Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පාස්කු ප්‍රහාරය පිළිබඳව චැනල් 4 සැකසූ වාර්තාමය වැඩසටහන අන්තර්ජාලයෙන් ඉවත්කරගෙන නැහැ !

    2023-09-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සැප්තැම්බර මස 5 වන දා රාත්‍රියේ දී (ලංකාවේ වේලාවෙන් පසුදින අළුයම), චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලද ලංකාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වාර්තාමය වැඩසටහන බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. කෙසේ න

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සැප්තැම්බර මස 5 වන දා රාත්‍රියේ දී (ලංකාවේ වේලාවෙන් පසුදින අළුයම), චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලද ලංකාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වාර්තාමය වැඩසටහන බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. කෙසේ නමුත් එම වාර්තා වැඩසටහන විකාශනය වී පැය කිහිපයක සිට සමාජ ජාලා සටහන් පළ වෙමින් තිබෙන්නේ එම වැඩසටහන අන්තර්ජාලයෙන් ඉවත් කරගැනීමට චැනල් 4 නාලිකාව කටයුතු කර ඇති බවක්. මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් තබන විමර්ශනයක්.

    සමාජ ජාලා සටහන් 

    චැනල් 4 නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව පළ කරන ලද වාර්තා වැඩසටහන අන්තර්ජාලයෙන්  ඉවත් කරගැනීමට කටයතු කටයුතු කර ඇති බවට සමාජ ජාලා සටහන් පළව තිබුණේ මෙලෙසින් .

    Facebook| Archived

    මෙවැනි සටහන් සදහා සමාජ ජාලා වලන් පළව තිබුණු ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check( සත්‍ය කරුණු විමසා බැලීම) : 

    අප මුලින්ම විමසා බැලුවේ මේ ආකාරයට චැනල් 4 නාලිකාව විසින් වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කරගත් බවට එම නාලිකාව මගින් හෝ වෙනත් දේශීය සහ අන්තර්ජාතික පිළිගත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් පළකර ඇතිද යන කරුණුයි. නමුත් එහිදී අපට දක්නට ලැබුණේ එවන් පුවතක් පළව නොමැති බවයි.

    ඉන් අනතුරුව අප චැනල් 4 නාලිකාවේ නිල වෙබ් අඩවියට ගොස් විමසා බැලු විට දැකගන්නට ලැබුණේ අප මෙම සටහන තබන මොහොත වන විටත් අදාළ වීඩියෝව චැනල් 4 වෙබ් අඩවියේ දක්නට ලැබෙන බවයි. අදාළ වෙබ් පිටුවට පිවිසිය හැකියි මෙතනින් . Archived චැනල් 4 හි Dispatches නම් වැඩසටහනට අදාළ ෆේස්බුක් පිටුවේ ද , සම්පුර්ණ වීඩියෝවේ දිගුව ඇතුළත් විස්තර සමඟින් කෙටි වීඩියෝවක් පලකර තිබුනේ මෙලෙසින්.

    කෙසේ නමුත් චැනල් 4 වෙබ් අඩවියේ පළවන වීඩියෝ , වෙබ් අඩවිය තුලින් නැරඹිය හැක්කේ බ්‍රිතාන්‍ය අන්තර්ජාල පරිශීලකයන්ට පමණයි. මේ පිලිබඳ චැනල් 4 වෙබ් අඩවියේ සඳහන් වී තිබෙන්නේ මෙලෙසින්.

    කෙසේ වෙතත් VPN වැනි ක්‍රම භාවිතාකර වෙනත් භූ ගෝලීය කලාපවල අයටද එම වෙබ් අඩවිය ඔස්සේ වීඩියෝව නැරඹිය හැකි අතර අප ද ඒ ආකාරයට සිදුකළ පරික්ෂාවේ දී ද විනාඩි 47ක වීඩියෝව මේ වන විටත් එම වෙබ් අඩවියේ පළ වී තිබෙනු දැක ගන්නට ලැබුණි. එම වීඩියෝව යූටියුබ් සහ ෆේස්බුක් තුළ ඇතැමුන් පළකර තිබුනේ මෙලෙසින් සහ මෙලෙසින්

    චැනල් 4 වෙබ් අඩවියේ පළවූ වීඩියෝව පිලිබඳ පාර්ශව රැසක් විවිධාකාරයේ මත සහ අදහස් ඉදිරිපත් කර තිබු අතර එහි අන්තරගතය ඇතැම් පාර්ශව තරයේ ප්‍රතික්ෂේප කර තිබු අතර ඒ පිලිබඳ විමර්ශන පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳව ද අදහස් ඉදිරිපත් වී තිබුණා.

