Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    “දැනට වැටුණ ඡන්ද ප්‍රතිඵල” ලෙස නොමග යන සටහන් පෙළක්!

    2025-05-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2025 පළාත් පාලන මැතිවරණය හෙවත් පුංචි ඡන්දය ලෙස හඳුන්වන මැතිවරණය අද(06) දිනයේ දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන වලදී පැවැත් වුණා. නිල ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කිරීමටත් මත්තෙන්, ජය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    2025 පළාත් පාලන මැතිවරණය හෙවත් පුංචි ඡන්දය ලෙස හඳුන්වන මැතිවරණය අද(06) දිනයේ දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන වලදී පැවැත් වුණා. නිල ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කිරීමටත් මත්තෙන්, ජයග්‍රහණය කර ඇති පක්ෂ සහ එහි ප්‍රතිශත ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පෙළක සත්‍යතාව සොයා බැලීමට අප කටයුතු කළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : 

    දැනට වැටුන ඡන්ද වලින් ප්‍රතිශත දක්වමින් ජයග්‍රහණය කර ඇති පක්ෂ ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වූයේ මේ අයුරින්.

    Facebook | Archived Link

    Facebook | Archived Link

    Facebook | Archived Link

    මෙලෙසින් ප්‍රතිඵල නිකුත් වී ඇත්දැයි යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියරව ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    2025 පළාත් පාලන මැතිවරණයට අදාළ මැතිවරණය අද (06) පෙරවරු 7ට ආරම්භ වී පස්වරු 4ට අවසන් වුණා.  දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් ඇතුළු මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් 75,589 දෙනෙකු තරග වැදුණි. 

    මෙවර මැතිවරණයේ දී පාළත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් 8,287 දෙනෙකු තෝරාගනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

    අද දින ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී ආරම්භ වු අතර සවස 4 වන විට බොහෝ දිස්ත්‍රික්කවලින් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත පසුගිය ජනාධිපතිවරණයට මෙන්ම, පාර්ලිමේන්තු මැතිවරණයන්ට සාපේක්ෂව අඩු අගයක තිබු බව වාර්තා වී තිබුනා.

    කෙසේ වෙතත් මේ වන විටත් නිල ඡන්ද ප්‍රතිඵල ලබා දීම මැතිවරණ කොමිසම හරහා සිදු නොවුණු බැවින් අප මේ පිළිබඳ මැතිවරණ කොමිසමෙන් විමසීමක් කළා.

    මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (සැලසුම්) චන්න ද සිල්වා මහතා පැවසුවේ, මේ වන විට ඡන්ද ගණන් කිරීම ඇතැම් මධ්‍යස්ථාන වල ආරම්භ කර ඇති අතර තවමත් නිල ඡන්ද ප්‍රතිඵල ලබා දී නොමැති බවයි. 

    කෙසේ වෙතත් ඡන්ද මධ්‍යස්ථාන වල පක්ෂ නියෝජිතකයින් සිටින බැවින් ඔවුන් හරහා එක් එක් කොට්ඨාශ වල ඡන්ද ප්‍රතිඵල නිකුත් විය හැකි බව ත්, නමුත් සමස්ථ වශයෙන් මැතිවරණ ජයග්‍රහණය සිදු කර ඇති පක්ෂ ලෙසට මෙතෙක් එම නියෝජතයන්ට ද, පැවසිය නොහැකි බැවින් සෑම විටම මැතිවරණ කොමිසම හරහා නිකුත් කරන ඡන්ද ප්‍රතිඵල මත පමණක් විශ්වාසය තබන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියා.

    ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති තුමා ද කරුණු දක්වමින් පවසා සිටියේ, මැතිවරණ කොමිෂන් සභාව විසින් තහවුරු කර මාධ්‍ය වෙත නිකුත් කෙරෙන නිල ඡන්ද ප්‍රතිඵල වෙත රැඳී සිටින බවයි. එම ප්‍රකාශය මෙතනින්.

    සමාජ මාධ්‍ය ඔස්සේ පළකෙරෙන නිල නොලත් ඡන්ද ප්‍රතිඵල විශ්වාස නොකරන ලෙස  මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ද අප සමඟ මීට දින කිහිපයකට පෙර කරුණු දක්වා සිටියේ මෙලෙසින්.

    https://www.tiktok.com/@factcrescendosl/video/7500256293186260240

    or

    https://www.tiktok.com/@factcrescendosl/video/7500256293186260240

    පසුගිය මහ මැතිවරණයේ දී ද ඡන්ද විමසීම අවසන් වූ වහාම මේ ආකාරයේ ඇතැම්විට උපහාසාත්මක කෝණයෙන් ද එක් එක් පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිශත ලෙස ව්‍යාජ සටහන් හුවමාරු වූ අතර ඒ පිළිබඳව අප එවිට සිදුකළ කරුණු විමසුමක් පහතින්.

    නිල නොලත් මැතිවරණ ප්‍රථිඵල සටහන් රැසක්!

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    දැනට වැටුන ඡන්ද වලින් ප්‍රතිශත ලෙස මෙන් ම ජයග්‍රහණය කර ඇති පක්ෂ ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය වන බවට මැතිවරණ කොමිසම පවසනවා. මෙතෙක් නිල ප්‍රතිඵල ලබා දීම සිදු නොවූ අතර මීට සුළු මොහොතකට පෙර ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද ගණන් කිරීම ආරම්භ වී තිබෙනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-05-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.