Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Coca-Cola, Samsung ආදී සමාගම්හි සන්නාම අවභාවිතා කරමින් හුවමාරු වන වංචනික සටහන් පෙළක් !

    2023-07-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොකා කෝලා ශ්‍රී ලංකා සමාගම මගින් මේ දිනවල මාර්ගගත ක්‍රමය ඔස්සේ තරග පවත්වා, ත්‍යාග ලෙස සුඛෝපභෝගී මෝටර් රථ ලබාදෙන බවට සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  කොකා කෝලා සමාගම මගින් තරග පවත්වා තෑ

    කොකා කෝලා ශ්‍රී ලංකා සමාගම මගින් මේ දිනවල මාර්ගගත ක්‍රමය ඔස්සේ තරග පවත්වා, ත්‍යාග ලෙස සුඛෝපභෝගී මෝටර් රථ ලබාදෙන බවට සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    කොකා කෝලා සමාගම මගින් තරග පවත්වා තෑගි ලෙස මෝටර් රථ ලබාදෙන බවට සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ පහත අයුරින්. එසේම පුද්ගලික ෆේස්බුක් පණිවුඩයක් ඔස්සේ ජයග්‍රහාකයා සම්බන්ධ කරගන්නා බවත්, ජයග්‍රහණය කිරීමට එම සටහනට ‘ලයික්’ කර Facebook කණ්ඩායම් හෝ මිතුරන් වෙත බෙදා ගන්නා ලෙසත් එහි දක්වා තිබුණා.

    Facebook | Archived

    මේ සම්බන්ධයෙන් දක්වා තිබුණු ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    මෙවැනි සටහන් ෆේස්බුක් අවකාශය තුළ තවත් ස්ථානවලද පැතිර තිබෙන තිබු අතර මේ ආකාරයටම Samsung වැනි වෙනත් සන්නාම සම්බන්ධයෙන් ද ත්‍යාග දිනාගැනීමේ අවස්ථාවක් ඇති බවත් ඒ සඳහා ඉහත සටහනේ දැක්වෙන පරිදිම ක්‍රියා කරමින් වැඩිදුරටත් ලයික් සහ ශෙයාර් කරගන්නා ලෙසත් දැනුම් දී තිබිණා. එවැනි සටහනක් මෙතනින්. Archived

    එමෙන් ම තව ත් සටහනක පළ වී තිබුණේ, Daraz Daily Offers වෙතින් තරඟයකින් ත්‍යාග පිරිනමන බවයි.

    Facebook | Archived Link

    Pizza Hut ආයතනය මගින්ද මේ ආකාරයට තෑගී පිරිනමන බවට ව්‍යාජ සමාජ ජාලා සටහන් පැතිර තිබුණා.

    Facebook | Archived

    මේ ආකාරයේ කූට සටහන් මීට පෙර ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර රාජ්‍ය බැංකු ලෙස පෙනී සිටිමින් මෙලෙසින්ම හුවමාරු වූ ව්‍යාජ සටහන් පෙළක් පිළිබඳව අපගේ විමර්ෂණයක් පහතින්.

    රාජ්‍ය බැංකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ෆේස්බුක් පිටු ඔස්සේ හුවමාරු වන ව්‍යාජ තරඟවලින් ප්‍රවේශම්වන්න!

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

    කොකා කෝලා ආයතනයේ නිල සමාජ ජාලා ගිණුම්වල හෝ ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ මේ දිනවල මෙවැනි තරග පැවැත්වීමක් හෝ ත්‍යාග ලෙස මෝටර් රථ ලබාදීමක් පිලිබදව විස්තර ඇතුලත් වී ඇතිද යන කාරණය අප පරික්ෂා කළද එවැන්නක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

    ඉන් අනතුරුව අප විමසා බැලුවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් මෙවන් තරගයක් පිලිබදව ,වෙළෙද දැන්වීම් පළකිරීමක් හෝ වාර්තාකරණයක් හෝ සිදුව ඇතිද යන කාරණයයි. නමුත් එවැන්නක් ද දක්නට ලැබුණේ නැහැ.

    මේ පිළිබඳව අප Coca-Cola ශ්‍රී ලංකා ආයතනයෙන් ඊමේල් හරහා විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කර සිටියේ කොකා-කෝලා සමාගම මේ ආකාරයේ කිසිදු හෝ වැඩසටහනට සම්බන්ධ නැති බව තහවුරු කරන බවයි. එසේම Coca-Cola සමාගම මෙවැනි වැඩසටහනකට අනුග්‍රාහකයෙකු හෝ නොවන අතර සමාගමේ අවසරයකින් තොරව තම සන්නාමය සහ වෙළඳ ලකුණු මෙහි භාවිතා කර ඇති බවත් ඔවුන් දන්වා සිටියා. කොකෝ කෝලා ශ්‍රී ලංකා ආයතනයේ අලෙවි කළමණාකරු මලින්ද සිරිවර්ධන ද එම කරුණු තහවුරු කළා.

    එසේම Samsung Sri Lanka නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ද එම ආයතනය අප සම්බන්ධ කර ගත්තා. ඔවුන් ද තහවුරු කර සිටියේ සිය ආයතනය සම්බන්ධ වී සිදුකරනු ලබන ඉහත ආකාරයේ දිනුම් ඇදීමකින් ත්‍යාග ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ නැති බවත් හුවමාරු වන්නේ වංචනික සටහන් පෙළක් බවයි.

    එමෙන් ම Daraz ආයතනය විසින් එවැනි තරඟයක් පවත්වා නොමැති බව ත් එය අසත්‍ය සටහනක් බවයි ඔවුන් තහවුරු කළේ.

    Pizza Hut ව්‍යාපාර ජාලයද සමාජ ජාලා සටහන්වල ඇති ආකාරයේ තරගයක් සංවිධානය කර නැහැ .

    Read also: සාංවත්සරික දිනුම් ඇදීමකින් Toyota Lanka මඟින් මෝටර් රථ නොමිලේ ලබා දෙන බවට පළවූ සාවද්‍ය සටහන්!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය )

    කොකෝ කෝලා ශ්‍රී ලංකා ආයතනය, Samsung Sri Lanka යනාදී ආයතන මගින් සමාජ ජාලාවල සදහන් ආකාරයේ ත්‍යාග ලෙස මෝටර් රථ, ජංගම දුරකථන ලබාදෙන ප්‍රවර්ධන වැඩසටහනක් මේ දිනවල සිදුකරන්නේ නැත. අප සිදුකල විමසුමේදී ඔවුන් ඒ පිලිබදව තහවුරු කර සිටියා. එම ආයතනයන්හි සන්නාම අවභාවිතා කරමින් හුවමාරු වන්නේ වංචනික ලෙස නිර්මාණය කර තිබු ව්‍යාජ සටහන් පෙළකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-07-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.