Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් නැත

    2024-09-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පවතින නීතිමය ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස අධිකරණය විසින් ඔහුව තාවකාලික වැඩ තහනමකට ලක්කර ඇත .මේ වාතාවරණය තුල ඔහු සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ මාධ්‍

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පවතින නීතිමය ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස අධිකරණය විසින් ඔහුව තාවකාලික වැඩ තහනමකට ලක්කර ඇත .මේ වාතාවරණය තුල ඔහු සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පැවති.

    සමාජ මාධ්‍ය පළ කිරීම්

    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් මේ වන විට රටින් පිට සිටින බවට සමාජ මාධ්‍ය ජාලා වල පළවෙමින් පවතී.

    වෙබ්|සංරක්ෂණය කර ඇත

    අපි මේ ගැන කරුණු විමසා බැලීමට තීරණය කළා.

    කරුණු පරීක්ෂා කිරීම

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා නොමැත:

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මූලාශ්‍ර පිළිබඳ සොයා බැලූ අපට  දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ඇති බවට වන  විශ්වාසදායක වාර්තා කිසිවක් හමු  නොවීය. සාමාන්‍යයෙන්, පොලිස්පතිවරයා රටින් පලා යාම වැනි ඉහළ පෙළේ සිදුවීමක් ප්‍රධාන ප්‍රවෘත්ති ආයතන මගින් ආවරණය කරයි  නමුත් එවැනි වාර්තා හමු නොවීය

    මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ  ප්‍රකාශය:

    මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් එම කටකතා,සමාජ ජාලා සටහන්  ප්‍රතික්ෂේප කරමින් අපට පැවසුවේ එම රාවයන්  සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින බව අප වෙත තහවුරු කළ ඔහු ඊයේ සවස් වරුවේ  ඔහුව පෞද්ගලිකව හමුවූ බවද සඳහන් කළේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය:

    දේශබන්දු තෙන්නකෝන් තවමත් ශ්‍රී ලංකාවේ සිටින බව තහවුරු කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව වෙත ද අප සම්බන්ධ විය. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතා පදනම් විරහිත බවත් තෙන්නකෝන් රටින් පැන ගොස් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    නිගමනය:

    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ඇති බවට කරන ප්‍රකාශය අසත්‍යයකි. තෙන්නකෝන් මහතා මේ වන විට දිවයිනේ සිටින බව මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා මෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද තහවුරු කර ඇත. කිසිදු පිළිගත හැකි සාක්ෂියක් කටකතාවට සහාය නොදක්වන අතර, එය සමාජ මාධ්‍යවල පැතිර යන වැරදි තොරතුරු සඳහා තවත් උදාහරණයක් ලෙස පෙනේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-09-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.