දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මේ වන විට දකුණු කොරියානු සංචාරයක නිරතව සිටිනවා. එම සංචාරය හා සම්බන්ධව විවිධ නොමගයවනසුලු සහ අසත්ය සමාජ ජාලා සටහන් පැතිරෙනවා. ඒ සම්බන්ධව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් මේ.
සමාජ ජාලා සටහන්
කිම් ඉල් සුන් ලෙස හැදින්වෙන දකුණු කොරියාවේ “තේගු” නම් නගරයේ නගරාධිපතිවරයෙක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාරව අතිශය ප්රශංසා කරමින් ප්රකාශයක් නිකුත් කල බව සදහන් සමාජ ජාලා සටහන් පැතිරුණා. කිම් ඉල් සුන්ගේ බවට හැඟවෙන සේයාරුවක්ද එහි දක්වා තිබුණා.

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

කොරියානු ජාතික ව්යාපාරිකයෙක් විසින් අනුර පිලිබදව කල ප්රශංසාවක් ලෙස සමහර සමාජ ජාලා සටහන් පහත අයුරින්ද පැතිර තිබුණා.

මෙම සමාජ ජාලා සටහන්වල ඇති කරුණු සත්යද ??මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check ( සත්ය කරුණු විමසා බැලීම )
මුලින්ම අප අවධානය යොමුකළේ ජවිපෙ නායකයා විසින් රැස්වීමක් පැවැත්වූ තේගු නගරයේ නගරාධිපතිවරයා විසින් ඔහුව පැසසීමට ලක්කළ බවට වන සමාජ ජාලා සටහන පිලිබදවයි.
අප තේගු නගරයේ (Taegu/Daegu) නගරාධිපතිවරයා ලෙස සදහන් කරමින් පළව තිබු සටහනට යොදාගෙන තිබුණු සේයාරුව රිවර්ස් සර්ච් සෙවුමකට ලක්කළ අතර එහිදී අපට දැකගන්නට ලැබුණේ එම සේයාරුවෙන් නිරුපණය වන්නේ කිම් ඉල් සුන් නම් පුද්ගලයෙක් නොව පාර්ක් වොන් සුන් ලෙස හැදින්වෙන කොරියාවේ සියෝල් නගරයේ නගරාධිපතිවරයාව සිටි 2020 වසරේදී සියදිවි නසාගත් දේශපාලන නායකයෙක්ගේ සේයාරුවක් බවයි. ඒ සම්බන්ධ විස්තරයක් මෙතනින්.Archived
ඉන්පසුව අප අවධානය යොමුකළේ තේගු නගරයේ වර්තමාන නගරාධිපතිවරයා කවුරුන්ද යන කරුණ පිලිබදවයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ වත්මන් තේගු නගරාධිපතිවරයා හොන්ග් ජුන්ප්යෝ නම් පුද්ගලයෙක් බවයි. ඒ සම්බන්ධ විස්තරයක් මෙතනින්.Archived
තේගු නගරයේ නගරාධිපතිවරයා විසින් අනුර කුමාරට ප්රශංසා කරමින් සමාජ ජාලා වල සදහන් ආකාරයේ ප්රකාශයක් සිදුකලාද යන කරුණ අප සොයා බැලු අතර ඒ ආකාරයේ කිසිඳු වාර්තාවක් ජාත්යන්තර මාධ්ය ඔස්සේ ද දැක ගන්නට ලැබුනේ නැහැ. ප්රධාන ධාරාවේ මාධ්ය කිසිවක් එය වාර්තා කර නැහැ. ජනතා විමුක්ති පෙරමුණ මාධ්ය අංශය ද පවසන්නේ මෙම සමාජ ජාලා සටහන්වල ඇති කරුණු අසත්ය බවයි.
ඉන් අනතුරුව අප විසින් අවධානය යොමුකරන ලද්දේ අනෙත් සමාජ ජාලා සටහන පිලිබදවයි. එහි දැක්වෙන්නේ කොරියානු මත්ස්ය නිෂ්පාදන සමාගමක හිමිකරුවෙක් අනුර කෙරෙහි පැසසුම් සහගත ස්වරයකින් කතා බහ කරන බවක්. එම සේයාරුවද අප රිවර්ස් ඉමේජ් සෙවුමකට ලක්කළ අතර එහිදී අපට දැකගන්නට ලැබුණේ එය විශ්රාමික සුවයෙන් ගත කරන ආසියානු පිරිමින් නිරුපණය කිරීමට යොදාගන්නා සේයාරූ ගොනු(STOCK IMAGE) ඡයාරුපයක් බවයි. ISTOCK හි එය සොයාගත හැකියි මෙතනින්. Archived
එමෙන්ම එම සේයාරුව වෙනත් විවිධ අරමුණු සදහා සමාජ ජාලාවල යොදාගෙන තිබුණේ පහත අයුරින්.
“When I was diagnosed, no one in my circle had ever heard of Fabry disease. Not even my doctor. That’s why I want to be an advocate of #Fabry disease. To get the information out to new families dealing with Fabry.” — Rin, 67, Japan #FabryAwarenessMonth #FabryDisease #Fin #1FDSM pic.twitter.com/wrNrv5lp0t
— Fabry International Network (@fabryintnetwork) April 3, 2023
ජනතා විමුක්ති පෙරමුණේ මාධ්ය අංශය පැවසුවේ ඉහත සදහන් කල සමාජ ජාලා සටහනේ දැක්වෙන කරුණු ද සම්පුර්ණ අසත්ය බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


