Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    NPP දේශපාලනඥයින් කිහිපදෙනෙකුගේ වයස් බව සඳහන් කරමින් වයිරල් වන ව්‍යාජ සටහන් පෙළක්!

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-13
    11 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලනඥයන් 11 දෙනෙකුගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ඡායාරූප යොදා ගනිමින් සකස් කළ සටහන් පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලනඥයන් 11 දෙනෙකුගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ඡායාරූප යොදා ගනිමින් සකස් කළ සටහන් පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. එයින් පෙන්වා දෙන්නේ, අදාළ දේශපාලනඥයන් 12 දෙනාගේ වයස් අවුරුදු 70 සිට 78 දක්වා බවත්, ඒ සියල්ලන්ම වයසින් 75 පැන ඇති බවත් ය. මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට අපි පියවර ගත්තෙමු.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “මේ ඔක්කොටම වයස 65 විතරක් නෙමෙයි 75ත් පැනලා” යන තේමාවෙන්, ජාතික ජන බලවේගයේ දේශපාලනඥයින් 12 දෙනෙකුගේ ඡායාරූප ඉදිරියෙන් “මට 78 යි” වැනි ආකාරයෙන් වයස ද සටහන් කරමින්, නිර්මාණය කර තිබූ කෙටි වීඩියෝවකට අනුව අදාළ දේශපාලනඥයින්ගේ වයස්, පහත සඳහන් පරිදි සඳහන් කර තිබිණ.

    වීඩියෝවේ ඡායාරූප ඉදිරියෙන් දැක්වුණේ වයස් පමණි; නම් සඳහන් කර නොතිබූ බැවින් ඡායාරූප හඳුනාගනිමින් අපි පහත නම් සඳහන් කළෙමු. පිළිවෙළ වීඩියෝවේ ඡායාරූප පෙළගැස්ම (ඉහළ සිට පහළට, වමේ සිට දකුණට) අනුව වේ.

    ජාතික ලැයිස්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා (78), නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි (77), ජාතික ලැයිස්තු මන්ත්‍රී අබූබකර් අතම්බාවා (77), නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ (76), ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා (77), අමාත්‍ය අනුර කරුණාතිලක (76), අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි (76), අමාත්‍ය සුනිල් කුමාර ගමගේ (76), නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් (75), මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි (75), අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත (73), නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල (70)

    NPP දේශපාලනඥයින් 12 දෙනෙකුගේ වයස් සඳහන් කර ඇති වෛරල් ෆේස්බුක් වීඩියෝවේ දර්ශනයක්

    Facebook | Archived

    මෙම වීඩියෝවේ ම ඡායාරූප සහිත සටහන් ද මීට මාස කිහිපයකට පමණ පෙර සිට ද හුවමාරු වී තිබු අතර TikTok හි ද වයිරල් වී තිබුණා.

    දේශපාලනඥයින්ගේ ඡායාරූප සහ වයස් සඳහන් Voice of People ෆේස්බුක් සටහනේ තිර රූපය
    දේශපාලනඥයින්ගේ වයස් සඳහන් කර ඇති වෛරල් සමාජ මාධ්‍ය වීඩියෝවේ තවත් තිර රූපයක්

    Facebook සටහන | Facebook ඡායාරූපය | FB

    සත්‍ය වශයෙන්ම අදාළ දේශපාලනඥයින් 12 දෙනා වයස අවුරුදු 75 පැන ගිය පිරිසක් ද යන්න විමසා බැලීමට අපි පියවර ගත්තෙමු.

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    වීඩියෝවේ සඳහන් කර ඇති දේශපාලනඥයින් අතරින් ටිල්වින් සිල්වා හැර අනෙකුත් සියලු දෙනාම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයින් බැවින් ඔවුන්ගේ ජීව දත්ත තොරතුරු පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ පළ කර තිබේ. ඒ ඔස්සේ සමාජ මාධ්‍ය සටහනේ පැවසෙන වයස් පරීක්ෂා කිරීමට පියවර ගත්තෙමු.

    පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය වයස් සත්‍යාපනයට විශ්වාසදායක මූලාශ්‍රයක් වන්නේ ඇයි?

    ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක අංශයේ ඉහළම ආයතනය වන පාර්ලිමේන්තුව, එහි මන්ත්‍රීවරුන්ගේ නම, තනතුර, දිස්ත්‍රික්කය හෝ ජාතික ලැයිස්තුව, පක්ෂය සහ උපන් දිනය එම මන්ත්‍රීවරයාගේ ම නමින් ඇති නිල පැතිකඩ පිටුවක පළ කරයි (රිස්වි සාලි මහතාගේ පිටුවේ උපන් දිනය නොමැත). අප පරීක්ෂා කළ පිටු 10 දීම (2026 ඔක්තෝබර් 13) උපන් දිනය සඳහන් වූ අතර, ඒවා පිළිබඳ අප විමසූ ජා.ජ.බ. පක්ෂ ප්‍රකාශකයා ද එම තොරතුරු නිවැරදි බව සඳහන් කළේය. එබැවින් උපන් දිනය සහිත පාර්ලිමේන්තු නිල පැතිකඩ පිටු අපගේ ප්‍රධාන මූලාශ්‍රය විය.

    පාර්ලිමේන්තු නිල තොරතුරුවලට අනුව දේශපාලනඥයින් 10 දෙනාගේ සැබෑ වයස් වීඩියෝවේ දැක්වෙන වයස්වලට වඩා අඩුය

    ජාතික ලැයිස්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා: ජාතික ලැයිස්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත්වූ දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයායි මෙතනින්. වීඩියෝවට අනුව වයස අවුරුදු 78ක් ලෙස සඳහන් වුව ද, පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට අනුව ඔහු උපත ලබා ඇත්තේ 1967 ජූලි 26 වැනිදා. ඒ අනුව ඔහුගේ වයස අවුරුදු 59කි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ පැතිකඩ පිටුවේ තිර රූපය

    ජාතික ලැයිස්තු මන්ත්‍රී අබූබකර් අතම්බාවා: වීඩියෝවේ වයස අවුරුදු 77ක් ලෙස සඳහන් වුවද, ඔහු උපත ලබා ඇත්තේ 1968 ජනවාරි 28 වැනිදා ය. ඒ අනුව ඔහුගේ වයස අවුරුදු 58කි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අබූබකර් අතම්බාවා මහතාගේ පැතිකඩ පිටුවේ තිර රූපය

    නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ: වීඩියෝවේ වයස අවුරුදු 76ක් ලෙස සඳහන් ව ඇතත්, පාර්ලිමේන්තු වෙබ් අඩවියට අනුව ඔහු උපත ලබා ඇත්තේ 1967 දෙසැම්බර් 24 වැනිදා ය. ඒ අනුව ඔහුගේ වයස අවුරුදු 58කි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ පැතිකඩ පිටුවේ තිර රූපය

    අමාත්‍ය අනුර කරුණාතිලක: වීඩියෝවේ වයස අවුරුදු 76ක් ලෙස සඳහන් ව ඇතත්, ඔහු උපත ලබා ඇත්තේ 1967 දෙසැම්බර් 31 වැනි දා ය. ඒ අනුව ඔහුගේ වයස අවුරුදු 58කි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ පැතිකඩ පිටුවේ තිර රූපය

    අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි: වීඩියෝවේ වයස අවුරුදු 76ක් ලෙස සඳහන්ව තිබුණ ද පාර්ලිමේන්තු වෙබ් අඩවියට අනුව ඔහු උපත ලබා ඇත්තේ 1972 ජූලි 21 වැනිදා ය. ඒ අනුව ඔහුගේ වයස අවුරුදු 54කි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ පැතිකඩ පිටුවේ තිර රූපය

