Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Swine Flu වැළඳුණු මාලදිවයින ජාතිකයින් රැසක් Lanka Hospital හි ප්‍රතිකාර ගන්නා බවට පළ වන සටහන් අසත්‍යයි!

    2024-07-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාලදිවයිනේ සිටින රෝගීන් ලංකාවට පැමිණේ. මෙවන් පසුබිමක,  බොහෝ දෙනෙක් අතර WhatsApp ඔස්සේ හුවමාරු වන පනිවුඩයක දක්වා තිබුනේ, සුකර උණ (Swine

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඇතැම් අවස්ථාවන් වලදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාලදිවයිනේ සිටින රෝගීන් ලංකාවට පැමිණේ. මෙවන් පසුබිමක,  බොහෝ දෙනෙක් අතර WhatsApp ඔස්සේ හුවමාරු වන පනිවුඩයක දක්වා තිබුනේ, සුකර උණ (Swine Flu) රෝගයෙන් පෙළෙන විශාල මාලදිවයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි. කෙසේ වෙතත්, Factcrescendo කණ්ඩායම අනාවරණය කරගත්තේ මෙම ප්‍රකාශයන් පදනම් විරහිත බවත්බවයි.

    සමාජ මාධ්‍ය සටහන් : 

    WhatsApp ඔස්සේ බහුලව හුවමාරු වූ මෙම පණිවිඩුයේ සඳහන් වුණේ, ලංකා හෝස්පිටල් එකට මේ දිනවල ප්‍රතිකාර සඳහා නොයන ලෙසයි. ඊට හේතුව ලෙස දක්වා තිබුනේ මාලදිවයිනේ සිට සුකර උණ වැළඳුණු රෝගීන් 200 දෙනෙකු ප්‍රතිකාර ගන්න බව ත්, ඉන් 3 දෙනෙකු පමණ මේ වන විට ත් මිය ගොස් ඇති බව ත්, ඉන් පනස් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ත් ය.

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ ද හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    FB | Archived 

    සිංහල පාඨකයින් අතර ද මෙම සටහන් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    FB | Archived

    මෙහි නිරවද්‍යතාව සොයා කරුණු විමර්ශනය කිරීමට අප පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) : 

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් ම විමසීමක් කළා. ඒ මහතා තහවුරු කළේ ලංකා හොස්පිට්ල් හි සූකර උණ රෝගයක් වාර්තා වී නොමැති බවයි. 

    ඉහත සමාජ මාධ්‍ය පණිවිඩය අසත්‍ය බවත් සූකර උණ වැළඳී ඇති මාලදිවයිනේ කිසිදු රෝගියෙකුට ලංකා හොස්පිටල්හි දැනට ප්‍රතිකාර නොලබන බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළා.

    ලංකා රෝහල 

    ඉහත සමාජ මාධ්‍ය සටහන සම්පූර්ණ අසත්‍ය බව ලංකා හොස්පිට්ල් ආයතනය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. සූකර උණ වැළඳුනු කිසිදු රෝගියෙකු එහි හඳුනාගෙන හෝ ප්‍රතිකාර කර නොමැති බවත්, මෙම කටකතා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවත් රෝහල පැහැදිලි කරනවා.

    FB | Archived 

    මාලදිවයින මාධ්‍ය වාර්තා කිසිවකත් සූකර උණ වසංගත තත්ත්වයක් ගැන කියවෙන්නේ නැහැ!

    මාලදිවයිනේ සූකර උණ රෝගීන් වාර්තා වන බව ට එරට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත් ද, යන්න පිළිබඳවද අප පරීක්ෂා කළ අතර,  එරටින් සූකර උණ වසංගත තත්ත්වයක් ඇති බව ට හෝ එම රෝගීන් ඇති බවට සඳහන් කිසිදු වාර්තාවක් හමු නොවීය. 

