Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    දිලිත් ජයවීර ජනපති සටනින් ඉවතට?

    2024-08-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනපති මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ අවසන් වීමට දින කිහිපයක් පමණක් තිබෙන මෙවන් වකවානුවක, ඇතැම් අපේක්ෂකයින් මැතිවරණ සටහනින් ඉල්ලා අස්වීම ගැන ද ප්‍රචාර නිරන්තරයෙන්ම හුවමාරු වෙනවා. මෙවැනි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජනපති මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ අවසන් වීමට දින කිහිපයක් පමණක් තිබෙන මෙවන් වකවානුවක, ඇතැම් අපේක්ෂකයින් මැතිවරණ සටහනින් ඉල්ලා අස්වීම ගැන ද ප්‍රචාර නිරන්තරයෙන්ම හුවමාරු වෙනවා. මෙවැනි තේමා යටතේ ව්‍යාජ පුවත් ද බොහොමයක් නිර්මාණය වන අතර, සර්ව ජන බලය යටතේ, ඉදිරි ජනපති මැතිවරණයට තරග කිරීමට නියමිත දිලිත් ජයවීර, 2024 ජනාධිපතිවරණයෙන් ඉවත් ව ඇති බවට පළ වන ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

    සමාජ මාධ්‍ය සටහන් :

    මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර, 2024 ජනාධිපතිවරණය සඳහා අපෙක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වන්නේ ද නැතහොත් ඉල්ලා අස්වී ඇත්ද යන්න ප්‍රශ්න කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ලිපියක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    සමාජ මාධ්‍යයේ සංසරණය වන ලිපියට අදාල වන සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ ප‍්‍රතිචාර පහතින්.


    මේ ගැන තොරතුරු විමසීම පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පසුගියදා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 19 දෙනෙකු සහ සිවිල් සමාජ සන්ධානගත වී ‘සර්වජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිට වනු ලැබීය. මෙවර ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර තෝරා පතක්රගෙන ඇති බවට ඔවුන් දැනුම් දුන්හ. ඒ අනුව මේ වනවිටත් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු ඔවුන් විසින් සිදු කරනු ලබන අතර එවන් පසුබිමක දී, මේ ආකාරයට හදිසියේම දිලිත් ජනපති සටහනින් ඉවත්වූ යේ ද යනුවෙන් හුවමාරු වන ලිපිය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු විය.

    කෙසේ වෙතත් මේ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත් ද යන්න අප ප්‍රථමයෙන් පරීක්ෂා කළෙමු. නමුත් එවැනි වාර්තාවක් පිළිබඳ අපට දැක ගන්නට නොහැකි වුණි.

    මේ හේතුවෙන් අප මේ පිළිබඳව මව්බිම ජනතා පක්ෂයේ මාධ්‍ය අංශයෙන් මේ ගැන විමසීමක් කළා එම අංශය තහවුරු කළේ මෙම ලිපිය අසත්‍ය බවයි.

    මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, යුතුකම ජාතික සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග මහතා මෙම ලිපිය අසත්‍ය බවට ස්වර්ණවාහිනි නාලිකාවේ වැඩසටහනකට එක් වෙමින් පවසා තිබු අයුරුයි. එම අවස්ථාව මෙතනින්.

    එමෙන් ම සමාජ මාධ්‍යයේ සංසරණය වූ  ලිපියෙහි අන්තර්ගතය පිළිබඳව සලකා බැලීමේදී, එය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුන නියෝජනය කරමින් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරි පත්ව සිටී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධම්මික පෙරේරා මහතා, පෞද්ගලික හේතුවක් මත සිය අපේක්ෂකත්වයෙන් ඉල්ල්ලා අස්වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා  පොදුජන පෙරමුනේ මහ ලේකම් වන සාගර කාරියවසම් මහතාට සැප්තැම්බර් මස 6 වන දින යොමු කළ ලිපියට සමාන අන්තර්ගතයක් පෙන්නුම් කෙරේ.

    දිලිත් ජයවීරගේ බවට සඳහන් ව්‍යාජ ලිපිය සහ ධම්මික පෙරේරාගේ ලිපිය අතර ඡායාරූප සංසන්දනය පහතින්.

    ජනාධිපතිවරණයට තරඟ කරන බවට දිලිත් ජයවීර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළ අවස්ථාවක් මෙතනින්.

    එමෙන් ම දිලිත් ජයවීර මහතා 2024 ජනාධිපතිවරණයට අදාලව ඇප මුදල් තැන්පත් කීර්ම මෙතෙක් (අගෝස්තු 12 දක්වා ද) සිදු කර නොතිබුණි.

    Update :

    2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    දිලිත් ජයවීර මහතා ජනාධිපතිවරණයෙන් ඉවත් ව ඇති බවට පළ වූ ලිපිය ව්‍යාජ ලිපියකි. ධම්මික පෙරේරා මහතා සිය ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවීම පිළිබඳව නිකුත් කළ නිවේදනයේ අන්තර්ගතට සමාන ආකාරයට අන්තර්ගතයක් යොදාගනිමින්, දිමෙම ව්‍යාජ ලිපිය නිර්මාණය කර තිබු අතර, සර්ව ජන බලය සංධානයේ සාමාජිකයින් මෙන්ම ව්බිම ජනතා පක්ෂයේ මාධ්‍ය අංශය ද මෙය අසත්‍ය බව තහවුරු කර සිටියි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-08-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.