    අමාත්‍ය සුනිල් කුමාර ගමගේ: වීඩියෝවේ වයස අවුරුදු 76ක් ලෙස සඳහන් වුවත්, ඔහු උපත ලබා ඇත්තේ 1966 අප්‍රේල් 16 වැනිදා ය. ඒ අනුව ඔහුගේ වයස අවුරුදු 60කි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ පැතිකඩ පිටුවේ තිර රූපය

    නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්: වීඩියෝවේ වයස අවුරුදු 75ක් ලෙස සඳහන් වුවද, පාර්ලිමේන්තු වෙබ් අඩවියට අනුව ඔහු උපත ලබා ඇත්තේ 1967 අගෝස්තු 9 වැනි දාය. ඒ අනුව ඔහුගේ වයස අවුරුදු 59කි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතාගේ පැතිකඩ පිටුවේ තිර රූපය

    මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි: සමාජ මාධ්‍ය වීඩියෝවේ වයස අවුරුදු 75ක් ලෙස සඳහන් වුව ද, ඔහු උපත ලබා ඇත්තේ 1965 අප්‍රේල් 4 වැනිදා ය. ඒ අනුව ඔහුගේ වයස අවුරුදු 61කි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාගේ පැතිකඩ පිටුවේ තිර රූපය

    නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල: වීඩියෝවේ වයස අවුරුදු 70ක් ලෙස සඳහන් වුවත් පාර්ලිමේන්තු වෙබ් අඩවියට අනුව ඔහු උපත ලබා ඇත්තේ 1967 දෙසැම්බර් 16 වැනිදා ය. ඒ අනුව ඔහුගේ වයස අවුරුදු 58කි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතාගේ පැතිකඩ පිටුවේ තිර රූපය

    අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත: වීඩියෝවේ වයස අවුරුදු 73ක් ලෙස සඳහන් වුවද, පාර්ලිමේන්තු වෙබ් අඩවියට අනුව ඔහු උපත ලබා ඇත්තේ 1964 අගෝස්තු 18 වැනිදා ය. ඒ අනුව ඔහුගේ වයස අවුරුදු 62කි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතාගේ පැතිකඩ පිටුවේ තිර රූපය

    ඉහත වයස් ගණනය කර ඇත්තේ 2026 ඔක්තෝබර් 13 දිනට වන අතර, ඒ අනුව, සමාජ මාධ්‍ය වීඩියෝවේ සඳහන් කර ඇති මන්ත්‍රීවරුන් 10 දෙනාගේ වයස් නිවැරදි නොවන බව අපගේ කරුණු පරීක්ෂාවේදී අනාවරණය විය.

    පාර්ලිමේන්තු නිල උපන් දින අනුව ඔවුන්ගේ වයස් අවුරුදු 54 සිට 62 දක්වා වන අතර, වීඩියෝවේ දැක්වෙන වයස්වලට වඩා එය අවුරුදු 11ත් 22ත් අතර ප්‍රමාණයකින් අඩුය

    ඉහත දේශපාලනඥයින්‌ගේ වයස පිළිබඳව අපි ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් සිදු කළ විමසීමකදී එහි මාධ්‍ය සම්බන්ධීකාරක ද සඳහන් කළේ, වීඩියෝවේ සඳහන් වයස් නිවැරදි නොවන බවයි. එමෙන්ම, පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ සඳහන් තොරතුරු නිවැරදි බව ඔහු තහවුරු කළේ ය.

    නියෝජ්‍ය කථානායක රිස්වි සාලිගේ සහ ටිල්වින් සිල්වාගේ වයස්

    කෙසේ වෙතත්, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ උපන් දිනය පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ සඳහන් කර නොමැත. අප පරීක්ෂා කළ Wikipedia සහ Manthri.lk පිටුවල ද ඔහුගේ උපන් දිනයක් සඳහන් නොවේ. 2024 වසර සිදුකර තිබු සම්මුඛ් සාකච්ඡාවක දී ද රිස්වි සාලි මහතා පවසන්නේ ඔහු 1986 වසරේ සිට වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ බවයි.

