Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    රුසියාව ඉන්ධන ලබා නොදෙන බවට බලශක්ති ඇමති ප්‍රකාශ කළාද?

    2022-05-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රුසියානු සමූහ ආණ්ඩුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා මෙරට රුසියානු තානාපති කාර්යාලයෙන් හා රුසියාවෙන් ශ්‍රී ලංකාව ලිඛිත ඉල්ලීමක් කළ බව අසත්‍ය බවට රුසියානු තානාපති කාර්යාලය පැවසූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පතක් මෙන්ම සමාජ මාධ්‍ය සටහන් වලද, පෙන්වා දුන්නා. එහි නිර

    රුසියානු සමූහ ආණ්ඩුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා මෙරට රුසියානු තානාපති කාර්යාලයෙන් හා රුසියාවෙන් ශ්‍රී ලංකාව ලිඛිත ඉල්ලීමක් කළ බව අසත්‍ය බවට රුසියානු තානාපති කාර්යාලය පැවසූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පතක් මෙන්ම සමාජ මාධ්‍ය සටහන් වලද, පෙන්වා දුන්නා. එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “රුසියාව තෙල් නොදෙන බවට බලශක්ති ඇමතිගේ ප්‍රකාශය බොරුවක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය කියයි” යනුවෙන් පුවත් පතක පළ වූ ලිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    එම සටහන් ෆේස්බුක් පරිශිලකයින් විසින් හුවමාරුකර ගෙන තිබූ අයුරු.

    “ඩොලර් 35ට රුසියාව කෙලින්ම දෙන තෙල් නොගනී. දේශපාලනඥයෙකුගේ සමාගමකින් රුසියානු තෙල්ම ගනී” යනුවෙන් සඳහන් කළ ෆේස්බුක් සටහනක් ද මීට සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    Facebook | Archived Link

    එමෙන්ම ඩොලර් 35 ට රුසියානු බොර තෙල් බැරලයක් ලබා ගත හැකි බවට ‘දිවයින’ වෙබ් අඩවියේ දක්වා තිබුණා. එම ලිපිය මෙතනින්. Archived Link

    එම ලිපිය හුවමාරු කර ගත් තවත් අවස්ථාවක් මෙතනින්. Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙවැනි පුවතක් සත්‍ය වශයෙන්ම පුවත් පතක පළ වූවාද යන්න පිළිබඳ අප නිරීක්ෂණය කළ අතර, එහිදී අපට දැක ගන්නට ලැබුණේ, පසුගිය 25 වන දා දිවයින පුවත් පතේ එම ලිපිය සත්‍ය වශයෙන්ම පළ වී තිබූ බවයි. Archived Link

    එම පුවත දිවයින වෙබ් අඩවියේද, පළ වී තිබුණේ මේ අයුරින්. Archived Link

    “ එහි වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ, රුසියානු රජය ශ්‍රී ලංකාවට බොරතෙල් නොදෙන බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම බොරුවක් බව කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පසුගිය (24දා) පැවසූ බවත්, රුසියානු බොරතෙල් ලබාගැනීම ගැන බලශක්ති ඇමැතිවරයා කොළඹ රුසියානු තානාපතිවරයා සමග ද කිසිදු සාකච්ඡාවක යෙදී නැති බවත්, රුසියාව මේ වනවිට ඉන්දීය තෙල් සමාගම් පහකට බොරතෙල් ලබාදී ඇති බවත්ය. නමුත් අද වනතුරු රුසියානු බොරතෙල් ලබාගැනීමට මෙරට බලශක්ති අමාත්‍යාංශය ක්‍රියා කර නොමැති බවත් එම ලිපියේ සඳහන් කරනු ලබයි. ”

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර

    රුසියානු රජය ශ්‍රී ලංකාවට බොරතෙල් නොදෙන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ප්‍රකාශයක් සිදු කළාද යන්න පිළිබඳ අප නිරීක්ෂණය කරනු ලැබුවා.

    නමුත් එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට අපගේ විමර්ශනයේදී දැක ගන්නට නොලැබුණි.

    පසුගිය 24 වන දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේදී, අමාත්‍ය කන්චන විජේසේකර මහතා පවසා සිටියේ, මෙරටට බොරතෙල් හෝ ඉන්ධන ලබා ගැනීම සඳහා පුළුවන් සෑම රටකින්ම ජනාධිපති ඇතුළු අග්‍රාමාත්‍යවරයාද ,හිටපු අග්‍රාමාත්‍යවරයාද, විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ද, ලිඛිතව ඔවුන්ගේ ඉල්ලීම් කර ඇති බවයි. පසුගිය දවසක රුසියානු තානාපති කාර්යාලයෙන් ලිඛිතව ඉල්ලීමක් සිදු කළ බවත්, ජනාධිපති තුමා පෞද්ගලිකවම රුසියානු තානාපතිතුමා මුණගැසී ඉල්ලීමක් කළ බවත්, හිටපු සහ වර්තමාන අග්‍රාමාත්‍ය වරුන් විසින් රුසියාවෙන් ඝෘජුවම, ලිඛිත ඉල්ලීමක් කළ බවත් මෙහිදී සඳහන් කරනු ලැබුවා.

    නමුත් ඒ පිළිබඳ ඒ වන විට(මැයි 24) තෙක් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ. එම වීඩියෝව පහතින්.

