Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජනවාරි සිට කොබෙයිගනේ සමූපකාරය මගින් සහන මිළට සහල් ලබා දෙන බවට පළ වන සටහන් අසත්‍යයි!

    2023-12-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයට හිතවාදී  සමූපකාර සමිති අලලා මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු සටහන් සංසරණය වනවා අපට සුලබව දැක ගන්නට පුළුවන්. එලෙසින් සංසරණය වූ තවත්, සටහනක නිරවද්‍යතාව සෙයා අප සිදු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ජාතික ජන බලවේගයට හිතවාදී  සමූපකාර සමිති අලලා මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු සටහන් සංසරණය වනවා අපට සුලබව දැක ගන්නට පුළුවන්. එලෙසින් සංසරණය වූ තවත්, සටහනක නිරවද්‍යතාව සෙයා අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “මාලිමාවට බලය හිමි කොබෙයිගනේ සමූපකාරයේ නවීනතම සහල් මෝලෙන් හොදම සහල් සහන මිළට ජනවාරි සිට” යනුවෙන් සඳහන් කරමින් එම සහල් මෝලේ ඡායාරූපයක් බවට දක්වමින් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    “මාලිමාවට බලය හිමි කොබෙයිගනේ සමූපකාරයේ සහල් මෝල මගින්. Co-op Rice නමින්, සහන මිළට ජනවාරි සිට සහල්!” යනුවෙන් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී යන්නේ මෙය සත්‍යයක් බවට බොහෝ දෙනා උපකල්පනය කර ඇති බවයි.

    ඉහත සටහන් වල නිරවද්‍යතාවය සොයා බැලීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    කොබෙයිගනේ සමූපකාර සමිතිය විසින් ලබන වසරේ ජනවාරි සිට තත්වයෙන් ඉහළ සහල් ලාබදායි මිලට ලැබෙන බවට පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා වල සඳහන් වී ඇත්ද යන්න පිළිබඳ අප පරීක්ෂාවට ලක් කළා. නමුත් එවැනි පුවතක් වාර්තා වී නොතිබුණි.

    එමෙන්ම කොබෙයිගනේ සමූපකාර සමිතිය විසින් නව සහල් සැකසුම් මධ්‍යස්ථානයක්(මෝලක්) මෑතකදී ඉදිකර තිබුණේ ද, යන්න පරීක්ෂා කළත්, එවැනි තොරතුරක්ද , අප කළ සොයා බැලීමේදී දැකගන්නට නොලැබුණි.

    තවද සහල් මෝලක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ එම ඡායාරූපයේ දැක්වෙන්නේ චීනයේ සැපයුම්කරුවෙකු විසින් ලබාදෙන සතුන්ගේ ආහාර සකසන යන්ත්‍රයක් බවයි. එය Alibaba ඔන්ලයින් වෙළඳපොළෙහි වෙබ් අඩවියේ දක්වා තිබුණේ මෙලෙසින්.

    alibaba

    කොබෙයිගනේ සමූපකාර සමිතියේ සභාපති

    කෙසේ වෙතත් සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන කරුණු වල නිරවද්‍යතාවය විමසා බැලීමට අප කොබෙයිගනේ සමූපකාර සමිතියේ සභාපති පී.එම්. වික්‍රමරත්න සම්බන්ධ කරගත්තා.

    ඔහු  සඳහන් කළේ, ඉහත සඳහන් සමාජ මාධ්‍ය සටහන් සියල්ල ව්‍යාජ බවත්, එය ජාතික ජන බලවේගයට මඩ ගැසීම සඳහා නිර්මාණය කරන ලද අසත්‍ය සටහන් බවයි.

    කෙසේවෙතත් කොබෙයිගනේ විවිධ සේවා සමූපකාර සමිතියට අයත්, දැනට වසර 3 ක් තිස්සේ දැනට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අත් හැර දමා ඇති සහල් මෝලක් පන ගැන්වීම සඳහා අවශ්‍ය මූල්‍යමය, තාක්ෂණික, වෙළෙඳ පොළ පිළිබඳව සොයා බැලීම සඳහා මාලිමාවේ නියෝජිතයින් පිරිසක් පසුගිය දෙසැම්බර් 14 වනදා ද සාකච්ඡාවක් පැවැත් වූ බවත්, ඉදිරියේදී මෙය හැකි ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු  වැඩි දුරටත් සඳහන් කළා.

    කොබෙයිගනේ සමූපකාර සම්බන්ධ කරගනිමින් මීට පෙර ද නොමඟ යවන සුළු සටහන් හුවමාරු වී තිබු අතර එවැනි සටහන් පිලිබඳ අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කොබෙයිගනේ සමූපකාර සමිතිය විසින් එහි ඇති නවතම සහල් මෝලෙන් ලබන ජනවාරි සිට සහන මිලට සහල් ලබා දෙන බවට පළ වන සටහන් අසත්‍ය බවයි. ඒ  බව එම සමිතියේ සභාපති විසින්ද තහවුරු කරනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-12-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.