    සමාජ මාධ්‍ය වීඩියෝවේ සඳහන් පරිදි නියෝජ්‍ය කථානායකවරයාගේ වයස අවුරුදු 77ක් ද යන්න පිළිබඳ අප කළ විමසීමකදී අදාළ NPP මාධ්‍ය අංශය සඳහන් කළේ වීඩියෝවේ දැක්වෙන වයස නිවැරදි නොවන බවත්, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා උපත ලබා ඇත්තේ 1958 දෙසැම්බර් 1 වැනිදා බවත්, ඒ අනුව, මේ වනවිට වෛද්‍ය රිස්වි සාලි මහතාගේ වයස අවුරුදු 67ක් බවයි. ඔහුගේ උපන් දිනය සනාථ කරන ස්වාධීන ලිඛිත මූලාශ්‍රයක් අපට සොයාගත නොහැකි වූ බැවින්, මෙය පක්ෂ ප්‍රකාශකයාගේ ප්‍රකාශයක් ලෙස පමණක් සලකන්න.

    මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු නොවන බැවින්, ඔහුගේ තොරතුරු පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ඇතුළත් කර නොමැත. ඒ අනුව, ඔහුගේ උපන් දිනය සහ වයස තහවුරු කිරීම සඳහා පිළිගත හැකි ලිඛිත මූලාශ්‍ර පරීක්ෂා කිරීමට අපි පියවර ගත්තෙමු.

    2025 මාර්තු 20 වැනිදා පළ කළ අප විසින් සිදු කරන ලද කරුණු පරීක්ෂාවකදී, ටිල්වින් සිල්වා මහතා තමන් 1956 වසරේ උපත ලැබූ බවත්, 1983 කළු ජූලිය වන විට තමන්ට වයස අවුරුදු 27ක් පමණ වූ බවත් සඳහන් කර තිබුණි. තව ද, Daily Mirror වෙබ් අඩවියේ 2026 පෙබරවාරි 23 වැනිදා පළ වූ ලිපියක ද ඔහුගේ උපන් දිනය 1956 පෙබරවාරි 26 වැනිදා ලෙස සඳහන් කර තිබේ.

    මේ අතර, ජනතා විමුක්ති පෙරමුණෙන් කළ විමසීමේදී ද පක්ෂය ප්‍රකාශ කළේ සමාජ මාධ්‍ය වීඩියෝවේ ටිල්වින් සිල්වා මහතාගේ වයස අවුරුදු 77ක් ලෙස සඳහන් කිරීම අසත්‍යක් බවත්, 1956 වසරේ උපත ලැබූ ඔහුගේ, මේ වන විට සැබෑ වයස අවුරුදු 70ක් බවයි. ඒ අනුව, ඉහත මූලාශ්‍රවල සඳහන් උපන් දින තොරතුරු සහ පක්ෂයෙන් ලබාගත් තොරතුරු අනුව, වීඩියෝවේ ඔහුගේ වයස සම්බන්ධයෙන් දක්වා ඇති ප්‍රකාශය නිවැරදි නොවේ.

