Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : කාලීන සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවන්ගේ මතයන් ලෙස ඉදිරිපත් වූ අසත්‍ය සටහන් පෙළක්!

    2020-10-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රිෂාඩ් බදුර්දින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම, ඇඟලුම් කර්මාන්ත ශාලාවක් හරහා කෝවිඩ්-19 අසාදනය ව්‍යාප්තවීම සහ පාතාල නායක මධුෂ්ගේ මරණය වැනි කාලීන සිදුවීම් අළලා සමාජ මාධ්‍ය ජාලයෙහි විවිධ සටහන් ඉදිරිපත්වී තිබුණි. ඉහත සිදුවීම් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ එ

    රිෂාඩ් බදුර්දින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම, ඇඟලුම් කර්මාන්ත ශාලාවක් හරහා කෝවිඩ්-19 අසාදනය ව්‍යාප්තවීම සහ පාතාල නායක මධුෂ්ගේ මරණය වැනි කාලීන සිදුවීම් අළලා සමාජ මාධ්‍ය ජාලයෙහි විවිධ සටහන් ඉදිරිපත්වී තිබුණි.

    ඉහත සිදුවීම් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන්ගේ අදහස් ලෙස ෆේස්බුක් ජාලයෙහි ඉදිරිපත් වී තිබු සටහන් අතරින් බොහොමයක් පිළිබඳව අප සිදු කළ කරුණු  විමර්ශනයේදී සනාථ වූයේ එම සටහන් සාවද්‍ය බවය.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් :

    “යහපාලනයේ දුර්වලකම් තිබුණා. ඒත් කිසිම පාතාල සොහොයුරෙකුට මරණ බය දැනුණේ නෑ.  මදූෂ් මගේ මිත්‍රයා අපි දවසක හමුවෙමු.”වදන් රෝපනය කර, “සුභ  ගමන්  සහොදරය”තේමාවෙන්, ජනතා විමුක්ති පෙරමුණ සන්ධානගත වූ ජාතික ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදුණු විමල් කැටිපෙආරච්චිගේ සේයාරුව රැගත් සටහනක් Dulip Di නමැත්තකුගේ ෆේස්බුක් ගිණුමක ඉදිරිපත් වී තිබුණා.

    FacebookArchived Link

    ජාතික ජන බලවේගය නමැති ෆේස්බුක් පිටුවක  “මධූෂ් ට බාහිර තුවාල සලකුණු කිසිත් නෑ. හිසේ ඉදිරිපසට වෙඩි පහරක් එල්ල වෙලා තියෙන්නේ. මගේ අධිකරණ වෛද්‍ය විද්‍යා දැනුම අනුව කියන්න පුළුවන් ඒ තුවාලයේ ස්වභාවය අනුව එය ඉතා ළඟ සිට ස්වයංක්‍රීය ගිනි අවියකින් කරන ලද වෙඩි තැබීමක්…” කථාංගය රෝපනය කර ජාතික ජනබලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදුණු වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සේයාරුවක් සහිත සටහනක් සහ “88/89 සමයේ  ජවිපේ  අරගලය  වෙනුවෙන් දිවිපිදු අප සහෝදරියගේ  පුතුනුවකු වන  මධුෂ් සහොදරයාට නිවන් සුව පතමු” තේමාවෙන් සටහන් දෙකක් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණි.

    FacebookArchived LinkFacebookArchived Link

    එම තේමාව යටතේම Indika Liyanage නමැති ෆේස්බුක් ගිනුමක ඉදිරිපත් වී තිබු තවත් සටහනකින් පෙන්වා දී තිබුනේ “මධුෂ් ලක්ෂිත සොහොයුරාට විප්ලවීය ආචාරය! – ජනතා විමුක්ති පෙරමුණ” යනුවෙනි

    FacebookArchived

    තවත් එවැනි සටහනකින් පෙන්වා දී තිබුනේ මදුෂ් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූ අයුරු යනුවෙනි. එම සටහන පහතින්

    FacebookArchived Link

    “දේශපාලන පලිගැනීම් එපා. බොරු චෝදනාවකට චෝදනාවකට අත්අඩංගුවට ගත් රිෂාඩ් බදුර්දීන් මහතා වහා නිදහස් කරනු” වදන් සහිතව විරෝධතා රැළියකට එක්වන මෙන් සැකසුණු සටහනක්, “උද්ඝෝෂණය ට පෙල ගැසෙමු.මැදමුලන රාජපක්ෂ මුරුග එකාධිපති පාලනය හෙලා දකිමු.” තේමාවෙන් Nadun Chameera Widana Gamage – Pawel නැමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.

