Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවී පලාගිය කාන්තාවක්ද?

    2020-03-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමඟම එම තත්වය පාලනය කිරීම සඳහා රජය විසින් විවිධ පියවර කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. රෝගය තදින් ම ව්‍යාප්ත වූ ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය වැනි රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණි වහාම ඔවුන්

    කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමඟම එම තත්වය පාලනය කිරීම සඳහා රජය විසින් විවිධ පියවර කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. රෝගය තදින් ම ව්‍යාප්ත වූ ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය වැනි රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණි වහාම ඔවුන් ස්වයං නිරෝධායනට යොමු කිරීමට මුලින් තීරණය කර තිබුණද පසුව ඒ සඳහා විශේෂයෙන්ම ස්ථාපිත කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය විය. මේ වන විට රජය විසින් දිවයිනට පැමිණෙන ගුවන් මඟින් සඳහා සියලු ගමන් ගුවන් ගමන් නවතා ඇත. ස්වයං නිරෝධායන කටයුතු සඳහා නිවෙස් වලට පිටත් කර යැවු විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයින් ද වහාම ළඟම පිහිටි පොලිස්ථානයේ ලියාපදිංචි වන ලෙසද දැනුම් දී ඇත.

    මෙවන් පසුබිමක AB FM, ආදරෙයි හැමදාමත් නමැති ෆේස්බුක් පිටුවක දරුවෙකු වඩා ගෙන සිටින කාන්තාවකගේ සේයාරුවක් සහිතව “පබෝදා සන්දීපනි ඉල්ලිමකි. කොරෝනා භයානක රොගයක් තේරුම් ගන්න.” යන තේමාව යටතේ සටහනක් ඉදිරිපත්වී තිබෙනු නිරීක්ෂණය විය. “නිමාලි හෙන්නායක නමැති මෙම තැනැත්තිය සහ ඇගේ දියණිය ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය ට ලක් නොවී කටුනායකින් හොරෙන් පැන ඇවිත් මේ වනවිට ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ රැඳී සිටින්නේ මුළු රටම අවදානමකට ලක් කරමිනි. ප්‍රදේශවාසීන් මේ පිළිබඳව පොලිසිය සහ ජාතික කොරොනා හදිසි ඇමතුම් අංශය දැනුවත් කලත්, ඇය පිළිබඳව තවමත් පරීක්ෂාවක් සිදු  නොවී ඇති අතර එය පිටුපස ඇත්තේ ඩිලාන් පෙරේරා හා සම්බන්ධ දේශපාලන හයියක් බව පැවසේ. එම තැනැත්තිය සිටින්නේ 371 බැරියල් හන්දිය, ගිරාඳුරුකෝට්ටේ යන ලිපිනයේය. ජනාධිපතිතුමනි අපි ඔබව පත්කරගත්තේ දේශපාලුවන්ගේ රඟමඩලට තිත දැමීම පිණිසයි.” යන කථාංශය සේයාරුව පැත්තකින් රෝපනය කර තිබුණි.  

    මෙම සටහනෙහි අනුරුවක් පියුමි හංසමාලි නමැති ෆේස්බුක් පිටුවකද දක්නට ලැබුණි. මෙලෙසම මින්පෙර ඉදිරිපත්වූ සටහන් කිහිපයක් පීළිබඳව අප කළ කරුණු පරීක්ෂාකිරීමේදී එම සටහන් අසත්‍ය වාර්තා බවට තහවුරු වීම නිසාත්, ඉතාමත් කෙටි කලකදී මෙම සටහන  ෆේස්බුක් පරිශීලනය කරන්නන් පන්දාස් හාරසීයකට ආසන්න සංඛ්‍යාවක් තුළ සංසරණය වී තිබීම නිසා මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Link1Link2
    Archived Link1Archived Link2

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු සොයා ගැනීම පිණිස අප නිමාලි හෙන්නායක නමැත්තියගේ ෆේස්බුක් ගිණුම පරික්ෂා කළෙමු. ඇයට නැගෙන චෝදනාවන්ට පිළිතුරු දෙමින් මාර්තු මස 16 වැනි දින ඇය විසින් තැබූ සටහනක් අපට නිරීක්ෂණය විය. මින් ඉහත අප සඳහන් කළ ෆේස්බුක් පිටුවල අන්තර්ගත කර තිබු සේයාරුව එක් පසකින්ද, මාර්තු මස 8 දින දිවයිනට ගොඩ බැසීමට අවසර ලබාදුන් බව සඳහන් කරන ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ මුද්‍රාව සහිත විදේශ ගමන් බලපත්‍ර පිටුවක සේයාරුවක්ද සහිතව පහත කථාංශය එහි ඇතුලත් කර තිබුණි.