    සාරාංශය: සමාජ මාධ්‍ය සටහනේ වයස් සහ සැබෑ වයස් සංසන්දනයක්

    #දේශපාලනඥයාපක්ෂයවීඩියෝවේ වයසසැබෑ වයස (උපන් දිනය)තොරතුරු මූලාශ්‍රය
    1සුගත් වසන්ත ද සිල්වා (ජාතික ලැයිස්තු මන්ත්‍රී)ජාතික ජන බලවේගය7859 (1967 ජූලි 26)පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය
    2වෛද්‍ය රිස්වි සාලි (නියෝජ්‍ය කථානායක)ජාතික ජන බලවේගය7767* (1958 දෙසැම්බර් 1)ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය
    3අබූබකර් අතම්බාවා (ජාතික ලැයිස්තු මන්ත්‍රී)ජාතික ජන බලවේගය7758 (1968 ජනවාරි 28)පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය
    4උපාලි සමරසිංහ (නියෝජ්‍ය අමාත්‍ය)ජාතික ජන බලවේගය7658 (1967 දෙසැම්බර් 24)පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය
    5ටිල්වින් සිල්වා (ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්)ජනතා විමුක්ති පෙරමුණ7770 (1956 පෙබරවාරි 26)ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රකාශය, පුවත්පත් ලිපියක් සහ ජනතා විමුක්ති පෙරමුණ
    6අනුර කරුණාතිලක (අමාත්‍ය)ජාතික ජන බලවේගය7658 (1967 දෙසැම්බර් 31)පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය
    7හිනිදුම සුනිල් සෙනෙවි (අමාත්‍ය)ජාතික ජන බලවේගය7654 (1972 ජූලි 21)පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය
    8සුනිල් කුමාර ගමගේ (අමාත්‍ය)ජාතික ජන බලවේගය7660 (1966 අප්‍රේල් 16)පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය
    9ටී. බී. සරත් (නියෝජ්‍ය අමාත්‍ය)ජාතික ජන බලවේගය7559 (1967 අගෝස්තු 9)පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය
    10ලක්ෂ්මන් නිපුණ ආරච්චි (මන්ත්‍රී)ජාතික ජන බලවේගය7561 (1965 අප්‍රේල් 4)පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය
    11කේ. ඩී. ලාල් කාන්ත (අමාත්‍ය)ජාතික ජන බලවේගය7362 (1964 අගෝස්තු 18)පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය
    12සුනිල් වටගල (නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ)ජාතික ජන බලවේගය7058 (1967 දෙසැම්බර් 16)පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය

    ඉහත වයස් 2026 ඔක්තෝබර් 13 දිනට ගණනය කර ඇත. වීඩියෝවේ වයස් සැබෑ වයස්වලට වඩා අවුරුදු 7 සිට 22 දක්වා වැඩි ය.

    රිස්වි සාලි මහතාගේ උපන් දිනය පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ සඳහන් නොවේ. එය ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය ලබා දුන් තොරතුරකි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ සහ වෙනත් පිළිගත හැකි මූලාශ්‍රවල පළ කර ඇති උපන් දින තොරතුරු අනුව, වීඩියෝවේ සඳහන් දේශපාලනඥයින්ගේ සැබෑ වයස්, සමාජ මාධ්‍ය වීඩියෝවේ දක්වා ඇති වයස්වලට වඩා අඩු බවයි.

    2026 ඔක්තෝබර් 13 දිනට, වයිරල් සටහන්හි දැක්වෙන මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගේ වයස් අවුරුදු 54 සිට 62 දක්වා වන අතර, ටිල්වින් සිල්වා මහතාගේ වයස අවුරුදු 70ක් ද, රිස්වි සාලි මහතාගේ වයස පක්ෂ ප්‍රකාශකයාට අනුව අවුරුදු 67ක් ද වේ. ඒ අනුව, අවුරුදු 65ට වැඩි වයසේ සිටින්නේ මේ දෙදෙනා පමණි. වයිරල් සටහනේ දැක්වෙන 12 දෙනාගෙන් කිසිවෙකුට අවුරුදු 75 පැන නැත. ඒ අනුව වයිරල් සටහන්හි සඳහන් වයස් අසත්‍ය වේ.

    Result Stamp

    Title: NPP දේශපාලනඥයින් කිහිපදෙනෙකුගේ වයස් බව සඳහන් කරමින් වයිරල් වන ව්‍යාජ සටහන් පෙළක්!

    Fact Check By: Sagarika Chathumali

    Result: False

    Fact Crescendo ශ්‍රී ලංකා WhatsApp චැනලයට එක්වන්න
    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2026-10-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.