවැනි කිසිදු ප්‍රකාශයක් එම ප්‍රවෘත්ති ආයතනයට ලබා දී නොමැති බව තහවුරු වූවා.

    නමුත් රිකී පොන්ටින් මෙන්ම මයිකල් වෝගන් සහ නසාර් හුසේන් පවසා තිබුණේ, ලෝක කුසලාන අවසන් තරගය සඳහා ඉන්දියාවේ අහමදාබාද්හි සූදානම් කර තිබූ උපක්‍රමශීලී තණතීරුව හේතුවෙන්,  ඉන්දියාවටම අවසානයේ අවාසිදායක තත්වයක් අත්වූ බවයි.

    foxsports.com.au| Archived Link තවත් වාර්තාවක් මෙතනින්

    ඉන්දියාව සත්කාරකත්වය දැරූ 2023 එක්දින ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සූදානම් කර ඇති තණතීරුව ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් විසින් පරීක්ෂා කරන අයුරු සහ එය ඡායාරූප ගත කර අයුරු දැක්වෙන ඡායාරූප ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා. එසේම තණතීරුව සම්බන්ධයෙන් ඔහු තරගයට පෙර සෑහීමකට පත් නොවන බව ප්‍රසිද්ධියේ දන්වා සිටි බව Daily mail වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

    පන්දුවේ වෙනස්කම් සිදුකිරීම්, තණතීරුවේ වෙනස්කම් සිදුකිරීම් වැනි උපායන් ලෝක කුසලාන තරගාවලිය පුරා ඉන්දියාව විසින් දැරූ බවට ඇතැම් පිරිස් විසින් චෝදනා එල්ල කර තිබුණ ද, ඉන්දියාවට එරෙහිව නිල වශයෙන් මෙම චෝදනා එල්ල වී තිබුණේ නැහැ.

    මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගියදා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවනු ලැබුවා. මෙම තහනම ක්‍රියාත්මක වූයේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදු කළ ඉල්ලීමක් හේතුවෙන් බවට ඔහුට චෝදනා එල්ල වූවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඇතුළත් මාධ්‍ය වාර්තාවක් මෙතනින්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා නොවැම්බර් 21 වන දින ICC මණ්ඩල රැස්වීමට නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන මැදිහත්වීම් පිළිබඳ ගැටලුව නිවැරදි කිරීමට ශ්‍රී ලංකා රජයට අමතර කාලයක් ලබා දෙන ලෙස ICC මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කර තිබුණා. එම වාර්තාව මෙතනින්. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    න් ඔස්ට්‍රේලානු කණ්ඩායමේ ජයග්‍රහණය ක්‍රිකට් මාෆියාවට එරෙහිව යුක්තියේ ජයග්‍රහණයක් බවත්, මුදල් සහ බලය ලැබූ පමණින් ලෝක කුසලාන දිනා ගැනීමට නොහැකි බවත්, එය කෙතරම් ලැජ්ජා සහගත කරුණක් ද යන්න වගත්, හිටපු ඕස්ට්‍රේලියානු ලෝක ශුර නායක රිකී පොන්ටින් විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සහ ඉන්දියාව විවේචනය කරමින් Fox Cricket නාලිකාවට ප්‍රකාශයක් ලබා දී ඇති බවට ත් දක්වා තිබූ සටහන් නොමග යවන සුළුයි. අප කළ විමර්ශනයේදී අනාවරණය වූයේ රිකී පොන්ටින් විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-11-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.