Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ශිෂ්‍යත්ව විභාගය ලේසී කියා Viral වූ සිසුවාගේ ප්‍රතිඵල පිළිබඳ අසත්‍ය සටහන් පෙළක්!

    කරුණු විමර්ශනය කිරීම
    2026-09-03
    7 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ(2) දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලයට නිකුත් කිරීමත් සමඟ, විභාගය පැවැත්වූ දිනයේ මාධ්‍ය වෙත දැක්වූ අදහස් හේතුවෙන් කැපී

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ(2) දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලයට නිකුත් කිරීමත් සමඟ, විභාගය පැවැත්වූ දිනයේ මාධ්‍ය වෙත දැක්වූ අදහස් හේතුවෙන් කැපී පෙනුණු පාසල් සිසුවෙකුගේ ඡායාරූපයක් යොදාගනිමින් ඔහු ලබා ගත් ලකුණු මට්ටම 193ක් ලෙසට පවසමින් සමාජ මාධ්‍ය තුළ සටහන් සංසරණය වුණා. මෙහි නිර්වද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    FB|FB |FB

    මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම්ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    සමාජ මාධ්‍ය සටහන් වලට හේතු වූ පසුබිම් කරුණු

    මෙම ඡායාරූපයේ සිටින දරුවා 2026 වර්ෂයේ අගොස්තු 09 වන දා ශිෂ්‍යත්ව විභාගය පැවත්වූ දින විභාගය අවසන් වී පාසල් දොරකඩ ළග සිටින මාධ්‍යවේදීන්ට විභාගය ගැන අදහස් දැක්වීම් සිදු කළ සිසුන් අතර සිටි පාස්ල සිසුවෙක් වේ.  එම පාසල් දරුවන් සියල්ල පාහේ විභාගය ඉතාමත් පහසු බව ත්, අදහස් දැක්වීමක් සිදු කළා. ඉහත සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා ඇති දරුවා ඉතා සැහැල්ලුවෙන් “විභාගය හරි ලේසියි, විභාගය Easy-Peasy ලෙස ත්, සිප්පි කෑළි ලෙසත් පවසා තිබුණා. ඔහුගේ එම ප්‍රකාශය නිසා එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ Viral) විය. 

    එමෙන් ම එම විඩියෝවේ එම පාසල් සිදුවා ඇතුළු ඇතැම් සිසුවන්ගේ විභාග අංක ද, දිස් වූ බැවින් මොහු පැවසූ ආකාරයට ම ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඇත්දැයි යන්න පරීක්ෂා කිරීම කළ යුතු බව ද, එම දිනවල ම සමාජ මාධ්‍ය ඔස්සේ අදහසක් මතු වී තිබුණා. 

    Facebook | Archived Link

    විභාගයේ ප්‍රතිඵල ඊයේ දින පැමිණීමෙන් පසු, එම දරුවා ලකුණු 193 ක් ලබා ගෙන ඇති බවට සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා.

    නමුත්, 2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු, විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවේදී ඇය ප්‍රකාශ කළේ, මෙවර විභාගයෙන් සිංහල මාධ්‍යයෙන් දිවයිනේ ඉහළම ලකුණ ලෙස ලකුණු 193 වාර්තා වී ඇති බව ත්, එම ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බවයි.

    එමෙන් ම දෙමළ මාධ්‍යයෙන් දිවයිනේ ඉහළම ලකුණ ලෙස ලකුණු 188 වාර්තා වී ඇති අතර, එය ලබාගෙන ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ සිසුවෙක් බව ත්, සඳහන් කළා.

    කෙසේ වෙතත් වැඩිම ලකුණු ලබා ගත් දරුවන්ගේ නම් ඇතුළු තොරතුරු විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් නොකළ ත්, අදාළ දිස්ත්‍රික්කයේ පවසන බැවින්, මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා එම වැඩිම ලකුණු ලබා ගත් දරුවා පිළිබඳ වාර්තා කර තිබුණා. එහිදී දැක ගන්නට ලැබුණේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවා සහ සත්‍ය වශයෙන් ම ලකුණු 193ක් ලබා ගත් දරුවා සමාන නොවන බවයි.

    ඒ අනුව 2026 ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ ඉහළම ලකුණ වන ලකුණු 193 ලබාගෙන ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව අධ්‍යාපන කලාපයේ ඇහැටුවැව ප්‍රාථමික විද්‍යාලයේ දනෝජ් තීක්ෂණ වීරසේකර සිසුවා වේ.

    නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා ඇති දරුවා සැබවින්ම ලකුණු 193 ක් ලබා ගත් දරුවා නොවන බවට ඒ අනුව තහවුරු වේ. එමෙන් ම විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දරුවා කොළඹ ප්‍රසිද්ධ පාසලක් ඉදිරිපිට අදහස් දැක්වූ දරුවෙකු වේ.

    කෙසේ නමුත්, සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වූ සිසුවාගේ ශිෂ්‍යත්ව විභාග අංකය ඔස්සේ එය අවභාවිත කරමින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලිකයින් ඔහුගේ විභාග ප්‍රතිඵල පරීක්ෂා කරමින් ඔහු ලබා ගත් ලකුණු මට්ටමේ තිර පිටපත්(screenshot) ද, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් උපාහසාත්මක කෝණයෙන් ඔහුව අපහසයට ලක් කර තිබුණා.

    නමුත්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අන්තර්ජාලය ඔස්සේ විභාග ප්‍රතිඵල අවසරයකින් තොරව වෙබ් අඩවි වල සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සපුරා තහනම් බවට ද, දක්වා තිබුණ ද, එය නොතකමින් එම සමාජ මාධ්‍ය සටහන් පළ කර ඇති බවට දැක ගන්නට ලැබේ.

