Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Daraz ආයතනයේ අර්ධකාලීන රැකියා අවස්ථා ඇති බවට පළ වන වෙළඳ දැන්වීම් ඇත්තක් ද?

    2023-08-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙරට ප්‍රධාන මාර්ගගත වෙළඳපොළක් වන Daraz හි රැකියා ඇබෑර්තු ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කරන වෙළඳ දැන්වීම් පෙළක් අපට පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබෙනවා. මෙය සත්‍ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මෙරට ප්‍රධාන මාර්ගගත වෙළඳපොළක් වන Daraz හි රැකියා ඇබෑර්තු ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කරන වෙළඳ දැන්වීම් පෙළක් අපට පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබෙනවා. මෙය සත්‍ය වශයෙන් ම Daraz ආයතනය විසින් පළ කරන ලද රැකියා අවස්ථාවන් ද, යන්න පිළිබඳ බොහෝ පිරිසක් විමසීම් සිදු කළා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Daraz ආයතනය සමග එකතු වී නිවසේ සිට රැකියාවක් කරන්න https://www.Darazc.com/register?codeNumber=684368

    Facebook | Archived Link

    එම සටහන් සංසරණය වී තිබූ තව ත් අවස්ථා මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

    Daraz ආයතනයේ රැකියා අවස්ථා ඇති බව ට සඳහන් කළ ප්‍රවර්ධන සටහන් ද අපට බහුලව දැක ගන්නට ලැබුණා.

    මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමසා අපට ලැබුණු ඉල්ලීම් ද, මුල් කරගනිමින් මේ පිළිබඳව විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් ම Daraz නිල ෆේස්බුක් පිටුවේ හෝ එම වෙබ් අඩවියේ ඉහත සටහන් වල දැක්වෙන ලෙස රැකියා අවස්ථාවන් පළ වී තිබුණේ ද, යන්න පරීක්ෂාවක් සිදු කළා. 

    Daraz | Archived Link

    නමුත් එවැනි රැකියා ඇබෑර්තු සම්බන්ධයෙන් අපට දැක ගන්නට නොලැබුණි.

    මේ හේතුවෙන් අප  Daraz මූලස්ථානයෙන් මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, Daraz ආයතනයේ එවැනි පළ කිරීමක් සිදු නොකළ බව ත්, එලෙසින් ප්‍රවර්ධනය කරන අර්ධකාලීන සම්බන්ධ රැකියා සියල්ල අසත්‍ය තොරතුරු බවයි.

    සාමාන්‍යයෙන්  තම ආයතනය විසින් රැකියා සම්බන්ධයෙන් දැනුම්දෙනු ලබන්නේ Daraz වෙබ් අඩවියෙන් සහ නිල ෆේස්බුක් ගිණුම හරහා වන බවයි . එමෙන් ම ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි වංචනික අසත්‍ය තොරතුරු වලට හසු නොවන ලෙසයි.

    2012 දී දියත් කරන ලද Daraz දකුණු ආසියාවේ ප්‍රමුඛතම අන්තර්ජාල ඊ-වාණිජ්‍ය( E – Commerce)  වෙළඳපොළයි. පාකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මියන්මාරය සහ නේපාලය තුල මෙය ක්‍රියාත්මක වේ.

    Daraz සතුව විකුණුම්කරුවන් 30,000 ක් සහ වෙළඳ නාම 500 ක් පවතින අතර  කලාපය පුරා මිලියන 5 ක පාරිභෝගිකයින්ට ඔවුන් සේවය කරනු ලබයි. ඉලෙක්ට්‍රොනික උපකරණවල සිට ගෘහ භාණ්ඩ, රූපලාවන්‍ය, විලාසිතා, ක්රීඩා උපකරණ සහ සිල්ලර බඩු වැනි අයිතම බොහොමයක් ඔවුන් විසින් අන්තර්ජාලය හරහා  අලෙවි කරන  දේවලට ඇතුළත් .Daraz Alibaba Group විසින් 2018 මැයි මාසයේදී අත්පත් කර ගන්නා ලදී. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ මෙරට Daraz ආයතනයේ රැකියා ඇබෑර්තු ඇති බවට සඳහන් කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රවර්ධන සටහන් Daraz ආයතනය විසින් පළ නොකරන බව ත්, එම සටහන් සියල්ල අසත්‍ය බවයි. Daraz ආයතනය පවසන්නේ, එවැනි රැකියා ඇබෑර්තු ඇත්නම් ඒවා සම්බන්ධයෙන් නිල Daraz වෙබ් අඩවියේ පළ කරන බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-08-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.