    එසේම ඊයේ (අගෝස්තු 6) දින මෙම වාර්තාමය වීඩියෝව පාර්ලිමේන්තුවේ ද උණුසුම් කතාබහට ලක්වූ කරුණක් වූ අතර ඒ පිළිබඳව දැක්වූ අදහස් අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙලෙසින් පවසා තිබුනේ වීඩියෝව වෙබ් අදාළ වෙබ් අඩවියෙන් ඉවත් කරගෙන තිබු බවයි.

    Update: එසේම චැනල් 4 නාලිකාව විසින් මුලින් විනාඩි 50කට ආසන්න වීඩියෝවක් විකාශය කළ බවත්, පසුව එම වීඩියෝවේ විශේෂ කොටස් කිහිපයක් සංස්කරණය කරමින් වීඩියෝවක් පළකර ඇති බවටත් ඇතැමුන් විසින් කරුණු දක්වා තිබුණි. ඒ සඳහා සාක්ෂි වශයෙන්, මෙවැනි ෆේස්බුක් වීඩියෝවන් හි පෙන්වන විනාඩි 50කුත් තත්පර 32 ක පමණ වීඩියෝ ද ඉදිරිපත් කර තිබුණි.

    Channel4 වෙබ් අඩවියේ වීඩියෝවේ වෙලාව විනාඩි 47:09 ක් බැවින් , විනාඩි 50 :32 වීඩියෝවේ වෙනත් වීඩියෝ කොටස් අන්තර්ගත වෙනවා ද යන්න අප පරික්ෂා කළ අතර එහිදී දැක ගන්නට ලැබුනේ මෙම වෙනසට හේතුව සජීවී වීඩියෝවේ දක්වා තිබෙන්නේ චැනල් 4 රුපවාහිනී වැඩසටහනේ, වෙළඳ දැන්වීම් ද සහිතව පළවූ වීඩියෝව හේතුවෙන් බවයි.

    විනාඩි 50ක වීඩියෝවේ සම්පුර්ණ වැඩසටහන තුළ (චැනල් 4 රුපවාහිනි නාලිකාවේ සජීවීව විකාශය වූ වීඩියෝවේ) වෙළඳ දැන්වීම් 3 ක් දැක ගන්නට ලැබෙනවා. එම දැන්වීම් කාල වේලාවන් වනුයේ, පළමු දැන්වීම 15:40 – 16:44 , දෙවන දැන්වීම 30:55 – 31:56 සහ තෙවන දැන්වීම 41:35 – 42:36 ලෙසිනි. මෙම විනාඩි දැන්වීම් 3 හිම එකතුව විනාඩි 3 කට වැඩි වෙලාවක් ගන්නා අතර වෙබ් අඩවියේ තිබෙන දැන්වීම් රහිත විනාඩි 47ක වීඩියෝවේ සහ විනාඩි 50 රූපවාහිනී සජීවී විකාශයේ වේලාවන් වෙනස් වීමට හේතුව එම දැන්වීම් බව ඒ අනුව තහවුරු වෙනවා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය )

    චැනල් 4 නාලිකාව මගින් සකසා විකාශය කර අන්තර්ජාලයට එක් කරන ලද ලංකාවේ පාස්කු ප්‍රහාරය පිළිබද වාර්තා වැඩසටහනේ වීඩියෝව ඔවුන් විසින් අන්තර්ජාලයෙන් ඉවත් කර ගෙන ඇති බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍ය බවයි. එම වීඩියෝව මෙම ලිපිය සටහන් තබන මොහොත වන විටත් චැනල් 4 වෙබ් අඩවියේ පවතිනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-09-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.