Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මෙරට සියලු සුරා සැල් දින 16ක් වසා දැමීමට තීරණය කර නොමැත !

    2024-06-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොමග යන සුළු ශීර්ෂ පාඨ ඇතුළත් කරමින් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, පුවත් පළ කිරීම සුලබව දක්නට ලැබෙනවා. තම පාඨකයින් ඇදබැඳ තබා ගැනීම මෙහි අරමුණ වූවත්, බොහෝ පුද්ගලයන් මේ ඔස්සේ නොමග යන අතර මෙවැනි පු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    නොමග යන සුළු ශීර්ෂ පාඨ ඇතුළත් කරමින් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, පුවත් පළ කිරීම සුලබව දක්නට ලැබෙනවා. තම පාඨකයින් ඇදබැඳ තබා ගැනීම මෙහි අරමුණ වූවත්, බොහෝ පුද්ගලයන් මේ ඔස්සේ නොමග යන අතර මෙවැනි පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු කර ගන්නවා. එලෙසින් පළ වූ පුවතක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    සුරා සැල් දින 16ක් වසා තබන බවට සඳහන් කර තිබූ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර පහතින්.

    මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළේ, මෙරට දින 16ක් පුරා සියලු සුරාසැල් වැසෙන බවට පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්නයි. 

    ඒ අනුව කළ පරීක්ෂාවේදී තහවුරු වූයේ, මුළු දිවයිනේම සුරාසැල් වසා තබන බවට පුවත් වාර්තා නොවූවත්, රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වීම හේතුකොට ගෙන ජූලි මස 06 වැනිදා සිට ජූලි 22 වැනිදා දක්වා කතරගම ප්‍රාදේශී ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති සුරාසල් වසා තැබීමට තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇති බවයි. 

    තව ද, උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත්  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 3ක එනම්,  මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හා මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් වල සියලුම බලපත්‍රලත් සුරාසැල් පොසොන් සතිය තුළ වසා තබන ලෙස ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ  මාධ්‍ය ධාරා වාර්තා මෙතනින්.

    අප මේ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවෙන්ද, විමසීමක් කළ අතර ඔවුන් ද, තහවුරු කළේ, දින 16ක් මුළු දිවයිනේ ම සුරාසැල් වසා දැමීමේ තීරණයක් ගෙන නොමැති බවයි.

    කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍ය ජාලා වල පෙන්වා දුන් පරිදි, හිරු News නිල පුවත් ෆේස්බුක් පිටුවේ එලෙසින් පුවතක් පළ කර තිබුණේ ද, යන්න පිළිබඳ අප කළ පර‍ීක්ෂාවේදී තහවුරු වූයේ, එම මාධ්‍ය ආයතනය විසින් එලෙසින් නොමග යන සුළු අන්දමින් එම ශීර්ෂ පාඨය සමගින් පුවතක් පළ කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    කෙසේවෙතත් මෙම සටහන සඳහා එක් කර තිබූ සබැඳිය මගින් එම පුවත් වෙබ් අඩවියේ මීට අදාළ ලිපිය පළ කර තිබූ අතර එහි ලිපියේ සත්‍ය පුවත වාර්තා කර තිබුණත්, ඉහත ෆේස්බුක් සටහනට එක් කර තිබූ පුවත් සබැඳිය නොමැතිව මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් හුවමාරු කර ගැනීම තුළින් බොහෝ දෙනෙකු නොමග ගොස් තිබුණේ මෙය මුළු දිවයිනේ ම සුරා සැල් වසා තැබීමේ තීරණයක් ගෙන ඇති බවටයි.

    මීට පෙර වසර වලදීද, දින 16ක් කතරගම ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි බලපත්‍ර ලත් සියලු සුරාසැල් වසා තැබීමේ තීරණයක් සුරාබදු දෙපාර්තමේන්තුව ගත් අතර ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ,දිවයිනේ සුරා සැල් දින 16ක් වසා තබන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් නොමග යවන සුළු බවයි. රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වීම හේතුකොට ගෙන කතරගම ප්‍රාදේශී ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති සුරාසල් ජූලි මස 06 වැනිදා සිට ජූලි 22 වැනිදා දක්වා දින 16ක් වසා තැබීමේ තීරණයක් එම සුරාබදු කොමිසම විසින් ගෙන ඇති බවයි. ඇතැම් මාධ්‍ය ආයතන මුළු දිවයිනේම සුරාසැල් වසා දමන බවට හඟවමින් පළ කර තිබූ ශීර්ෂ පාඨ හේතුවෙන් බොහෝ පුද්ගලයන් මේ ඔස්සේ නොමග ගොස් තිබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-06-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.