    “මම සහ මගේ දරුවා ඉතාලියේ සිට ලංකාවටආවේ 08.03.2020 දින.එදින ලංකාවට ආපු කිසිම කෙනෙක් නිරොදායනයට යොමු කලේ නැත.අපි නිවසේ සිටම නිරොදායනයට දින 14 ලක්වෙමින් සිටියි. දැනට මට සහ මගේ දරැවාට කිසිදු රෝගි තත්වයක් නොමැත.අප පැමින අදට දින 8ක් වේ.ගිරාදුරුකෝට්ටේ කොට්ටේ මහජන සෞඛ්‍ය නිලධාරි තුමා සැම දිනකම අපගේ පරික්ෂාවට ලක් කරයි.මෙවැනි බොරු ප්‍රචාර සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරිමෙන් වලකින්න.”

    https://www.facebook.com/nimali.harshani.374/posts/2566256363587362
    LinkArchived Link

    මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කරගැනීම පිණිස අප ගිරාඳුරුකෝට්ටේ මහජන සෞඛ්‍යය පරීක්ෂක අමල් නිශාන්ත මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. තිස් දෙහැවිරිදි මෙම නිමාලි හෙන්නායක නමැත්තිය සහ අවුරුදු 2 ½ වන ඇයගේ දියණියද සමඟ ගිරාඳුරුකෝට්ටේ ලිපිණයට  පැමිණ ඇත්තේ මාර්තු මස 8වෙනි දින බවත්, ග්‍රාමසේවක නිලධාරිනිය ඔහුට මේ බව දැණුම් දුන්නේ මාර්තු මස 12 දින උදැසන 6.30 බවත්, හෝරාවක් තුලදි ඔහු සහ ගිරාඳුරුකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා සමග එම ලිපිණයට ගොස් නිරෝධායන කටයුතු පරීක්ෂා කළ බව පැවසීය. එමෙන්ම දිනකට උදය සහ සවස ඔහු සමග ගිරාඳුරුකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා, ගිරාඳුරුකෝට්ටේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක, බතලයාය මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ඔහු මෙම කාන්තාව වසන නිවසට ගොස් පරීක්ෂා කරන බව පැවසීය. මෙම මොහොත වන තෙක් ඔවුන් දෙදෙනාම යහපත් සෞඛ්‍යය තත්වයෙන් පසුවන බවද පැවසීය.

    අනතුරුව අප  ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමකින් සම්බන්ධ වුයෙමු. එම අවස්ථාවේ ස්ථානාධිපතිතුමා රාජකාරි කටයුත්තකට බැහැරව ගොස් සිටි අතර,  අප හා සම්බන්ධවු නිලධාරිනිය පවසා සිටියේද ඉතාලියේ සිට පැමිණි නිමාලි හෙන්නායක නමැත්තිය සහ දියණිය ස්වයං නිරෝධායන ක්‍රියාවලියක් අනුගමනය කරන බවට පොලිස් ස්ථානයේ ලියා පදිංචිවී ඇති බවයි. 

    අනතුරුව අප ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයෙන් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිරෝධායන කටයුතු සඳහා නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණු දිනය පිළිබඳ විමර්ශනයක් කළෙමු. අද දෙරණ ප්‍රවෘත්ති විකාශය වාර්තා කළේ  මධ්‍යස්ථානයන්හි නිරෝධායනය පිණිස මුල්ම කණ්ඩායම කටුණායක ගුවන් තොටුපලේ සිට පිටත්වුයේ මාර්තු 10 දින බවය.

    මේ අනුව පැහැදිලි වන්නේ මාර්තු මස 10 වන දිනට පෙර එනම් මාර්තු මස 8 වැනි දින නිමාලි හෙන්නායක නම් අය දිවයිනට පැමිණි අවස්ථාවේ, ඉතාලියේ සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතුවලට යොමු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී තිබුණේ නැති බැවින් එම කාන්තාව නිරෝධායන කටයුතු මඟහැර ගොස් සැඟව සිටින බවට සිදු කෙරෙන ප්‍රකාශය නොමග යවන සුළු බවයි.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඉතාලියේ සිට පැමිණි නිමාලි හෙන්නායක නමැත්තිය සහ ඇයගේ දියණිය දිවයිනට පැමිණ ඇත්තේ මාර්තු මස 8 වැනිදා නිදා බවත්, ඉතාලිය ඇතුළු රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීම ආරම්භ වුයේ මාර්තු මස 10 සිට බවත්ය. ඇය ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ අධීක්ෂණ යටතේ, නිසි ලෙස පොලීසියේ ලියාපදිංචි වී ස්වයං නිරෝධායන ක්‍රියාදාමයකට යටත්ව ඇති බවයි.

    එමනිසා AB FM, ආදරෙයි හැමදාමත් සහ පියුමි හංසමාලි නමැති ෆේස්බුක් පිටුවල “නිමාලි හෙන්නායක නමැති මෙම තැනැත්තිය සහ ඇගේ දියණිය ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය ට ලක් නොවී කටුනායකින් හොරෙන් පැන ඇවිත් සිටින බවට”  ඉදිරිපත් කර ඇති සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවී පලාගිය කාන්තාවක්ද?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-03-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.