Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සමගි ජන බලවේගයේ සහකාර ලේකම් ධුරයෙන් හේෂා විතානගේ ඉල්ලා අස්වුණා ද ?

    2022-12-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස කටයුතු කරන්නේ සමගි ජන බලවේගයයි. සමගි ජන බලවේගය පිලිබදව සහ එහි මන්ත්‍රීවරු පිලිබදව නිතර සමාජ ජාලා සටහන් පැතිරෙනවා. ඉන් සමහරක

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස කටයුතු කරන්නේ සමගි ජන බලවේගයයි. සමගි ජන බලවේගය පිලිබදව සහ එහි මන්ත්‍රීවරු පිලිබදව නිතර සමාජ ජාලා සටහන් පැතිරෙනවා. ඉන් සමහරක් නොමගයවන සුලු සහ වැරදි සහගතයි. මේ එවන් වැරදි සහගත සමාජ ජාලා සටහනක් පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ ඔහු පක්ෂය තුළ දරන සහකාර ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ බවට සමාජ ජාලා සටහන් පැතිරුනේ මෙලෙසින්.

    “සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා එම පක්ෂයේ සහකාර ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. එම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත භාර දී තිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ ඇති දුර්වලතා අනුමත නොකරමින් තමන් සමගි ජන බලවේගයට එකතු වුවද එම පක්ෂයේ අන්තර්ගතය එජාපයට වඩා වෙනස් නැති බව ඔහු පවසා තිබේ.

    ක්‍රියාකාරී තරුණයන්ගෙන් දක්ෂතා හා සුදුසුකම්වලට පක්ෂය තුළ සුදුසු තැනක් නොලැබෙන බැවින් තමන් තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද ඔහු සඳහන් කරයි.“

    Facebook | Archived

    ඒ සම්බන්ධයෙන් පරිශීලකයන් දක්වා තිබූ අදහස් කිහිපයක් පහතින්.

    එම සටහන් ෆේස්බුක්වල පැතිර තිබුණේ මෙලෙසින්.

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කරා.

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම ) 

    අප මුලින්ම විමසා බැලුවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් මෙවැනි පුවත් වාර්තා කර ඇතිද යන කාරණයයි.නමුත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ.

    තවදුරටත් මේ පිලිබදව කරුණු විමසා බැලු අපට දක්නට ලැබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ සිය නිල ෆේස්බුක් ගිණුම හරහා සටහනක් පළකරමින් මෙම සමාජ ජාලා සටහන්වල ඇති කරුණු ප්‍රතික්ෂේප කළ බවක්. ඔහු තැබූ ෆේස්බුක් සටහන පහතින්.

    Archived

    සමගි ජනබලවේගයේ මාධ්‍ය අංශයද අප සමග තහවුරු කර සිටියේ පාර්ලිමේතු මන්ත්‍රී හේෂා විතානගේ විසින් මෙවන් ඉල්ලා අස්වීමේ ලිපියක් පක්ෂ නායකත්වය හෝ මහා ලේකම්වරයා වෙත බාරදී නොමැති බව සහ මෙම සමාජ ජාලා සටහන් සම්පුර්ණ වැරදි සහගත බවයි.

     අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය ) 

    සමගි ජන බලවේගයේ සහකාර ලේකම් වරයෙක් වන හේෂා විතාරණ එම තනතුරෙන් ඉල්ලා අස්වූ බවට පළවන සමාජ ජාලා සටහන් අසත්‍ය බව හේෂා විතානගේ මෙන්ම සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශයද තහවුරු කරනවා .

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-12-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.