Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

     කතෝලික පූජකයෙකු කාන්තාවන් සමඟ නර්තනයේ යෙදෙන දර්ශනයක් නොවේ! 

    2023-10-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෑතක සිට සමාජ මාධ්‍ය තුළ වැරදි සහගත මත ප්‍රචාරය කිරීමේදී එහි වින්දිතයින් බවට පත්වන ප්‍රධාන පිරිසක් බවට විවිධ ආගම්වල ආගමික නායකයින් පත්ව තිබෙනවා. මෙහිදී සුලබවම ප්‍රචාරණය වන කරුණක් වන්නේ එක

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මෑතක සිට සමාජ මාධ්‍ය තුළ වැරදි සහගත මත ප්‍රචාරය කිරීමේදී එහි වින්දිතයින් බවට පත්වන ප්‍රධාන පිරිසක් බවට විවිධ ආගම්වල ආගමික නායකයින් පත්ව තිබෙනවා. මෙහිදී සුලබවම ප්‍රචාරණය වන කරුණක් වන්නේ එක් එක් ආගම්වල පූජ්‍ය පක්ෂයට අදාලව ඇති සදාචාරාත්මක ප්‍රතිපත්තිවලින් බැහැරව ඔවුන් කටයුතු කරන බවට ඒත්තු ගැන්වෙන අන්දමේ පළ කිරීම් සිදු කිරීමයි.

    මෙම තත්ත්වයට අදාලව, බ්‍රසීලයේ කාදිනල්වරයෙක්, කාන්තාවන් පිරිසක් සමඟ සජීවීව නර්තනයේ නිරතවන ආකාරය දැක්වෙන වීඩියෝවක් ලෙස සදහන් කරමින් පැතිරෙන වීඩියෝ පටයක්  මේ දිනවල විවිධ සමාජ මාධ්‍ය හරහා විශාල අවදානයක් දිනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම ප්‍රචාර අසත්‍ය ඒවා බව අපගේ විමර්ෂණ ඔස්සේ අප විසින් සොයා ගැනුණා.

    සමාජ ජාලා සටහන්  :

    මෙලෙස කතෝලික පූජකවරයෙකුගේ චාරිත්‍රානුකූල ඇඳුමෙන් සැරසී සිටින අයෙකු කාන්තාවන් සමඟ නර්තනයේ යෙදෙන අන්දම දැක්වෙන වීඩියෝවක් ශ්‍රී ලංකාව තුළ ද WhatsApp පරිශීලකයින් අතර හුවමාරු වුණා. 

    මීට සමාන පලකිරීම් FaceBook තුළද බෙදාහැරෙමින් තිබෙනවා.

    Facebook | Archived 

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම) :

    Invid-We Verify මෙවලම භාවිතයෙන් මෙම පලකිරීම්වලට සමාන ආන්දෝලනාත්මක YouTube වීඩියෝවක් අප සොයා ගත්තා.

    මෙම වීඩියෝවල දැක්වෙන පූජකයෙකු ලෙස සැරසුණු, කාන්තාවන් සමඟ නර්තනයේ යෙදෙන පුද්ගලයා සත්‍ය වශයෙන්ම ආගමික පූජකවරයෙක් නොව, Inácio Falcão නම් බ්‍රසීලයානු නලුවෙක් බව තහවුරු වුණා.

    ඔහුගේ YouTube නාලිකාවේ මෙම ආන්දෝලනාත්මක වීඩියෝවට සමාන, වීඩියෝවක එම රංගන ශිල්පියා ඊට සමාන ඇඳුමෙන් සැරසී, එවැනි නර්තනයන් ආදිය ඉදිරිපත් කරන වීඩියෝ කිහිපයක්ම අඩංගු වුණා. මෙහිදී ඔහු විසින් රඟපෑමට යෙදුණු චරිතය “Papa Popó Caruaru” නම් වෙනවා.

    කෙසේ නමුත් Papa Popó Caruaru නම් මෙම චරිතය එක් විශේෂිත අවස්ථාවක් සඳහා නිර්මාණය කර තිබූ අතර එය මෑතකදී නිර්මාණය කරන ලද්දක් නොවෙයි. ඔහු වසර කිහිපයක් තිස්සේ São João de Caruaru, සැණකෙළි, ශුද්ධ වූ සති, ශීත සෘතු උත්සව, ප්‍රාදේශීය සාද, Moto Fest, නත්තල් සහ පෞද්ගලික රැස්වීම් ආදී උත්සව රැසකදී මෙම චරිතය නිරූපණය කර තිබෙනවා. Papa Popó Caruaru නම් චරිතය තමාගේ ආකර්ශණීය ඉදිරිපත් කිරීමක් ලෙසට Inácio Falcão හඳුන්වා දෙනවා. ඔහුගේ YouTube නාලිකාවේ සඳහන් විස්තරයේ පරිවර්තනයට අනුව ඔහුගේ මෙම උද්‍යෝගීමත් දායකත්වය ප්‍රදේශයේ ප්‍රාදේශීය උත්සවයන් සහ සැමරුම් සඳහා විශාල දායකත්වයක් ලබා දෙනවා.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය)

    අප සිදුකළ විමර්ෂණවලට අනුව මෙම ආන්දෝලනාත්මක වීඩියෝවේ සත්‍ය කතෝලික පූජකවරයෙකු, කාන්තාවන් සමඟ නර්තනයේ යෙදීමක් නොදැක්වෙන බව පැහැදිළි වුණා. එහි දැක්වෙන්නේ කාන්තාවන් සමඟ නර්තනයේ යෙදෙන පූජකවරයෙකු ලෙස සැරසුණු බ්‍රසීලියානු රංගන ශිල්පියෙක් පමණයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-10-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.