Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මැදපෙරදිග රැකියා ලබා දෙන බවට පවසා සිදු කරන අවයව ජාවාරමක් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු හැඟවීමක් සිදු කළා ද?

    2023-05-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දෙනෙක් විදේශ රටකට සංක්‍රමණය වී රැකියා කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. ඒ අතරින් මැද පෙරදිග බලා රැකියාවන් සොයා පිටත් වන පිරිස බහුල වේ. මෙවන් පසු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකාවේ උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දෙනෙක් විදේශ රටකට සංක්‍රමණය වී රැකියා කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. ඒ අතරින් මැද පෙරදිග බලා රැකියාවන් සොයා පිටත් වන පිරිස බහුල වේ. මෙවන් පසුබිමක් තුළ, මැදපෙරදිග කලාපයේ රැකියා ලබා දෙන බවට පවසා අවයව ජාවාරම්, මිනිස් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් විසින් අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව පළ වූ සටහනක නිරවද්‍යතාව සම්බන්ධයෙන් Fact Crescendo අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මැදපෙරදිග සිදු කරන අවයව ජාවාරමක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    “අවයව ජාවාරම: එක්සත් ජාතීන්ගේ අනතුරු ඇඟවීම

    මිනිස් සිරුරේ කොටස් සඳහා කළු වෙළඳපොල “මැද පෙරදිග” වේගයෙන් වර්ධනය වෙමින් පවතී. වකුගඩුවක මිල ඩොලර් 262,000; හදවත ඩොලර් 119,000 සහ අක්මාව ඩොලර් 157,000 වේ. (ටපල ගන්න එපා, මේ ඩොලර් හොදේ)

    ඔබව විදේශගත කිරීමට පොරොන්දු වන ව්‍යාජ විදේශ ආයතන වලින් පරිස්සම් වන්න. ඔවුන් ඔබේ ලිපි ලේඛන සකස් කර, ඔබේ ගුවන් ටිකට්පත් ගෙවා ඔබට රැකියාවක් සොයා දෙන බව පවසමින්, ඔබව විදේශයකට ගෙන යයි. නමුත් ඔවුන් ඔබව මරා දමා, ඔබගේ ශරීරයේ සියලුම වටිනා කොටස් ලබා ගනී. 

    මැදපෙරදිග රැකියා සදහා පිටව ගිය බොහෝ දෙනෙකු මේ දක්වා ඔවුන්ගේ පවුල්වලට සොයා ගැනීමට නොහැකි වී තිබේ.

    ජීවිත බේරා ගැනීමට SHARE කරන්න”

    Facebook | Archived Link

    මෙම පණිවිඩය ඉංග්‍රීසි මාධ්‍යයෙන් WhatsApp ඔස්සේ ද, බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    ෆේස්බුක් සටහනක් මෙතනින්. Archived Link

    මෙම පණිවිඩය හේතුවෙන් බොහෝ මැදපෙරදිග රැකියා සඳහා පිටත් වන පුද්ගලයන් කලබලයට පත් වී තිබීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාව පිළිබඳ සොයා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම පණිවිඩයේ නිරවද්‍යතාව පිළිබඳ පරීක්ෂා කිරීමට අප ප්‍රථමයෙන් ඉහත ඉංග්‍රීසි මාධ්‍යයෙන් දක්වා තිබූ පණිවිඩයේ සඳහන් වී තිබූ සබැඳිය අප පරීක්ෂා කළා. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධාන වෙබ්අඩවියේ එම සබැඳිය දැක්වෙන වෙබ් පිටුවේ ලේඛනයක් නොමැති බව (Page or document not found) එනම් එම සබැඳිය දෝෂ සහිත බව දක්වනු ලබයි. 

    ඉන්පසු, අප අයව ජාවාරම සම්බන්ධයෙන් ඉහත සඳහන් සටහනේ “Keyword” භාවිතා කරමින්, එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවියේ එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණේ ද යන්න පරීක්ෂා කළත් අපට එලෙසින් අනතුරු හැඟවීමක තොරතුරු හමු නොවුණි.

    තව දුරටත් මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා ඉහත දක්නට ලැබෙන එක්සත් ජාතීන්ගේ සංවිධාන වෙබ්අඩවියේ සබැඳිය සංරක්ෂිත අනුවාදයක්, තිබුණේ ද, යන්න පිළිබඳ ව අප පරීක්ෂා කළා.

    එහිදී අපට දැක ගන්නට ලැබුණේ,  ඉන්ද්‍රිය ජාවාරම සහ පුද්ගලයන් ජාවාරම පිළිබඳ 2011 දී පිහිටුවන ලද ක්‍රියාකාරී කණ්ඩායම්හි ප්‍රතිචාරය පිළිබඳ වාර්තාවක් එහි දක්වා ඇති බවයි. නමුත් ඉහත පණිවිඩයේ සඳහන් ලෙස අවයව ජාවාරමක් මැදපෙරදිග සිදු කරන බවට අනතුරු හැඟවීමක් දක්වා නොතිබුණි.

    එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවියේ ඉහත සබැඳියේ සංරක්ෂිත වී තිබූ අනුවාදය පහතින්.

    Archived Link

    එක්සත් ජාතීන්ගේ සංවිධානය-පාකිස්තානය, AFP වෙත සඳහන් කර ඇත්තේ, සමාජ ජාලාවල වේගයෙන් පැතිරෙන අනතුරු ඇඟවීම ව්‍යාජ බව ට තහවුරු කළ හැකි බවත්, එම පණිවිඩය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කළ අනතුරු ඇඟවීමක් නොවන බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ AFP වාර්තාව මෙතනින්.

    එමෙන්ම නයිජීරියාවේ ද මෙවැනි සමාජ මාධ්‍ය පළ කිරීම් ව්‍යාප්ත වී ඇති අතර නයිජීරියාවේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) නිලධාරියෙකු වන Ikechukwu Attah මෙම අවයව ජාවාරම සම්බන්ධයෙන් මැදපෙරදිගට සංක්‍රමණය වීමට කැමැත්තෙන් පසුවන නයිජීරියානුවන්ට අනතුරු ඇඟවූ බවයි නයිජීරායානු මාධ්‍යවේදීන් වාර්තා කර තිබුණේ.

    නමුත්, එම එම නිලධාරියා විසින් බීබීසීයට අවධාරණය කර තිබුණේ, තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බවත් සමාජ මාධ්‍ය පළ කිරීම් ව්‍යාජ ඒවා බවත්ය. කෙසේ වෙතත්, ඔවුන් මිනිස් ජාවාරමට ගොදුරු වූ සිය ගණනක් නයිජීරියානුවන්ට උදව් කළ නමුත් එවැනි අවයව බද්ධ කිරීමේ සිදුවීම් හා සම්බන්ධව කටයුතු නොකළ බව ඔහු බීබීසීයට වැඩිදුරටත් පැහැදිලි කර තිබුණා. එම බීබීසී වාර්තාව මෙතනින්. Archived Link

    Read in English : This Is NOT A Statement Issued By The UN Regarding Organ Trafficking In Middle East Region!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    රැකියා ලබා දෙන මුවාවෙන් විදේශික ශ්‍රමිකයන් බඳවා ගැනීමට උත්සාහ කර අවයව ජාවාරම් සඳහා ඔවුන් මරා දමන මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්මක වන කළු වෙළඳපොලේ අවයව එකතු කිරීමේ ජාවාරමක් පිළිබඳව එක්සත් ජාතීන් විසින් අනතුරු හැඟවීමක් නිකුත් කර නොමැති බව අප කළ විමර්ශනයේදී තහුවරු වේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-05-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.