Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    දියවඩන නිළමේ ධුරය ගැන බුද්ධශාසන ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්? 

    2025-11-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සම්බන්ධව සිදුකර ඇතැයි කියමින් මේ දිනවල සමාජ මාධ්‍ය වේදිකාවන්හි ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සම්බන්ධව සිදුකර ඇතැයි කියමින් මේ දිනවල සමාජ මාධ්‍ය වේදිකාවන්හි සටහනක් සංසරණය වෙමින් තිබේ.  සමාජ මාධ්‍ය පරීශීලකයින් අතරේ හුවමාරු වන එම සටහන පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප මෙලෙස පියවර ගත්තා.  

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    අපේ රට බහු ආගමික බහු සංස්කෘතික රටක්.. ඒත් තවමත් දළඳා මාළිගාවේ දියවඩන නිළමේ තනතුරට පත්වෙන්න පුළුවන් සිංහල බෞද්ධයෙක්ට විතරයි.. බහුතරයක් ක්‍රිස්තියානින් සිටින නිව්යෝර්ක් පුරවැසියන් නගරාධිපති විදියට මුස්ලිම් තරුණයෙක් තෝරා ගත්තා.. ඒත් දියවඩන නිළමේ තනතුරට දෙමළ, මුස්ලිම් කෙනෙක් තියා සිංහල කතෝලිකයෙකුටවත් පත් වෙන්න පුළුවන්ද..

            –සංස්කෘතික කටයුතු ඇමති සුනිල් සෙනවි- 

    යනුවෙන් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා ප්‍රකාශයක් සිදු කර ඇති බව කියමින් මෙම ෆේස්බුක් සටහන පළ කර තිබේ.  අමාත්‍යවරයාගේ ඡායාරූපයක් ද සහිතව පළ කර ඇති මෙම සටහන මවුරට ෆේස්බුක්පිටුවේ සටහන් ආකෘතියට පළ කරන ලද්දක් බව හැඟී යයි. කෙසේ වෙතත් අමාත්‍යවරයා මෙවන් ප්‍රකාශයක් සිදු කළේ කවදා කොතැනකදී යන්න පිළිබඳව විස්තර මෙහි දැකගත නොහැක. 

    Facebook | Archived Link

    දියවඩන නිලමේ ධුරය සම්බන්ධව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තවත් සටහන් කිහිපයක්  පහතින්. 

    Facebook | Archived Link Facebook | Archived Link

    මේ අතර WhatsApp ඔස්සේ ද  ඉහත සමාජ මාධ්‍ය සටහන මෙලෙස හුවමාරුවෙමින් තිබෙනු දැකිය හැකියි. 

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉහත සටහන සත්‍ය සටහනක් යැයි සිතා බොහො පිරිසක් අතරේ හුවමාරු වී ඇති අයුරු දැකගත හැකි අතර තවත් බොහෝ පිරිසක් මෙය සත්‍යයක් දැයි විමසීම් කර තිබූණා.  ඒ අනුව අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට මෙලෙස පියවර ගත්තා.    

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ශ්‍රී දළදා මාළිඟාවේ වැඩසිටින ශ්‍රී දළඳා වහන්සේගේ ගිහි භාරකරු වන දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම නොවැම්බර් 07 පැවති අතර එහිදී ප්‍රදීප් නිලංග දෑල මහතා දියවඩන නිලමේ ධූරය සඳහා යළිත් තේරී පත්විය. නිලවරණයෙන් ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශිත සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 195 ක් හිමිකරගත් අතර, අනෙකුත් අපේක්ෂකයින් වූ දමින්ද උඩුරාවන සහ ඒ. ඩබ්ලිව්. එස්. බණ්ඩාරනායක යන මහත්වරුන් පිළිවෙළින් ඡන්ද 50 ක් සහ 13 ක් වශයෙන් ලබාගෙන තිබිණ. ඒ අනුව ඉදිරි දශකය සඳහා ප්‍රදීප් නිලංග දෑල මහතා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය සඳහා තේරීපත් විය. විස්තර මෙතැනින්  තව ද  ප්‍රදීප් නිලංග දෑල මහතා  දියවඩන නිලමේ ධුරය සඳහා තේරී පත්වීමේ පුවත මෙරට පිළිගත් මාධ්‍ය රැසක් ම මෙලෙස , මෙලෙස සහ මෙලෙසින් වාර්තා කර තිබුණා. 

    බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා  ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වන්නේ, මෙවන් වටපිටාවක් තුළයි. 

    ඉහත සමාජ මාධ්‍ය සටහන් මවුරට නිල ෆේස්බුක් පිටුවේ ආකෘතියට සමානව එහි ලාංඡනය පාඨයන් යොදා ගනිමින් පළ කර තිබූ බැවින් අප මූලිකවම  එම ෆේස්බුක පිටුවේ මෙවැන්නක් පළ කර තිබේ දැයි පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා. කෙසේ වෙතත් එම ෆේස්බුක් පිටුවෙහි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ සටහනක් පළ කර ඇති බවක් නිරීක්ෂණය නොවේ. 

    පසුගිය 07 වැනිදා ප්‍රදීප් නිලංග දෑල මහතා  දියවඩන නිලමේ ධූරය සඳහා යළි තේරීපත්වීමෙන් පසු බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේ නම්, එය මෙරට මාධ්‍ය විසින් සිරස්තල සහිතව පළකරනු ලබන පුවත් වාර්තාවක් විය යුතු ය.  

    ඒ අනුව බුද්ධශාසන අමාත්‍යවරයා විසින් දියවඩන නිලමේ ධුරය සම්බන්ධව සමාජ මාධ්‍ය දැක්වෙන ආකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබුණේ දැයි, අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද පරීක්ෂාවට ලක් කළ අතර මෙරට පිළිගත් කිසිදු මාධ්‍යක් මෙවැනි පුවතක් වාර්තා කර  ඇති බවක්  තහවුරු නොවීය. 

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් 

    දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සිදු කර ඇතැයි කියමින් සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වෙමින් ඇති සටහන සම්බන්ධ අප අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ද විමසීමක් සිදු කළ අතර මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය සටහනක් බවයි. තව ද අමාත්‍යවරයා ඒ ආකාරයේ කිසිදු ප්‍රකාශයක් කිසිදු ස්ථානයකදී සිදු කර නෙමැති බව ඔහු අවධාරණයෙන් යුතුව කියා සිටියේ ය. 

    මේ අතර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් තමන් සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශය සම්පූර්ණයෙන් ම අසත්‍ය ප්‍රකාශයක් බවත් ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ය. 

    Facebook

    මේ අතර මෑතකාලීනව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධව නොමඟ යවන සුළු සටහන් පළවී තිබු අතර Factcrescendo අප එකී සටහන් පිළිබඳව සවිස්තරාත්මක කරුණු අනාවරණයන් සිදු කළේ ය. එම පුවත් වාර්තා පහතින්. 

    බුද්ධශාසන ඇමති බෞද්ධ ආගමිකයෙකු නොවේද?

    මොහොමඩ් මුනීර්, බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා ද?

    මාලිමා ආණ්ඩුව, බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කරල ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ  දියවඩන නිලමේ ධුරය සම්බන්ධව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන අමාත්‍යවරයාගේ නම සහ ඡායාරූපය යොදා ගනිමින් පළ කරන ලද ව්‍යාජ සටහනක් බව පැහැදිලි වේ. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2025-11-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.