දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඇල්ල- වැල්ලවාය ප්රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්රදේශයේදී සිදු වූ බිහිසුණු බස් රථ අනතුර මෙරට සියලු දෙනා පාහේ හද සලිත කල සිදුවීමක් වූවා. 15 දෙනෙකුට මරු කැඳවමින් ප්රපාතයට ඇද වැටුණු මෙම බස් රථයේ සිටි පිරිසගේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම ඊයේ(04) රාත්රියේ සිට පාන්දර වන තෙක් නිදි නොනිදා මුළු ගමක් ම අවදිව තිබුණා. මේ අතර දිවි ගලවා ගැනීමේ ක්රියාන්විතයේ යෙදී දිටි රණවිරුවෙක් ට ජීවිතය අහිමි වූ පුවතක් ද, වාර්තා වූවත්, මෙම පුවත අසත්ය බවට කරුණු වාර්තා වූයේ මෙලෙසින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
ඇල්ල ප්රදේශයේ සිදුවූ බස් රථ අනතුරේ, දිවි ගලවා ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටියදී පුද්ගලයෙක් ද, ජීවිතක්ෂයට පත් වූ බවට සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වුණා.
මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.