    මේ අතර මෙම සිදුවීමෙන් පසු කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නිවේදනයයක් නිකුත් කරසමින් සඳහන් කරන්නේ, විභාග ප්‍රතිඵල පදනම් කරගනිමින් දරුවන්ව ඩිජිටල් අවකාශය තුළ අපහසුතාවයට, මානසික පීඩාවට හෝ උපහාසයට (Cyberbullying) ලක් කිරීම සපුරා තහනම් බවයි. එවැනි ක්‍රියා ළමා අපයෝජන ගණයට වැටෙන බැවින් ඊට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවට ද අවධාරණය කර ඇත‍.

    අධ්‍යාපන අමාත්‍යාංශය

    මෙම දරුවාගේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ විභාග ප්‍රතිඵල ඔස්සේ පරීක්ෂා කරන බැවින් ඒ පිළිබඳ පියවරක් ගනු ලබන්නේ ද, යන්න පිළිබඳ අප අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමක් කරනු ලැබුවා.

    අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරිය සඳහන් කළේ, විභාග දෙපාර්තමේන්තුව විසින් සඳහන් කළ පරිදි, සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවතට භාජනය වී ඇති දරුවාගේ විභාග අංකයට අනුව ප්‍රතිඵල පරීක්ෂා කිරීම මේ වන විටත්, අවහිර කර ඇති බවයි. කිසිදු සිසුවෙකුගේ ප්‍රතිඵල පරීක්ෂා කිරීම අවහිර කිරීමට හැකියාවක් අමාත්‍යාංශයට හෝ විභාග දෙපාර්තමේන්තුවට නැතත්, එම දරුවාගේ දෙමාපියන් විසින් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි ඇය තහවුරු කළේ.

    එමෙන් ම ලකුණු 193 ක් ලබා ගෙන ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුවෙකු වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ දරුවෙකු නොවන බව ත්, ඇය තවදුරටත් තහවුරු කළා.

    පසුගිය අගෝස්තු මස පැවැත්වුණු ශිෂ්‍යත්ව විභාගයෙන් පසු, ඇතැම් දරුවන් මාධ්‍ය වෙත දැක්වූ අදහස් සමාජ මාධ්‍ය තුළ උපහාසයට ලක්වීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග මධ්‍යස්ථාන අසලදී දරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම පාලනය කරමින් විශේෂ නිල නිවේදනයක් සහ දැඩි අවවාදයක් නිකුත් කර ඇති අතර විභාගය අවසන් වී පැමිණෙන කිසිදු පාසල් දරුවෙකුගේ ප්‍රකාශ පටිගත කිරීම හෝ මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම ඔවුන්ගේ දෙමාපියන්ගේ හෝ විදුහල්පති/ගුරුවරුන්ගේ පැහැදිලි අවසරයකින් තොරව සිදු නොකළ යුතු බවයි ඇය වැඩි දුරටත් පවසා සිටියේ.

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය

    2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු, විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූවා. මෙවර විභාගයේ මූලික කඩඉම් ලකුණ, ලකුණු 139 ක් ලෙස තීරණය වී ඇත.

    මූලික කඩඉම් ලකුණට වඩා වැඩි ලකුණු ලබා ගනිමින් සිසුන් 56,000ක් පමණ මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් වී තිබේ.

    මෙවර විභාගය සඳහා සිසුන් 294,089 දෙනෙකු ලියාපදිංචි වී සිටි අතර, ඉන් 289,867 දෙනෙකු විභාගයට පෙනී සිට ඇත. 

    ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතී නම්, ඒ සඳහා නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවන දිනයන් ඉදිරි දින කිහිපය ඇතුළත විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් නිවේදනය කරන බවට ඇය දැනුවම් දුන්නා.

    දිස්ත්‍රික් මට්ටමින් සිසුන්ට 6 ශ්‍රේණිය සඳහා ජනප්‍රිය පාසල් ලබා ගැනීමට අවශ්‍ය වන නිශ්චිත කඩඉම් ලකුණු මට්ටම් ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද, ඇය සඳහන් කළා.

    පසුගිය වසරවලදී ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා සාමාන්‍යයෙන් දින 40ක් හෝ මාස දෙකකට ආසන්න කාලයක් ගත විය. නමුත් මෙවර සිසුන් 289,867 දෙනෙකුගේ ප්‍රතිඵල දින 24ක් වැනි කෙටි කලකින් සකස් කර අවසන් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

    මේ අතර 2027 වර්ෂයට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2027 අගෝස්තු මස 01 වනදා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් තීරණය කර ඇති බව පසුගිය අගොස්තු 24 වන දා නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2026 ශිෂ්‍යත්ව විභාගය අවසන් වී විභාගය ඉතාමක් පහසු බවට මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළ දරුවා ලකුණු 193ක් ලබා ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බවයි. ලකුණු 193ක් ලබා ගනිමින් දිවයිනෙන්ම ප්‍රථමයා වූයේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මහව අධ්‍යාපන කලාපයේ ඇහැටුවැව ප්‍රාථමික විද්‍යාලයේ දනෝජ් තීක්ෂණ වීරසේකර නමැති පාසල් සිසුවෙකු වේ.

    Result Stamp

    Title: ශිෂ්‍යත්ව විභාගය ලේසී කියා Viral වූ සිසුවාගේ ප්‍රතිඵල පිළිබඳ අසත්‍ය සටහන් පෙළක්!

    Fact Check By: Pavithra Sandamali

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-09-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.