    එමෙන් ම මෙවැනි අසත්‍ය තොරතුරක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

    2017 සිට නැවත වරක් හුවමාරු වන පණිවිඩයක්!

    වර්තමානයට සමාන ලෙස, මීට අවුරුදු 7කට පෙර ද ලෝකයේ විවිධ ප්‍රදේශවලින් සූකර උණ පැතිරීම පිළිබඳව කනස්සල්ලක් ඇති වූ අවස්ථාවක දී , ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙසින් බහුලව හුවමාරු වී තිබු පණිවුඩයක් මේ ආකාරයෙන් නැවත වරක් මේ දිනවල සංසරණය වන බව ද අපට දැක ගන්නට ලැබුණා.

    කෙසේ වෙතත්, 2017 දී ද, ලංකා හොස්පිටල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා මෙම ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා. ඔහු එම අවධියේ දී ද පවසා තිබුනේ ඒමේ ප්‍රකාශයන් පදනම් විරහිත බවත් කිසිඳු බාධාවකින් තොරව ලංකා රෝහල මඟින් සිය රෝගීන් වෙත සේවාවන් අඛන්ඩ ලෙස සපයන බවයි.

    සූකර උණ යනු කුමක්ද?

    ඉන්ෆ්ලුවෙන්සා A වෛරස් වර්ගයක් නිසා ඇතිවෙන ශ්වසන රෝගයක් තමයි මේ සූකර උණ කියලා කියන්නේ. ඌරන් ඇතුළු සතුන් සමග සම්බන්ධ වුණත් එමඟින් මිනිසුන්ටත් බලපෑමක් ඇති වන්න පුළුවන්. 2009 වසරේදී එහෙම සිදුවීමක් වෙලා, වසංගතයල ලෙස මේ H1N1 වෛරසය ලොව පුරා පැතිරුණා.

    මෙහි රෝග ලක්ෂණ, උණ, කැස්ස සහ ශරීර කැක්කුම ඇතුළු සාමාන්‍ය ලෙස ඇතිවන ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වලට සමානයි. බොහෝ අය ටික දිනකදී සම්පූර්ණයෙන්ම සුවය ලබන අතර කුඩා දරුවන්, වයස්ගත හෝ දරුණු රෝගාබාධ වලින් පෙලෙන පිරිස් තුළ ඇතැම් අවස්ථාවන්වලදී මේ සූකර උන ඉන්ෆ්ලුවෙන්සාව මගින් දරුනු රෝගාබාධ ඇති විය හැකියි.

    මෙම වෛරසය වැළැක්වීමේ පියවර විදියට එන්නත් කිරීම, දෑත් සනීපාරක්ෂාව සහ ආසාදිත පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා වළක්වා ගැනීම වැදගත් වෙනවා.

    WHO සහ OIE සමඟ සහයෝගයෙන්, FAO, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින්,  සූකර උණ සමීපව නිරීක්ෂණය කරයි. වර්තමානයේ මෙමඟින් මිනිසුන්ට ඇති අවදානම අඩු යැයි සලකනු ලැබුවද, අනාගත වසංගත වැළැක්වීම සඳහා මෙම නිරීක්ෂණ  සංවිධාන සුපරීක්ෂාකාරී වේ.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    මාලදිවයින් ජාතිකයින් 200 දෙනෙකු සූකර උණ රෝගය සඳහා Lanka hospital හි ප්‍රතිකාර ලබන බවට පැතිර යන සමාජ මාධ්‍ය සටහන්, පණිවිඩ සම්පූර්ණයෙන්ම අසත්‍යය සහ නොමග යවන සුළුයි. ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් සහ ලංකා හොස්පිට්ල් යන ආයතන දෙකම එවැනි රෝගීන් නොමැති බව තහවුරු කරයි. මේ ව්‍යාජ පණිවුඩයම, මීට වසර 7 කටත් පෙර ලංකාවේ හුවමාරු වී තිබුණි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-07-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.