    FacebookArchived Link

    “බෝඩින් වල ගිහින් කට්ටිය එකතු කරනවා නිරෝධායනයට. හමුදාවෙන් ඇවත් අරන් යන්න බල්ලෝ බළල්ලු වගේ” වදන රෝපනය කර ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ගේ සේයාරුව රැගත් සටහනක් “නීරෝධායනයට  අහිංසක මිනිස්සු ගෙනියන්නෙ බල්ලො බලල්ලු වගේ.” තේමාවෙන් Malsha Kavindi නමැති ෆේස්බුක් ගිණුමක සටහනක් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලදී.

    FacebookArchived Link

    Dulip Di නමැති ෆේස්බුක් ගිණුමේ “අපේ බිමල් සහොදරයයට පොල් ගෙඩියක් නිකං දෙන්න එකෙක් නැද්ද බං දැන්.”තේමාවෙන් බිමල් රත්නායකගේ ෆෙස්බුක් පිටුවේ ඉදිරිපත් කර ඇති සටහනක අනුරුවක් සහිත සටහනක්  සහ “මොනාද  අයිසෙ නන්ද සේන  අග්ගල ගෙඩි වගෙ පොල් ගෙඩි දෙන්නෙ රු 70 ට” තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර ඇති සටහනක අනුරුවක් සහිත සටහනක්ද ඉදිරිපත් කර තිබුණා.

    FacebookArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම මෙම ෆේස්බුක් සටහන් ඉදිරිපත් කර තිබූ කරුණු තහවුරු කරගැනීම පිණිස අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය සමග සම්බන්ධ වූයෙමු. අප හා සම්බන්ධ වූ මාධ්‍ය නිලධාරියා ප්‍රකාශ කළේ මදුෂ් ගේ මරණය සහ ජනතා විමුක්ති පෙරමුණ අළලා සාවද්‍ය සටහන් රැසක් නිර්මාණය වී තිබු බවයි.  මදුෂ් ගේ මරණය පිළිබඳව පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා අදහස් දක්වා තිබුනේ මෙලෙසින්

    මධුෂ් සම්බන්ධයෙන් විමල් කැටිපේආරච්චි අළලා ඉදිරිපත් වූ සටහන් වලට ප්‍රතිචාර වශයෙන් “අත්‍යවශ්‍ය කෙටි සටහනක්..” තේමාවෙන් පහත සටහන ඔහුගේ ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබෙනු දැක ගන්නට ලැබුණි.

    https://www.facebook.com/wimalketipeaarachchi/posts/185900899696216
    FacebookArchived Link

    එමෙන්ම වෛද්‍ය නලින්ද ජයතිස්ස අළලා සහ තවත් සටහන් කිහිපයක්ම ඉදිරිපත් කර ඇත්තේ ජාතික ජන බලවේගය නමින් පෙනීසිටින ව්‍යාජ ෆේස්බුක් පිටුවක් බවත්, මෙම ව්‍යාජ පිටුවේ  ජාතික ජන බලවේගය රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස හඳුන්වාදී ඇතැයිද ජාතික ජන බලවේගයේ මාධ්‍ය නිලධාරියා  පවසා සිටියා.

    ජාතික ජන බලවේගය නිල ෆේස්බුක් පිටුව

    මෙම ව්‍යාජ ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර ඇති සටහන් පිළිබඳව ෆේස්බුක් පරිශීලනය කරන්නන් දැනුවත් කරවමින් ජාතික ජන බලවේගය නිල ෆේස්බුක් පිටුවේ ඇති සටහනක්ද නිරීක්ෂණය විය. 

    https://www.facebook.com/nppsrilanka/posts/758571051390088?__cft__[0]=AZUdH7knfZ184GPpPUjmty4YcCssnPvQQ6WEW05jUABj_FNl3XD5d2l2yrZn5aOiKujsBjeuUxaHSEQidxBvNXtnej-ziADCyklRukJdX7paYvuipcFqJMJtaCmQaeyBMQvZt7cq1wk0lw3nVcqQPIs1&__tn__=%2CO%2CP-R
    FacebookArchived Link

    අප හා සම්බන්ධවූ වෛද්‍ය නලින්ද ජයතිස්ස ද තමා මෙවැනි ප්‍රකාශයක් කිසිදු විටෙක, කිසිම ස්ථානයක ප්‍රකාශ නොකළ බව පවසා සිටියා. තවත් එලෙසම පළවූ අසත්‍ය පුවත් පතක ලිපියක ආකාරයෙන් පළවූ සංස්කරණයක් සම්බන්ධයෙන් ද නලින්ද ජයතිස්ස මහතා සටහනක් ඉදිරිපත් කර තිබුනේ “මඩකරියන්ට ඇත්ත පමණක් නොව තමන්ගේ වෘත්තියට හිමි ගරුත්වය පවා අදාල නොවේ” යන තේමාවෙන්

    https://www.facebook.com/DRnalinda/posts/4446564848718823?__cft__[0]=AZXuQ8bpDAUi5ZVRCl0UuVHHZEqhD3ZsDc3nRDSmqO0pfgQp-0jtYQFSB59S3XG4sPcqt5bOTmJqmcBhQw3UImzbASN-rjeAtoNRx6eq8nP9XuuKJUckPUZ7T689qldgZZxk5D_jdcb7WDBM1kGp4Ccf&__tn__=%2CO%2CP-R
    FacebookArchived

