Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මරණ තර්ජන හේතුවෙන් හඬාවැටෙන හිටපු නයිජර් මුදල් අමාත්‍යවරයෙකු ලෙස හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

    2023-08-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙම වසරේ ජූලි 26 දින නයිජර් හමුදාව විසින් දියත් කළ කුමන්ත්‍රණයත් සමඟ රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරවා, දේශසීමා වසාදමා, සියළු ආයතන අත්හිටුවා තිබු අතර හමුදාවේ රැඳවුම් භාරයේ තබාගෙන සිටි,

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මෙම වසරේ ජූලි 26 දින නයිජර් හමුදාව විසින් දියත් කළ කුමන්ත්‍රණයත් සමඟ රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරවා, දේශසීමා වසාදමා, සියළු ආයතන අත්හිටුවා තිබු අතර හමුදාවේ රැඳවුම් භාරයේ තබාගෙන සිටි, ප්‍රජාතාන්ත්‍රිකව ජනතාව විසින් තෝරාපත් කරගන්නා ලද ජනාධිපති මොහොමඩ් බාසුම් බලයෙන් පහ කෙරුණා. ඉන්පසු එරට නව නායකයා තමන් බව නයිජර් ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානී අබ්දෝරහමාන් චියානි ප්‍රකාශ කළා.

    මේ තත්ත්වය හා සම්බන්ධ විවිධ කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කෙරුණා. එම අතරින් ඇතැම් කරුණු පදනම් විරහිත භාවයකින් යුතුව ප්‍රචාරය කෙරුනු ඒවායි. අපි එවැනි එක් පලකිරීමක් පිළිබඳව විමසා බලන්නට තීරණය කළා.

    සමාජ ජාලා සටහන්

    හමුදා කුමන්ත්‍රණයෙන් පසුව බලයට පැමිණි මිලිටරි ජුන්ටාව විසින් සිදුකළ මරණ තර්ජනයක් හේතුවෙන් හඬාවැටෙන හිටපු නයිජර් මුදල් අමාත්‍යවරයා දැක්වෙන වීඩියෝවක් ලෙස පහත දැක්වෙන වීඩියෝව හුවමාරු වෙනවා. එහි විස්තරයේ එම අවස්ථාවට හේතුව වශයෙන් දක්වා තිබුනේ, පැය 48ක් ඇතුළත රටෙන් නැතිවූ මුදල් ගැන විස්තර ලබාදෙන බවත් එසේ ලබාදීමට අසමත් වුවහොත් හිටපු නයිජර් මුදල් අමාත්‍යවරයාව වෙඩිතබා ඝාතනය කරන බවට මිලිටරි ජුන්ටාව අණ කර තිබු බවත්ය.

    Facebook | Archived 

    මේ පිළිබඳව කරුණු විමර්ෂණයක් සිදු කිරීමට අප කටයුතු කළා.

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    Invid-We Verify මෙවලම භාවිතයෙන් මෙම ආන්දෝලනාත්මක වීඩියෝව පිළිබඳව අප කරුණු සොයා බැලීමක් සිදු කළා. එහිදී අපට දක්නට ලැබුණේ හිටපු නයිජර් අධිකරණ අමාත්‍ය මරෝව් ඇමඩොව් ඉතියෝපියාවේ නයිජර් තානාපතිවරයා වශයෙන් පත් කිරීමෙන් පසු හඬා වැටෙන ආකාරය සහ එම තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් නයිජර් හි ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වෙමින් සතුටු කදුළු හෙළන ආකාරය මෙම වීඩියෝව මගින් සැබැවින්ම නිරුපණය වන බවයි.

    වසර කිහිපයකට පෙර සිදුවූ සත්‍ය සිදුවීම ඇතුලත් වීඩියෝව ,2021 වසරේ දෙසැම්බර් මාසයේදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ අතර, එය වත්මන් සිදුවීම්වලට සම්බන්ධතාවක් දක්වන්නේ නැහැ.

    එය X මාධ්‍ය ජාලය (කලින් Twitter ලෙස හැඳින්වූ) ඔස්සේ හුවමාරු වූ ආකරයයි මේ.

    තවද වත්මන් නයිජර් මුදල් අමාත්‍යවරයා වන්නේ අහමට් ජිඩෝඩ් වන අතර, 2021 වසරේ දී නයිජර් ජනාධිපති මොහොමඩ් බසූම් විසින් ඔහුව පත් කෙරුණා. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවේ සිටින පුද්ගලයාගේ භෞතික පෙනුම සහ , වත්මන් නයිජර් මුදල් අමාත්‍යවරයාගේ භෞතික පෙනුම සැසඳූ කල ඔහු අහමට් ජිඩෝඩ් විය නොහැකි බව තහවුරු වුණා.

    එමෙන්ම හමුදාව මගින් නයිජර් හිටපු මුදල් අමාත්‍යවරයාට සමාජ ජාලා වල සදහන් ආකාර තර්ජනය කිරීමක් කල බවට කිසිදු පිළිගත් ජාත්‍යන්තර මාධ්‍යයක් වාර්තා කරන්නේ නැහැ .

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැනගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය)

    අවසාන වශයෙන් පැහැදිළි වන්නේ නයිජර් මුදල් අමාත්‍යවරයා සොරාගත් මුදල් සම්බන්ධ ගිණුම් පිළිබඳව ප්‍රශ්න කිරීමේදී හෝ ඝාතනයට ලක් වීම අබියස දී හඬා වැටෙන බවට දැක්වෙමින් සංසරණය වන වීඩියෝව මඟින් එවැනි අ අවස්ථාවක් නිරුපණය නොවන බවයි. එම වීඩියෝවේ දැක්වුණු පුද්ගලයා නයිජර් හිටපු අධිකරණ අමාත්‍යවරයා වන අතර, ඔහු එහිදී සතුටු කදුළු හෙලමින් හඩා වැටෙන්නේ තමන්ව ඉතියෝපියාවේ නයිජර් තානාපති ධුරයට පත්කළ ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වෙමින්. එම සිදුවීමට මෑතකදී සිදු වූ හමුදා අත්පත් කර ගැනීම්වල සම්බන්ධයක් නැහැ. එය මීට වසර කිහිපයකට පෙර සිදුවූ සිද්ධියක් .

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-08-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.