Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    <strong>ටානියා ලෙව්වන්දූවගේ විසින් පාස්ටර් ජෙරමි සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළා ද?</strong>

    2023-03-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රහස්‍ය කලා ශිල්පිනියක් ලෙස ප්‍රසිද්ධියක් ලබා සිටින ටානියා ලෙව්වන්දූවගේ විසින් පාස්ටර් ජෙරමි සහ ආගමික නායකයෙක් වන ජේසුස් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ලෙසට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සං

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ප්‍රහස්‍ය කලා ශිල්පිනියක් ලෙස ප්‍රසිද්ධියක් ලබා සිටින ටානියා ලෙව්වන්දූවගේ විසින් පාස්ටර් ජෙරමි සහ ආගමික නායකයෙක් වන ජේසුස් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ලෙසට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “කාලෙකට කලින් ජීවිතේ අතරමං වෙලා හිටපු මට නැවත ජීවත් වෙන්න මග පෙන්නුවෙ ජේසු. මම ප්‍රොෆට් ජෙරමි හමු වුණ දවසෙ මගේ ජීවිතේම වෙනස් වුණා.” යනුවෙන් සමාජ මාධ්‍ය හරහා මෑතකදී ප්‍රසිද්ධියට පත් වූ ටානියා ලෙව්වන්දූවගේ විසින් වැඩසටහනකදී පළ කළ ප්‍රකාශයක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    මෙම සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වූයේ මෙලෙසින්.

    මෙම ව්‍යාප්ත වී ඇති සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ බොහෝ පිරිසක් මෙය සත්‍ය සිදුවීමක් බවට උපකල්පනය කර තිබූ බවයි.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමසා බැලීමක් අප සිදු කිරීමට පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත ඡායාරූපයේ දැක්වෙන ලෙස ටානියා ලෙව්වන්දූවගේ විසින්, ඇය සහභාගී වූ ලක්හඬ ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනක දී ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ලෙස, පාස්ටර් ජෙරමි සම්බන්ධ ප්‍රකාශයක් සිදු කර තිබුණා ද, යන්න පිළිබඳ අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කළා.

    පසුගිය පෙබරවාරි 13 වන දා ලක්හඬ ගුවන් විදුලියේ නිල ෆේස්බුක් පිටුවේ, ටානියා ලෙව්වන්දූවගේ සහභාගී වූ සම්පූර්ණ වැඩසටහන පළ කර තිබූ අතර එහි සම්පූර්ණ වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියේ ඇය විසින් සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන ආකාරයේ කිසිඳු හෝ ප්‍රකාශයක් සඳහන් නොකරන බවයි. එම වැඩසටහන පහතින්.

    ටානියා ලෙව්වන්දූවගේ විසින් එවැනි ප්‍රකාශයක් වෙනත් ස්ථානයකදී සිදු කළේ ද, යන්න පිළිබඳව  ද, අප ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ද, පරීක්ෂා කළ බැලුවද, ඇය විසින් එවැනි ප්‍රකාශයක් කළ බවට දක්නට නොලැබුණි.

    එමෙන්ම ඇය විසින් මේ පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේද, පළ කර තිබුණේ තමන් විසින් සිදු නොකළ ප්‍රකාශයක් තමන් ප්‍රකාශ කළ බවට ව්‍යාජ ලෙස පළ කර ඇති බවයි. 

    මේ වන විට ඉවත් කර ඇති Prophet Jerome Fernando Ministries Members නම් ෆේස්බුක් සමූහයක ටානියා පැවසූ ප්‍රකාශයක් ලෙස පළ වූ ඉහත සටහන හේතුවෙන් මෙම නොමග යෑම සිදුවී ඇති අතර, මේ සම්බන්ධයෙන් චමීර ජීවන්ත යන අය විසින් ටානියාගෙන් මේ පිළිබඳ විමසමින් පළ කළ සටහනකට ඇය විසින් ලබා දුන් පිළිතුරයි මේ.

    Facebook | Archived Link

    ටානියා ලෙව්වන්දූවගේ විසින් එවැනි ප්‍රකාශයක් එම වැඩසටහන අතරතුර සිදු නොකළ බවට එම වැඩ සටහන මෙහෙය වූ නිවේදිකා වූ මයුරි ලියනගේ විසින් ද, සඳහන් කර තිබුණා.

    කෙසේ වෙතත් අප මේ පිළිබඳ වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප ටානියා ලෙව්වන්දූවගෙන් මේ පිළිබඳ විමසීමක් සිදු කළා. ඇය සඳහන් කළේ, තමන් එම වැඩසටහන තුර හෝ වෙනත් ස්ථානයකදී හෝ පාස්ටර් ජෙරමි සම්බන්ධ කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවත්, ඇතැම් සටහන් වල පෙන්වා දෙන පරිදි තමන් අන්‍යාගමිකයෙක් නොව බෞද්ධාගමිකයෙක් බවයි. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    “කාලෙකට කලින් ජීවිතේ අතරමං වෙලා හිටපු මට නැවත ජීවත් වෙන්න මග පෙන්නුවෙ ජේසු. මම ප්‍රොෆට් ජෙරමි හමු වුණ දවසෙ මගේ ජීවිතේම වෙනස් වුණා.” යනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිණියක වූ ටානියා ලෙව්වන්දූවගේ විසින් වැඩසටහනකදී පළ කළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් පළ වූ සටහන් අසත්‍ය වන අතර ඇය විසින් එවන් ප්‍රකාශයක් නොකළ බවට එම වැඩසටහන නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබෙන අතර, ඒ බවට එම වැඩසටහන මෙහෙය වූ නිවේදිකාව විසින් ද, තහවුරු කරනු ලබයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-03-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.