    “මධුෂ් ලක්ෂිත සොහොයුරාට විප්ලවීය ආචාරය! – ජනතා විමුක්ති පෙරමුණ” යන තේමාවෙන් ඉදිරිපත් වූ මරණ දැන්වීමද මෙවැනි සටහන් යොදාගනිමින් සංස්කරණ කර තිබු බව පැහැදිලි විය

    එසේම “88/89 සමයේ  ජවිපේ  අරගලය  වෙනුවෙන් දිවිපිදු අප සහෝදරියගේ  පුතුනුවකු වන  මධුෂ් සහොදරයාට නිවන් සුව පතමු” තේමාවෙන් පලවූ ඡායාරුප සටහන සහ මධුෂ්ගේ අවසන් කටයුතු සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් සහභාගී වූ පෙන්වීම සඳහා යොදාගෙන තිබුනේ පසුගිය දා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්ටි ල්වින් සිල්වා මහතාගේ මෑණියන්ගේ අවසන් කටයුතු අතර තුරදී ලබාගත් ඡායාරූප ඇසුරෙන් බව අනාවරණය විය. එම ඡායාරුප පෙළ මෙතනින්

    https://www.facebook.com/media/set/?vanity=anurakumara&set=a.1662712677216506

    පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරියද  පාර්ලිමේන්තුවේදි හෝ මාධ්‍යසාකච්ඡාවකදි හෝ වෙනත් ස්ථානයකදී “බෝඩින් වල ගිහින් කට්ටිය එකතු කරනවා නිරෝධායනයට. හමුදාවෙන් ඇවිත් අරන් යන්නේ බල්ලෝ බළල්ලු වගේ” යනුවෙන් ප්‍රකාශයක් සිදුකර නොමැති බව අප හා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පවසා සිටියා. 

    ඇයගේ නිල ෆෙස්බුක් පිටුව පරීක්ෂා කළවිට පහත ඇති කථාංගය භාෂා තුනෙන්ම ඉදිරිපත් කර තිබුණ සටහන දකීමට හැකිවිය.

    “මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස ගනු ලබන සියළු තීරණ මගේ සහ ජාතික ජනබල වේගයේ නිල ෆේස්බුක් පිටුව හරහා පමණක් සන්නිවේදනය කරනු ලැබේ.

    සීග්‍රයෙන් පැතිර යන අසත්‍ය ප්‍රකාශ සංස්කෘතිය වෙනස් කිරීමට නිල වශයෙන් තහවුරු කල තොරතුරු පමණක්  යොදා ගැනීමට ඔබගේ සහය බලාපොරොත්තු වෙමි.”

    FacebookArchived Link

    Also Read : FACT CHECK: ජාතික ජන බලවේගයේ කාන්තා ක්‍රියාකාරීන් අළලා ඉදිරිපත් කර තිබු සාවද්‍ය සටහන් පෙළක්!

    අඟල් වලින් පොල් ගෙඩි මැනලා නඩු පවරන්න බැරි හේතුව ජාතික ජන බලවේගයේ පාර්ලි‌මේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැහැදිලි කරයි යනුවෙන් පළවූ මෙවැනි සටහන් දැකගත හැකි වුවද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක නිල ෆේස්බුක් පිටුවේ පොල් හිඟය හෝ පොල් මිල පිළිබඳව සටහනක් ඉදිරිපත් කර නොතිබූ අතර ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා පවසා සිටියේද , Dulip Di නමින් පෙනී සිටින තැනැත්තා ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවෙකු ලෙස ෆේස්බුක් ජාලයේ පෙනී සිටිමින්, ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව සහ උපහාසාත්මක සටහන් ඉදිරිපත් කර පක්ෂය අප්‍රසාදයට පත් කිරීමට කටයුතු කරන බවයි

    Conclusion (අවසාන නිගමනය)

    කාලීන සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන්ගේ මතයන් බවට හුවා දක්වමින්, ෆේස්බුක් ජාලයේ මෑතකදී ඉදිරිපත්වු  සටහන්ව පිළිබඳව අප කළ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ එම සටහන් සම්පුර්ණයෙන් අසත්‍ය සහ සාවද්‍ය සටහන්  බවයි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:කාලීන සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවන්ගේ මතයන් ලෙස ඉදිරිපත් වූ අසත්‍ය සටහන් පෙළක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.