    අප මේ පිළිබඳව කංචන අමාත්‍යවරයාගෙන් ද විමසා සිටි අතර, ඔහු සඳහන් කළේ, රුසියාව තෙල් නොදෙන බවට තමන් නොපැවසූ බවත්, එම කැබිනට් තීරණ දැනුම් දීමේ හමුව සිදුවන අවස්ථාවේදී රුසියානූ තනාපති කාර්යාලය විසින් එතෙක් ඒ සඳහා ප්‍රතිචාර නොලැබී ඇති බවක් පැවසූ බවට බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවා.

    ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය

    රුසියානු බොරතෙල් ලබාගැනීම පිළිබඳ බලශක්ති අමාත්‍යවරයා කොළඹ රුසියානු තානාපතිවරයා සමග ද කිසිදු සාකච්ඡාවක යෙදී නැති බවට සඳහන් වූ බවට එම පුවත් පළේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ බැවින් මෙහි නිරවද්‍යතාවය පිළිබඳ විමසීමට අප ඊයේ (27) දිනයේදී රුසියානු තානාපති කාර්යාලයට විද්‍යුත් ලිපියක් යොමු කළ අතර මෙතෙක් ඒ සඳහා පිළිතුරු නොලැබුණි.

    කෙසේ වෙතත් මේ පිළිබඳ මාධ්‍ය වෙතට අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් අනස්ටාෂියා හක්ලෝවා මහත්මිය විසින් සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකාව විසින් රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකර ඇති ඉල්ලීම රුසියාව විසින් සලකා බලමින් සිටින බවත්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මේ සඳහා අවශ්‍ය සහය ලබාදෙන බවත් ඇය විසින් සඳහන් කරන අතර ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක් පැවති බවට පළවන වාර්තාව අසත්‍ය බවත් ඇය වැඩිදුරටත් පවසා තිබුණා.

    බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා ආධාර ඉල්ලා රුසියානු පාර්ශවයට ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ලැබී ඇති අතර, එවැනි අභියාචනා සැබවින්ම රුසියානු සමූහාණ්ඩුවේ රජයට සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයට ලැබුණු බව තහවුරු කළ හැකි බවත්, එහි ප්‍රතිපාදන පිළිබඳ ගැටලු සලකා බලමින් පවතින බවට මෙරට මෙන්ම ජාත්‍යන්තර වාර්තා ද පෙන්වා දුන්නේ, මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    ඒ අනුව පෙනී යන්නේ, රුසියාවෙන් ඉන්ධන මෙරට ලබා ගැනීම සඳහා රුසියාවෙන් ඝෘජුවම මෙන්ම මෙරට රුසියානු තානාපති කාර්යාලය හරහා ලිඛිතව ශ්‍රී ලංකාව විසින් රුසියාවෙන් ඉල්ලා ඇති බවයි.

    රුසියානු බොරතෙල් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් රුසියානු සමූහ ආණ්ඩුව විසින් ප්‍රතිපාදන සපයමින් සිටින බවට රුසියාව පවසා ඇති අතර මෙතෙක් එරට බොරතෙල් ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති අතර කුමන මුදලක් යටතේ බොරතෙල් ලබා දෙන බවට හෝ තීරණයක් ගෙන නොමැති බවට ඉන් පැහැදිලි වේ.

    මෙලෙස අසත්‍ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් අදාළ පුවත් පතට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් පැමිණිල්ලක් කළ බවද සඳහන් කරමින් මේ පිළිබඳව බලශක්ති අමාත්‍යවරයා ට්විටර් පණිවිඩ 3ක් පළ කර තිබුණා.

    ලංකාවට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ අමාත්‍යාංශයට පසුගිය මාසය තුළ යෝජනා 70කට වඩා ලැබී ඇති බවත් සියලුම යෝජනා රජයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් විසින් ඇගයීමට ලක් කර අවශ්‍යතා සම්පූර්ණ වූ පසු LOIs නිකුත් කරනු බවට දෙවන ට්විටර් පණිවිඩයෙන් පවසා තිබුණා.

    බොහෝ යෝජනා තාක්ෂණික අවශ්‍යතා සපුරාලන නමුත් රට සහ බැංකු ශ්‍රේණිගත කිරීම් හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අනුගමනය කළ හැකි ගෙවීම් ක්‍රම සපුරාලීමට අපොහොසත් වූ බවත් සඳහන් කරමින් අසත්‍ය සහ නොමග යවන පුවත් පතුරුවනවාට වඩා ශක්‍ය යෝජනාවක් ඇති ඕනෑම අයෙකුට ඛනිජ තෙල් නීතිගත සංස්ථා හෝ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍ය වරයා වැඩි දුරටත් දක්වා තිබුණේ තෙවන ට්විටර් පණිවිඩයෙනි.

    1Twitter | 2Twitter|3Twitter

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, රුසියාව ඉන්ධන ලබා නොදෙන බවට බලශක්ති ඇමති විසින් ප්‍රකාශයක් සිදු කළ බවට සහ එලෙස සිදු කළ ප්‍රකාශය බොරුවක් බවට කොළඹ රුසියානු තානාපති කාර්යාලය සඳහන් කළ බවට දැක්වෙන ප්‍රකාශන් අසත්‍ය බවයි. මෙරට රුසියානු තානාපති කාර්යාලය මෙන්ම, රුසියානු සමූහ ආණ්ඩුවද, තහවුරු කරනු ලබන්නේ, ශ්‍රී ලංකාවෙන් බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා ආධාර ඉල්ලා ඇති බවයි. එමෙන්ම බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ද, රුසියාව ඉන්ධන ලබා නොදෙන බවට ප්‍රකාශයක් සිදු නොකර ඇති බවට අපගේ විමර්ශනයෙන් තහවුරු වූ අතර අමාත්‍යවරයා ද එය අසත්‍ය බවට ප්‍රකාශ කළා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-05-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.