Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අයිස් උවදුරෙන් සිංහලයන්ව බේරාගැනීමට නම් නාමල් ජනාධිපතිධුරයට පත්කළ යුතුයි- ඥානසාර හිමි ?

    2022-12-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොදු බල සේනාවේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නිතර සමාජ ජාලාවල කතාබහට ලක්වෙනවා. සමහර අවස්ථාවලදී උන්වහන්සේ විසින් සිදුකල ප්‍රකාශ ලෙස සමාජ ජාලාවල පැ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    බොදු බල සේනාවේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නිතර සමාජ ජාලාවල කතාබහට ලක්වෙනවා. සමහර අවස්ථාවලදී උන්වහන්සේ විසින් සිදුකල ප්‍රකාශ ලෙස සමාජ ජාලාවල පැතිරෙන්නේ උන්වහන්සේ විසින් සැබැවින්ම නොපැවසූ දේවල්. මේ උන්වහන්සේ විසින් සිදුකල ප්‍රකාශයක් ලෙස සමාජ ජාලාවල පැතිරෙන සටහන්  පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    වර්තමානයේ රට මුහුණදී ඇති අයිස් (මත්ද්‍රව්‍ය) උවදුරෙන් සිංහලයන්ව  මුදාගැනීමට නම් නාමල් රාජපක්ෂව ජනාධිපති කල යුතු බවට ඥානසාර හිමියන් විසින් පැවසූ බවක් සමාජ ජාලාවල පැතිර ගියේ මෙලෙසින්.

    Facebook | Archived

    මේ ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් .

    මෙම සටහන් ෆෙස්බුක්වල බහුලව පැතිර තිබුණේ මෙලෙසින්.

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

    අප මුලින්ම විමසා බැලුවේ ඥානසාර හිමියන් විසින් මෙවන් ප්‍රකාශයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට සිදුකර ඇතිද යන කාරණයයි. එහිදී අපට දක්නට ලැබුණේ එවැන්නක් සිදු කල බවට කිසිදු පිළිගත් මාධ්‍ය වාර්තාවක් නොමැති බවයි. එමෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍යක් වන හිරු මාධ්‍යද සමාජ ජාලාවල සදහන් ආකාරයේ මෙවන් පුවතක් වාර්තා කර තිබුණේ නැහැ.

    මේ පිලිබදව අප සමග අදහස් දැක්වූ හිරු ඩිජිටල් අංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ තමන් මෙවැනි පුවතක් පළ නොකළ බව සහ හිරු මාධ්‍ය ලකුණ (logo) අවභාවිත කරමින් කිසියම් පිරිසක් මෙම සමාජ ජාලා සටහන් සකසා ඇති බවයි.

    ඉන් අනතුරුව අප බොදු බල සේනාවේ මාධ්‍ය අංශයෙන්ද විමසු අතර ඔවුන්ද පැවසුවේ ඥානසාර හිමියන් කිසි ලෙසකින් මෙවන් ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

    කෙසේ වෙතත් අයිස් මත්ද්‍රව්‍ය පිලිබදව පුවත්  මේ වන විට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය තුළ බහුලව දක්නට ලැබෙනවා. ඒ සම්බන්ධ වීඩියෝවක් පහලින්.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය ) 

    අප විසින් සිදුකරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ අයිස් වලින් සිංහලයන් බේරාගැනීමට නම් නාමල් රාජපක්ෂව ජනාධිපති බවට පත්කළ යුතු බවට ප්‍රකාශයක් ඥානසාර හිමියන් විසින් සිදුකර නොමැති බවයි. හිරු මාධ්‍යද එවන් පුවතක් වාර්තා කර නැහැ. ඒ අනුව පැහැදිලි වන්නේ මෙම සමාජ ජාලා සටහන් ව්‍යාජ සහ නොමගයවන සුලු ඒවා වන බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:අයිස් උවදුරෙන් සිංහලයන්ව බේරාගැනීමට නම් නාමල් ජනාධිපතිධුරයට පත්කළ යුතුයි- ඥානසාර හිමි ????

    Fact Check By: Kalana Krishantha 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-12-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.