Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    විමල් වීරවංශ පොලිස් අත්අඩංගුවට?

    කරුණු විමර්ශනය කිරීම
    2026-09-23
    3 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මෑතකදී ජාතික නිදහස් පෙරමුණේ (JNP) නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වන්නට විය. මෙහි සත්‍ය අසත්‍යත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    මෑතකදී ජාතික නිදහස් පෙරමුණේ (JNP) නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වන්නට විය. මෙහි සත්‍ය අසත්‍යතාවය සෙවීම සඳහා අප කරුණු විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    එලෙසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඡායාරූපයක් ලෙස දක්වමින් ඡායාරූපයක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබීම හේතුවෙන් මෙය සත්‍ය බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර තිබුණා.

    Facebook | Archived Link

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    විමල් වීරවංශට වරෙන්තු නිකුත් කිරීම

    විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය සැප්තැම්බර් 21 වන දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී වරෙන්තු නිකුත් කෙරිණි. ඒ 2016 වසරේ කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියට අදාළ නඩුව 2026 සැප්තැම්බර් 21 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීම ත්, එහිදී පළමු සැකකරු වන විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි. ඔහුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මෙම වරෙන්තුව නිකුත් කර තිබුණි.

    වරෙන්තුව නිකුත් කිරීමෙන් පසු එදිනම (21) මද වේලාවකින් විමල් වීරවංශ මහතා සිය නීතිඥවරුන් සමඟ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, වාහනයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් නියමිත වේලාවට පැමිණීමට නොහැකි වූ බව ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබුණා.

    ඔහුට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබූ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම පවසා තිබුණේ, මෙම ඉල්ලීම 22 වන දින මෝසමක් මාර්ගයෙන් සිදුකිරීමට පියවර ගන්නා ලෙසයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    කෙසේ වෙතත් මෙම වරෙන්තුව නිකුත් වීම සමග ඉහත සමාජ මාධ්‍ය සටහන්වල පෙන්වා දෙන පරිදි ඔහුව අත්අඩංගුවට ගත් බවට හුවමාරු වී තිබුණා. 

    අප‌ගේ අධිකරණ වාර්තා කරුද, තහවුරු කෙළේ, ඔහුට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවා ඇති බවයි. ඒ අනුව අත්අඩංගුවට ගැනීමක් සිදු නොවීය.

    පොලිස් මාධ්‍ය කොට්ඨාශය

    විමර් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමක් වූයේ ද, යන්න තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප පොලිස් මාධ්‍ය ඒකකයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, විමල් වීරවංශ මහත් අත්අඩංගුවට ගැනීමක් සිදු වී නොමැති බවයි.

    ඡායාරූපයේ පසුබිම

    පසුගයිය සැප්තැම්බර් 21 වන දින වීරවංශ මහතා අත්අඩංගුවට ගත් බවට පෙන්වා දී ඇති ඡායාරූප, මීට පෙර පැරණි සිදුවීමකට අදාළ ඡායාරූපයක් වත්මන් වරෙන්තු නිකුත් වීමේ පුවත සමඟ වැරදි අර්ථකථනයක් ලබාදීමට යොදාගෙන තිබුණි.

    මෙම සිදුවීම 2026 මැයි මාසයේදී රණවිරු සැමරුම් උත්සවයකට බාධා කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාට ප්‍රකාශයක් ලබා දීමට තලංගම පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු ඔහු අත්අඩංගුවට අවස්ථාව දැක්වෙන ඡායාරූපයකි. එම සිදුවීමේදී ද, ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එදිනම ඇප මත මුදා හැර තිබිණි.

    Facebook

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන ඇති බවට පෙන්වා දෙන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වේ. පසුගිය සැප්තැම්බර් 21 වන දා විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කළද, පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු ස්වේච්ඡාවෙන්ම අධිකරණය හමුවට පැමිණ තිබේ. ඒ අනුව ඔහුට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවා තිබුණා.

    Result Stamp

    Title: විමල් වීරවංශ පොලිස් අත්අඩංගුවට?

    Fact Check By: Pavithra Sandamali

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-09-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.